IMG-LOGO

බොහෝ අය මාව නිරූපිකාවක් විදිහට දැන් හඳුනනවා

2016-06-01-ent-43

වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා කිහිපයකින්ම වර්තමානයේ ඔබ හමුවට ආ සෙව්වන්දි ගුණසිංහ මෙවර "සාරවිට" තරු කතා බහට අපි සම්බන්ධ කරගත්තෙමු. වෘත්තිය මට්ටමේ නිරූපිකාවක ලෙස වසර කිහිපයක් තිස්සේ කටයුතු කරන සෙව්වන්දි ඉදිරියේදී රංගන ශිල්පිනියක ලෙස ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ හමුවට පැමිණීමට සූදානමින් සිටින්නීය.

 

2016-06-01-ent-46නිරූපිකාවක් වෙන්න පුංචි කාලේ ඉඳලා සෙව්වන්දිට හීනයක් තිබුණද?

මම ජීව විද්‍යාව අංශයෙන් තමයි උසස් පෙළ හැදෑරුවේ. ඉතින් වෛද්‍යවරියක් වෙන්න තමයි පුංචි කාලෙ හීන මැව්වෙ. ඒත්, විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදි වුණා. ඒ එක්කම වෙළෙද දැන්වීම්වලට සම්බන්ධ වෙන්න අහම්බෙන් අවස්ථාවක් ලැබුණා. ඒ වගේම විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් හඳුනගන්න මට පුළුවන් වුණා. ඒ සම්බන්ධතා මත තමයි නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.

 

සිවු වසරක් තිස්සේ ඔබ නිරූපිකාවක් විදිහට කටයුතු කරනවා?

ඔව්, මම හිතනවා මේ අවුරුදු 4 තුළ මම නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයේ යම් දුරක් ඇවිල්ලා තියෙනවා කියලා. මේ ගෙවුණු කාලය තුළ මම බ්‍රයිඩ්ල් ෂෝ, ෆැෂන් ෂෝ බොහොමයකට සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම බොහෝ පිරිසක් මාව නිරූපිකාවක් විදිහට දැන් හඳුනනවා. මම හිතන විදිහට වර්තමාන ක්ෂේත්‍රය තුළ නිරූපිකාවක් විදිහට මම තැනක් හදාගෙන තියෙනවා.

 

ඉදිරියේදී රංගනය පැත්තටත් යොමු වෙනවා කියලා ආරංචියි?

ඔව්. මේ දිනවල ජනක චමින්ද අත්තනායක මහත්මයාගේ අලුත් ටෙලි නාට්‍යයක මේ දිනවල වැඩ කරනවා. එහි ප්‍රධාන නිළිය විදිහට තමයි මම රඟපාන්නේ. ක්ෂේත්‍රයට ආපු මුල් කාලයෙදිත් රඟපාන්න ආරාධනා ලැබුණා. නමුත්, මගේ ලොකු කැමැත්තක් නැහැ රංගනය පැත්තට යොමු වෙන්න. බොහෝවිට මම රංගනය පැත්තට ඉදිරියෙදි අඩුදායකත්වයක් සපයාවි.

 

ඒ වුණත් ඔබ වෙළෙද දැන්වීම් හා ගීත රූප රචනා බොහොමයක අපි දකිනවා?

දැනට මියුසික් වීඩියෝස් 17ක විතර මම පෙනී ඉන්නවා. ඒ අතර රුවන් හෙට්ටිආරච්චිගේ "කඳුළු බිඳුවක්", මනරම් බණ්ඩාර "කොහොමටත් ඔබ", අජිත් පෙරේරාගේ "දුක ඇතත් මහමෙරක්" ඇතුළු ගීත වඩාත් ජනප්‍රිය වුණා. මියුසික් වීඩියෝස්වලට අමතරව දැනට වෙළෙඳ දැන්වීම් 30කට වැඩි ප්‍රමාණයක රඟපාලා තියෙනවා. "නේචර් සික්‍රට්", "රෝසා කහට", "ඩයලොග්", "කොමර්ෂල් බැංකුව" වෙනුවෙන් කළ වෙළෙඳ දැන්වීම් වඩාත් ජනප්‍රිය වුණා.

 

නිරූපිකාවක් විදිහට නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?

අලුත් අය දිනෙන් දින ක්ෂේත්‍රයට එකතු වෙනවා. ඒ හින්දා නිතරම ක්ෂේත්‍රය තුළ තරගකාරීත්වයක් මම දකිනවා. නමුත්, සමහර අලුත් අය වැඩ එකෙන් දෙකෙන් ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා. මට හිතෙන්නෙ බොහෝවිට ඔවුන් මේ සම්බන්ධව හැදෑරීමක් නොකර ක්ෂේත්‍රයට එකතු වුණ නිසා කියලා.

 

නිරූපිකාවක් වුණ එක ගැන සතුටක් තියෙනවාද?

ඇත්තටම, ලොකු සතුටක් තියෙනවා. ඒ වග්‍මෙ නිරූපණ ක්ෂේත්‍රය තුළින් ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා කියලත් හිතනවා.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - සෙව්වන්දිගේ ෆේස්බුක් ගිණුමෙනි

 

2016-06-01-ent-48
2016-06-01-ent-47
2016-06-01-ent-45
2016-06-01-ent-44
2016-06-01-ent-41
2016-06-01-ent-42

 



අදහස් (0)

බොහෝ අය මාව නිරූපිකාවක් විදිහට දැන් හඳුනනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 425 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site