
බටහිර බෙංගාල මහ ඇමති ලෙස, භාරතීය ජනතා පක්ෂ නායක සුවෙන්දු අධිකාරි ඊයේ (9) දිවුරුම් දුන්නේය. භාරතීය ජනතා පක්ෂය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන හින්දු ජාතිකවාදී පක්ෂයයි. බටහිර බෙංගාල ප්‍රාන්තයේ බලය, භාරතීය ජනතා පක්ෂයට හිමිවූයේ වසර 15 කට පසුවය.
කොල්කටා නුවර පැවති සුවෙන්දු අධිකාරිගේ දිවුරුම් දීමේ උත්සවයට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක මෙන්ම ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන අමිත් ෂා සහභාගී වූහ. දිවුරුම් දීම සිදුවූයේ ආණ්ඩුකාර ආර්.එන්. රවි ඉදිරියේය.භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාලයේ පිහිටුවූ පළමු රජය ලෙස සුවෙන්දු අධිකාරිගේ නව රජය ඉතිහාසයට එක් වනු ඇත.
පසුගිය වසර 15 පුරා බටහිර බෙංගාලය පාලනය කළේ තෘණමූල් කොංග්‍රස් පක්ෂයයි. ඊට නායකත්වය දෙමින්, ගතවුණු වසර 15 පුරා බටහිර බෙංගාල මහ ඇමැතිනිය ලෙස කටයුතු කළේ මමතා බැනර්ජිය.
බටහිර බෙංගාලය ආසන 294 කින් සමන්විතය. මෙවර ප්‍රාන්ත සභා මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේ ආසන 207 ක බලය තහවුරු කනර ගනිමිනි. තෘණමූල් කොංග්‍රසයට හිමි කර ගැනීමට හැකි වූයේ ආසන 80ක් පමණි.
මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී, මමතා බැනර්ජි බලය අත්හැරීම ප්‍රතික්ෂේප කළාය. ඒ, ඡන්ද මංකොල්ලයක් සිදුවුණු බවටත් අක්‍රමිකතා සිදුවුණු බවටත් චෝදනා නගමිනි. එම අවස්ථාවේ, ආණ්ඩුකාර ආර්.එන්. රවි මැදිහත් වුණු අතර, ප්‍රාන්ත සභාව විසුරුවා හැරියේය. ඒ සමග තෘණමූල් පක්ෂ ආධාරකරුවන් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ බවත්, පොලිසිය මැදිහත් වී ඔවුන් විසුරුවා හැරීමට කටයුතු කළ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
නව මහ ඇමැති ලෙස දිවුරුම් දුන් 55 හැවිරිදි සුවෙන්දු අධිකාරි දේශපාලන පවුල් පසුබිමක් ඇති අයෙකි. ඔහුගේ පියා හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංගේ රජයේ මධ්‍යම රජයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කර තිබේ. එමෙන්ම, අධිකාරි මීට පෙර, තෘණමූල් කොංග්‍රස් පක්ෂ සාමාජිකයකු මෙන්ම, බැනර්ජිගේ ගෝලයාය. අධිකාරි, බැනර්ජිගේ රජයේ අමාත්‍ය ධුර හොබවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd