(සුජිත් හේවාජුලිගේ )
ඩොලරයේ අගයට සමානුපාතිකව ඖෂධ මිල සාධාරණ ලෙස ඉහළ දැමීමට අවසර දුන් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
මේ අනුව ඖෂධ සැපයීමේ මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ කිරීමට ඖෂධ නිෂ්පාදන සහ බෙදා හැරීම් සමාගම් එකඟවූ බවද ඔහු ප්‍රකාශ කළේය.
ඖෂධ නිෂ්පාදන හා බෙදාහැරීමේ සමාගම් සතුව මාස හතරකට ප්‍රමාණවත් ඖෂධ පවතින බව ඒ සමාගම් දැන්වූයේ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
ඖෂධ නිෂ්පාදන හා බෙදාහැරීමේ සමාගම්වල නියෝජිතයන් හා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතර විශේෂ හමුවක් ඊයේ පැවැත්විණ.
එම නියෝජිතයන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට එකඟත්වයට පැමිණියේ එම සාකච්ඡාවේදීය.
රටේ කිසිදු ඖෂධ හිඟයක් ඇති නොවන බවට තමා සහතික වන්නේ යැයි ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔව් මචන්, අපිට තවම අඩු ෆාමසි පෝලිම විතරයි. ඒකත් හදලා දුන්නා නම් එළකිරිම තමයි.
රටේ ජනතාවගේ ආදායම් වැඩිකරන්න ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න බැරිද? එහෙම නොකර මෙහෙම හැම දෙයක්ම වැඩිකළාම අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතන්න. අපි වියතුන් විශ්වාස කළේ ඒවාට මිසක් අත්‍යාවශ්‍යම දේවල් වැඩිකරන්න නොවෙයි...!
එතකොට දැනට සමාගම් සතුව තිබෙන බෙහෙත් පැරණි මිලටම ජනතාවට ලබාදීමට කටයුතු කළේ නැහැ නේද? එසේ නම්, අඩු මිලට ගෙන ආ බෙහෙත් වැඩිවූ මිලට විකිණීම අසාධාරණයි නේද? සමාගම් මේ ලබන අයුතු ලාභය ගැන කතා නොකරන්නේ මන්ද?
ඔහොම අනුකම්පාවක් නැතිව ඔක්කොම වැඩිකරලා... මිනිස්සුන්ගේ අතට සල්ලි එන විදිහක් තිබේද? දුප්පතුන් නැති කරන්නද යන්නේ...?