
(කේ බුද්ධික කුමාරසිරි)
මොරගහහේන කුඩාඋඩුව පිං බෙහෙත් ශාලාවේ පවත්වාගෙන ගිය රජයේ ආයුර්වේද මධ්‍යස්ථානයට අද දහවල් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එහි සිටි වෛද්‍යවරියට සහ කාර්ය මණ්ඩලයට මරණ තර්ජනය කර ඔවුන් පළඳ සිටි රන් ආභරණ කොල්ල කා ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
වෛද්‍යවරිය ඇසිඩ් ගසන බවට තර්ජනය කර අනෙක් සේවකයන්ට තියුණු ආයුධය පෙන්වා බියකර මෙම කොල්ලය සිදු කර ඇත.
අදාල වෛද්‍ය මධ්‍යස්ථානය කුඩා උඩුව හන්දිය ආසන්නයේ පිං බෙහෙත් ශාලාවක පවත්වාගෙන යන අතරතුර යතුරු පැදි අනතුරක් සිදු වූ බව පවසමින් කොල්ලකරුවන් පැමිණ ඇති බවත් පසුව වෛද්‍යවරිය වහා ක්‍රියාත්මක වී එම එක් අයකුට ප්‍රතිකාර ලබා දී ඇති බවත් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු වෛද්‍යවරියට ඇසිඩ් පෙන්වා ඇසිඩ් ගසන බවට තර්ජනය කර ඇයගේ ගෙල බැදි රත්‍රං මාලය කොල්ල කා වෛද්‍යවරිය ප්‍රතිකාර කාමරය තුළ සිරකර පලා ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලා ලෙඩාව සුද්ද කරන එක තමයි හැමදාම උනේ .මේක නම් දෙයියෝ සාක්කි