IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බහරේනයේ ප්‍රධාන මහා මාර්ග සඳහා වසර 20 ක සැළසුමක් සූදානම්ලු

බහරේනයේ ප්‍රධාන මහා මාර්ග ජාලය වෙනුවෙන් 20 වසරක සැළසුමක් සකස් කර ඇති බව වැඩ, නගර සභා සහ නාගරික සැළසුම් කටයුතු අමාත්‍ය එසාම් කාලාෆ් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී හමුවේ අනාවරණය කළේය.


නාගාරීකරණය, ජනගහණ වර්ධනය සහ රථ වාහන තදබදය වැනි කරුණු සම්බන්ධයෙන්ද එම සැළසුමෙන් අවධානයක් යොමු කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.


එසේම රජයේ නව ව්‍යාපෘති සියල්ලම ආරම්භ කරන්නේ තමන්ට පැවරුණු කාර්යයන් නියමිත කාලය තුළ අවසන් කරන බවට ඊට සම්බන්ධ සියලුම අමාත්‍යාංශ අතර එකඟතාවයක් ඇති කරගැනීමෙන් පමණක් පසුව බවද ඔහු වැඩි දුරටත් පැවැසීය. 


“ඊළඟ වසර 20 ක කාලය තුළ මොන පාරවල්ද හදන්නේ කියන එක ගැන පදනම් උපාය මාර්ග අප දැනටමත් සකස් කරලා ඉවරයි” යැයි අමාත්‍ය කාලාෆ් පවසයි.


“නාගරීකරණය නවත්වන්න බැහැ, ජනගහණය වර්ධනය වෙනවා, රථ වාහනය තදබදය හිසරදයක් වෙලා”


“ඒ නිසා අපි ගැටලු සහ මාර්ග නිරාකරණය ගැන අප අවධානය යොමු කරන්න ඕනේ”


රජයේ එකිනෙකට වෙනස් සහයෝගයෙන් වැඩ කිරීමේ නව ක්‍රමය හරහා ජනතාවට ප්‍රතිලාභ අත්වන බවද ඔහු පෙන්වා දුන්නේය.


“අපි මාර්ග සහ අපවහන පද්ධති ඉදිකරනකම් හෝ බලශක්ති අමාත්‍යංශය විදුලිය හෝ විදුලි උපපොළවල් හදනකම් රජයේ නව නිවාස බෙදා දෙන්න නිවාස ඇමැතිට හැකියාවක් නැහැ” යැයි ඔහු පැවැසීය.


“ඒ වගේම තමයි මුස්ලිම් දේවස්ථාන සහ ක්‍රීඩාංගණ වැනි ප්‍රජා ව්‍යාපෘති කරන්නත් අනෙක් අමාත්‍යාංශවලට බැහැ”


“අපි මිනිස්සුන්ගේ ජීවිතය ලෙහෙසි කරන්න ඕනේ... එතකොට තමයි අපේ වැඩ ලෙහෙසි වෙන්නේ”



අදහස් (0)

බහරේනයේ ප්‍රධාන මහා මාර්ග සඳහා වසර 20 ක සැළසුමක් සූදානම්ලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site