(වයි.ඵ්.ඵස් වීරවංශ සහ සම්පත් ප්‍රියනන්දන)
මාස දෙකකට අධික කාලයක් බලංගොඩ ප්‍රදේශය පුරා පැවති දැඩි නියඟය නිමා කරමින් අද දින සවස 5.00 ට පමණ බලංගොඩ සහ අවට ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබුණු බව ප්‍රාදේශවාසීහු කියති.
මෙම වර්ෂාවත් සමඟ අයිස් කැට ද බිමට පතිත වු බව ප්‍රාදේශවාසීහු වැඩි දුරටත් පවසති.
බලංගොඩ කිරිමැටිතැන්න, යහලවෙල, තොටුපලතැන්න, හපුගහකුබුර, කහටපිටිය, බල්ලපානතැන්න, කැකිල්ල, බටුගමිමන ආදි ප්‍රදේශවලට මෙම වර්ෂාව ලැබි තිබේ.
පැය දෙකකට අධික කාලයක් මෙම වර්ෂාව එක දිගට පතිත වු බව ගම්වාසීහු කියති.
මෙම වර්ෂාවත් සමඟ එම ප්‍රදේශවල විදුලිය ද විසන්ධි වි ගිය අතර පසුව එය යථා තත්වයට පත් වු බව ප්‍රාදේශවාසීහු කියති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd