පූසකුගේ අයිතිය ඉල්ලා මහනුවර කාන්තාවෝ දෙදෙනෙක් පොලිසි ගියහ. ගෙයක් කුලියට ගෙන සිටි කාන්තාවක වෙනත් ගෙයකට ගොස් පුසා රැගෙන යාමට ආ අවස්ථාවේ තවත් කාන්තාවක සමග ආරවුලක් හටගෙන ඇත. පූසා තමාගේ යැයි එම කාන්තාව පවසා තිබේ. ගෙය කුලිය ගත් කත ළඟ තිබූ බළල් ලොම් පොලිසියට ඉදිරිපත් කරමින් පූසාගේ අයිතිය තමා සතු යැයි කියා සිටියාය.
පූසා පේරාදෙණිය සත්ව රෝහලට ඇතුළත් කළ පොලිසිය පශු වෛද්‍ය අශෝක දංගොල්ල මහතා ලවා පූසාගේ ලොම් පරික්ෂණයක් කිරිමට යයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලස්සන පූස් පැටියා! දෙන්න හිතෙනවා හාද්දක් (නි)
කාන්තාවන් පූසන්ට හරිම ආදරෙයි. ඒකනේ මේ! (නි)
පූසා රාජසන්තක නම් කරන්න එපා (නි)
දැන් පුසා ඉන්නේ කොහේද අසරණ සතා (නදී)
ප්‍රශ්නයක් ඇති කරගත්තා උනත් මේ දෙන්නගෙම ළඟ මනුස්සකම් තියෙනවා. තමන් ආදරය කරන සතෙක් වෙනුවෙන් සටන් කරනවා.(නදී)
පූසට කියන්න දෙන්නගෙම ඩී.එන්.ඒ ටෙස්ට් එකක් ගන්න කියලා(නදී)
හුණුවටයක් ඇඳලා පරික්ෂාවක් කරමු එහෙනම් (නි)
පිස්සු මිනිස්සු. රටේ වෙන ප්‍රශ්න නැත්නම් හොඳයි ලොම් පරීක්ෂා කර කර පූස් ප්‍රශ්න විසඳන්න. (නි)
පුසාගේ ප්‍රශ්නය හරිම භයානකයි. ගැහැණු බොරුවට රණ්ඩු වෙනවා. (නි)
මේ ගැණු මනුස්සයෝ දෙන්නව පසු වෛද්‍ය පරීක්ෂණයකට භාජයන කළොත් නරකද අර අහිංසක සතාට පාඩුවේ ඉන්න දීලා (බ)
පූසාගේ අයිතිය නිවස දමා ගිය තනැත්තියට අයිති විය යුතුයි. පැහැදිලිවම ඇය දමා ගොස් ඇත්තේ ඒ සමග රැගෙන යා නොහැකි නිසායි. (බ)
මොකද්ද මේ පූස් ප්‍රශ්නය (දිල්)
සුජානි, සිංහල දන්නවනේද? කියවල බලන්නකෝ මොකක්ද ප්‍රශ්නේ කියලා. (බ)