(ගයාන් සූරිය ආරච්චි, සුසිල් ප්‍රියන්ත සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ A හා D වාට්ටු වල පොලව හාරා සූක්ෂම ලෙස සඟවා තිබූ ජංගම දුරකථන ඇතුළු උපාංග කිහිපයක් වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් බාරයට ගනු ලැබීය .

එහි දී එම වාට්ටු තුල ඇතුලත පොලව හාරා සූක්ෂම ලෙස සඟවා තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 01 ක්, කුඩා ප්‍රමානයේ ජංගම දුරකථන 02 ක්, සිම්පත් 04 ක්, මෙමරි චිප් 01 ක්, පිටත ආවරණ ඉවත් කරන ලද දුරකථන චාජර් 02 ක්, ඩේටා කේබල් 02 ක් හා හෑන්ඩ් ෆ්‍රී 01 ක් අත්අඩංගුවට ගෙන තිබේ.