(අංජුල මහික වීරරත්න)

 බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල් රක්ෂණය කිරීම ආරම්භ කළ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවැසීය.

වර්තමානයේ පවතින අවදානම් තත්ත්වයන් කළමනාකරණය කරමින් බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල් සාර්ථකව පවත්වාගෙන යාමට එම ගොවිපළවල් රක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය යටතේ පවතින කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මෙම රක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාවට නැගීම සිදු කරයි.

මෙහිදී බිත්තර වී අක්කර එකක් සඳහා රුපියල් 13600 රක්ෂණ මුදලක් ගෙවිය යුතු  අතර එවිට වගා හානියකදී අක්කර එකක් සඳහා රුපියල් 180000 මුදලක් වන්දි වශයෙන් ගොවියා වෙත ලැබෙනු ඇත.

මෙහිදී ගංවතුර, නියඟය, පාලනය කළ නොහැකි රෝග, පලිබෝධ හා  කෘමි උවදුරු හානි ඇතුළු සියලුම ස්වාභාවික තත්ත්වයන් හේතුවෙන් සිදුවන වගා හානි මෙන්ම වන අලින්ගෙන් සිදුවන වගා හානි ද ආවරණය කර ඇත.