2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘බහු ජාතික සමාගමට යට වෙන්න එපා‘
දුරන්ග් Wednesday, 09 July 2014 02:37 PM
අහිංසා ඉදිරිපත් කරණ සෑම මතයකටම එකඟ නොවුනත් මේ මතයට නම් 100% ම එකඟ වෙමි. මේ ක්‍රමයට ඔහොමම යං. ලංකාවට ආනයනය කරණ සුදු පාට භාණ්ඩ වර්ග 04 ක් තියනවා. සුදු සීනි, පාන් පිටි, අජින මොටෝ, යුරියා පෝර. මේවා දියවැඩියාව සහ වකුගඩු රෝගවලට හේතු කාරක වනවා. තව අවුරුදු 05 ක් මේවා දිගටම ආනයණය කළොත් ශ්‍රී ලංකාවට අබ සරණම තමා. (නදී)
සෙනරත් Wednesday, 09 July 2014 07:14 PM
කතාව ඇත්ත සල්ලි නොදනිම යන්නේ ඒවාට තමයි (දී)
දුරන්ග් Thursday, 10 July 2014 09:56 AM
ඇන්ඩෝ, ස්තුතියි. මා දන්නා තරමින් "අබ සරණයි" යන වචනය මේ "ජනප්‍රිය සංස්කෘතිය" යටතේ බිහිවූ වචනයක්. අර "පට්ට" කියන වචනය වාගේ. ඉස්සර පට්ට ඉදිරියට දමා අසැබි වචනයකුත් පාවිච්චි වුනානේ. දැන් පට්ට කීවාම හොඳ වචනයක්. මෙහි "අබ සරණ" කියා යෙදී ඇත්තේ යහපතක් නොවන බව හැඟවීමටයි. (ස)
සෝමදාස Wednesday, 09 July 2014 08:08 AM
ඒක නම් හොඳයි නේද? (නි)
ඉසුරන්දි Wednesday, 09 July 2014 09:03 AM
කිහිප දෙනෙක් සටන් වදිනවා මේවා ඕනේ නැහැ කියල. නමුත් වැඩි දෙනෙක් මේවට කැමතියි (නදී)
දිමුතු Wednesday, 09 July 2014 10:02 AM
රසායන ද්‍රව්‍ය අානයනය කිරීම අවුරුදු 6කට තහනම් කල බලමු. වකුගඩු රැක ගනිමු, පිළිකාව නැති කරමු. (ස)
ඇන්ඩෝ Thursday, 10 July 2014 04:41 AM
දුරංග, මම ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ, අබ සරණයි කියන එකේ තේරුම මොකක්ද? (නදී)
නිශාන්ත Wednesday, 09 July 2014 10:36 AM
මුලින්ම නවත්තන්න ඕන තුට්ටු දෙකේ කිරි පිටි. රොඩ්ඩ අපිට දීලා සල්ලි පොකට් ගහනවා. (නදී)
අහිංසා Wednesday, 09 July 2014 11:48 AM
මේ වස විස රසායන පොහොර ආනයනය කරන්නේ ලෝකයේ තියෙන ධනවත් මාෆියා කොම්පැනි කිහිපයක්. මොවුන්ව නතර කරන්න රටේ පාලකයන්ටත් අපහසුවෙලා. රටේ ඉන්න, හිටපු දේශපාලුවෝ රාශියක්ම මේ මාෆියාවන්ගෙන් ජරාව කාලා තියෙනවා. රුපියල් කෝටි ගණන් කොමිස් ගහලා තියෙනවා. කොමිස් ගත්තට පස්සේ අර කොම්පැනි අපේ රටට ගෙන්වන ඕනෑම මාරක රසායනික පොහොරක් මෙහෙදී අනුමත වෙනවා. විෂ රසකාරක, පොහොර විතරක් නොවෙයි. අපේ රටේ පාවිච්චි කරන ඩිසල් වලින් පිටවන දුමෙහි ' පිළිකා කාරක ' තියෙන බව රජයත් පිළිගත්තා. නමුත් වෙනසක් කලාද..? අද වෙනකම් නැහැ. තව දෙයක් අපි මේ වස විෂ පාවිච්චි කිරීම නැවැත්තුවොත් අර මාෆියා මොනවා හරි ලෙඩක් පිටින් ගෙනල්ල දානවා අපේ රටට. ඒ ලෙඩේට බෙහෙත් ඒ කියන්නේ විෂ රසායනික තියෙන්නෙත් අර මාෆියා ළඟ විතරයි. ආයෙත් අපිට අර හොර මාෆියා කොම්පැනිය ලඟට ගිහින්..' අනේ අපිට මේ ලෙඩේට බෙහෙත් ටිකක් දෙන්න..' කියලා ඉල්ලන්න වෙනවා. එහෙම නැති වුනොත් ගොවියාගේ අස්වනු පාලුවෙලා යනවා. දැන් අපේ රටේ පස මැරිලා තියෙන්නේ. අවුරුදු 2 ක් වත් රසායනික පාවිච්චිය නතර කර කාබනික පොහොර යෙදීමට පටන් ගත්තොත් පස ටිකක් හරි ආරක්ෂා කර ගන්න හැකිවේවි. එවිට කඳුකරයේ සිට පහලට බසින ජලයේ දියවිලා තියෙන රසායන ද්‍රව්‍ය ප්‍රතිශතය හුඟක් අඩුවේවි. රජ රට ලොකුම ප්‍රශ්නයක් වෙලාතියෙන වකුගඩු රෝගය පිලිබඳ බියත් ටික ටික අඩුවේවි...නමුත් කවුද මේ පිළියම් කරන්නේ..? (නදී)
කලනි Wednesday, 09 July 2014 02:02 PM
මමත් මේ විරෝධතාවයට එකඟයි (නි)
තරිදු Wednesday, 09 July 2014 02:02 PM
අහිංසා ඉතාම හොඳින් ප්‍රශ්නය විග්‍රහ කර තිබෙනවා. ඔය විෂ රසායනික විකුණන මාෆියාවට අපේ රටේ සිංහල වෙදකම සහ බෙහෙත් පැළෑටි විනාශ කිරීමේ සැළසුමකුත් තිබෙනවා. (නි)