බෙල්ල, කිහිල්ල, ඉකිලිය වැනි තැන්වල වසා ග්‍රන්ථියේ හටගන්නා පිළිකාවකින් පෙළෙන තරුණයෙක් (31) පස් වසරක් පුරා මහරගම පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
මාලබේ ආදර්ශ පිරිමි විදුහලේ හා මාතර ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවකු වන කැළුම් නිලන්ත සේරසිංහ ‘හොජ් කින් ලිම්පෝමා‘ (Hodgking’s Lymphoma) රෝගයෙන් පෙළෙයි.
ඔහුට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය Brentuximab vedotin (SGN -35) (බ්‍රෙන්ටුක්සිමැබ්) බෙහෙත් කුප්පි දෙකක් යූරෝ 7800 වන බවත් මෙරටට ගෙන්වීම සඳහා තවත් යූරෝ 6000ක් නැව් ගාස්තු ගෙවිය යුතු බව එම සමාගම පවසයි.
කැළුම් නිලන්තගේ පියා වන එන්.කේ.ඒ.එල් සේරසිංහ මහතා මෙම මුදල් සොයා ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ උපකාර පතයි. ලංකා බැංකුවේ මාලබේ ශාඛාවේ ගිණුම් අංක 4461325 ට ආධාර මුදල් තැන්පත් කළ හැකි අතර වැඩි විස්තර 071 3327903/ 077 7194160 අංක මගින් ලබාගත හැකිය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපේ එකෙක්. උදව් කරන්න පුළුවන් අය හැකි පමණින් උදව් කරයි කියල හිතනවා. දක්ෂ කොල්ලෙක්. (බ)
මේ තරුණයාගේ ජිවිතය බේර ගන්න උදව් කරන්න.(හේ)
ඉතාලියේ ඉන්න , නිවාඩුවට එන අපේ සහෝදර වරුන් එකුතුවෙලා මේක ගෙනත් දෙන්න- ඔබට පින් (හේ)