පොදු දේපළ වංචා කිරීම යටතේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැති සහ දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ.රණවකද, ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලකද අත් අඩංගුවට ගත් බව බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිවේදී යූ.ආර්. ද සිල්වා මහතා ඒ.එෆ්.පී ප්‍රංශ පුවත් සේවයට කීවේය.
එම තිදෙනාගේ කට උත්තර අවසන් කිරීමට තව පැයක් පමණ ගතවනු ඇතැයි පොලිසිය කියයි.
එම කාර්යය හමාර කිරීමෙන් පසුව ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මෙම පනත යටතේ වරදක් කර ඇතැයි කියන කෙනකුට ඇප නොලැබෙනු ඇතැයි නීතිඥවරු කියති.
දිවි නැගුම යටතේ ඉසුරු උදාන නම් වැඩසටහනින් මුදල් වංචාවක් සිදුවී ඇතැයි පොලිසිය පවසයි. දිවි නැගුම වැඩසටහන යටතේ දිවි නැගුම සමුළුවක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 700 ක් වියදම් මගින් වංචා කළැයි මේ තිදෙනාට එරෙහිව පරීක්ෂණ පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔක්කොමට හොඳට සනීපෙට නින්දා යනවා ඇති. කමක් නැහැ අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කරලා හිරේ දාන්න. මට පුළුවන් නම් කරුණාකරලා කියන්න මිනිමරපු අයද හොරකම් කරපු අයද මුලින්ම හිරේ දැමිය යුත්තේ? මේවත් අනුමත කරන අය ශ්‍රී ලාංකිකද කියලා හදවතින් තමා අහන්න ඕනෑ. (නි)
අනේ මන්දා මේ මොනවද වෙන්නේ කියලා (නි)
දුක් විදින ජනතාවගේ දේපොළ සහ අපරාධ මෙහෙය වූ සියලු අය අත්අඩංගුවට ගෙන නීති මගින් දඬුවම් දී සොර දේපොළ නැවත පවරා ගත යුතුය. (ර)
හොස්පිටල් එකේ බෙඩ් එකක් සුදානම් කරන්න. (ර)
හොරු ඇල්ලුවද කියල දොස් කියපු කට්ටියට දැන් රත් වෙලා ඇති. (ර)
බෝම හෝදයි. ඔම තමා කරන්න ඔනේ.... (ර)
මහානාම-කදාන කියන්නේ අර පහුගිය කාලෙ සුදුවෑන් යවලා මිනීමරපු අය ගැන වෙන්න ඇති. බයවෙන්න එපා, ඒ අයත් ඉක්මනටම අත් අඩංගුවට ගන්නවා (බ)
දුක් විදින ජනතාවගේ දේපොළ සහ අපරාධ මෙහෙය වූ සියලු අය අත්අඩංගුවට ගෙන නීති මගින් දඬුවම් දී සොර දේපොළ නැවත පවරා ගත යුතුය (බ)
තවත් එක ෂෝ එකක් වෙයිද දන්නේ නෑ (බ)
තවම චුදිතයෝ විතරයි .....හොරු කියල ඔප්පු වෙලා නැහැනේ......(බ)
මහානාම- කඳාන, අපි දන්නා විදිහට නම්, කඳාන පැත්තේ නරි නැහැ. සමහර විට පිටින් ආපු නැට්ට නැති නරි ඉන්නවද කියල කියන්න නම්, දන්නේ නැහැ.(බ)
