(කේ බුද්ධික කුමාරසිරි)
මොරගහහේන කුඩාඋඩුව පිං බෙහෙත් ශාලාවේ පවත්වාගෙන ගිය රජයේ ආයුර්වේද මධ්‍යස්ථානයට අද දහවල් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එහි සිටි වෛද්‍යවරියට සහ කාර්ය මණ්ඩලයට මරණ තර්ජනය කර ඔවුන් පළඳ සිටි රන් ආභරණ කොල්ල කා ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
වෛද්‍යවරිය ඇසිඩ් ගසන බවට තර්ජනය කර අනෙක් සේවකයන්ට තියුණු ආයුධය පෙන්වා බියකර මෙම කොල්ලය සිදු කර ඇත.
අදාල වෛද්‍ය මධ්‍යස්ථානය කුඩා උඩුව හන්දිය ආසන්නයේ පිං බෙහෙත් ශාලාවක පවත්වාගෙන යන අතරතුර යතුරු පැදි අනතුරක් සිදු වූ බව පවසමින් කොල්ලකරුවන් පැමිණ ඇති බවත් පසුව වෛද්‍යවරිය වහා ක්‍රියාත්මක වී එම එක් අයකුට ප්‍රතිකාර ලබා දී ඇති බවත් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු වෛද්‍යවරියට ඇසිඩ් පෙන්වා ඇසිඩ් ගසන බවට තර්ජනය කර ඇයගේ ගෙල බැදි රත්‍රං මාලය කොල්ල කා වෛද්‍යවරිය ප්‍රතිකාර කාමරය තුළ සිරකර පලා ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බෙහෙත් ගන්න ඇවිත් වෛද්‍යවරියට සුද්දයක් දාලා
fairoos Tuesday, 04 April 2023 12:42 PM
දොස්තරලා ලෙඩාව සුද්ද කරන එක තමයි හැමදාම උනේ .මේක නම් දෙයියෝ සාක්කි