මම පුද්ගලික ආයතනයක කිසිම වංචාවක් නොකර, සොරකම් නොකර අවංකවම රැකියාව කරන, ලැබෙන පඩියෙන් පවුල නඩත්තු කරන ලංකාවේ ජිවත් වන දහස් ගණනක් වූ සාමකාමී පුද්ගලයින්ගෙන් කෙනෙක්. මේ ලජ්ජා නැති දේශපාලනඥයෝ හැම වරප්‍රසාදයක්ම විඳිමින්, සුවහසක් අහිංසක ජනතාව රවටමින් හොරකම් කරන්නේ රටේ මහජනයාගේ මුදල්. මේවා සහ ගහන අපරාධ. කොයි පක්ෂෙට අයිති පුද්ගලයෙක්ද, දැරූ තනතුර මොකක්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. චුදිතයෙක් කියල ඔප්පු උනොත් රටේ නිතිය අනුව දැඩි දඬුවම් ලබා දිය යුතුයි. මට කණගාටු තුට්ටුවේ දෙකේ වාසියට බොහොම අජුත විදියට, මේ සම්බන්ධව අදාල ආයතනවලට ස්වාධීනව කටයුතු කරන්ට ඉඩ නොදී කරන උද්ගෝෂණ බොහොම ලජ්ජා සහගතයි. අප එකක් මතක තබා ගත යුතුයි අපේ අයගේ අවංකභාවය ගැන හොඳ සහතිකයක් දීල, බොහොම විනීත ජාතියක් හැටියට මල් මාලා දාලා පිළිගන්න මුළු ලෝකයම බලාගෙන ඉන්නවා කියල. මේ රටේ දුෂිත පාලකයෝ අවංකව රටට බොහොම ආදරයෙන් සේවය කළ මිය ගිය පෙර රජ දරුවන්ට සහ මුතුන් මිත්තන්ටත් කරන්නේ ලොකු අපහාසයක්. (බ)
මහානාම කදාන ඉස්සල්ලම තමුන්ලා වගේ උන්ව හිරේ දන්නා ඕනේ (බ)
බැසිල්ව වගේම මහබැංකුවේ බිලයන ගණන් හොරකන් කරපු අයවත් අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි, නීතිය දෙවිදියක්ද ? (බ)
නන්දන මහතා, මම නම් කඳානේ තමා , ඔබතුමා මා ගැන ඕනේ කෙනෙක් ගෙන් අහ ගන්න පුළුවන් මම කවුද, මොනවාද කරන්නේ කියලා , ඔබට අවශය නම් මම ටෙලි නම්බරෙත් දෙන්නම් . ඔබතුමා පුදුම වේවි ඇහුවොත්. (ර)
මහානාම මිනිමරපුවා ඒවත් අත් අඩංගුවට ගනියි. ඉදිරියට. 19-20 වගේ. එකට. පුළුවන්නම් කැලිෆෝනියාවට ඇවිත් බලන්න. එයාගේ පවුලේ සියලුම දෙනාට මහජන මුදල් දුන්න මෙහෙ. ඉන්න අයට අපිට මේ රටේ. ඉදගෙන රට. ගැන දුකයි. නමුත් ලංකාවේ ඉන්න අය හොරුන්ව ආරක්ෂා කරනවා. ආදරේටද නැතිනම්. නැවත උදුව් බලාගෙනද .? (ස)
චතුරි වාදයක් නැත ඔබතුමියත් එක්ක , හොරු ඇල්ලිය යුතුයි , දඬුවම් කල යුතුයි , නමුත් මේ කරන්නේ පලි ගැනීමක් , මේ කරන්නේ ඩයස්පෝරාව සතුටු කිරීමක් , මේ කරන්නේ රට බේරා ගත් සියලුම දෙනා කොටු කර ඇතුලට ගැනීම . ඔබතුමිය දන්නවා ද ජාල ලලිතා මහත්මිය ඉන්දීය කොටි 18,000 ක් එක් තැනක වංචා කරලා හිරේ ගියා . 150 කට වැඩි ප්‍රමානයක් සිය දිවි නසා ගත්තා . දෙෂ්පාලනය් කියන්නේ ඔබතුමිය හිතන් තරම් සරල දෙයක් නොවේ . බැසිල් මහතා ගැන මම ගුණ කතා කරන්න යන්නේ නැ , මොකද මටත් ගැටළු තියෙන නිසා ,නමුත් මෙතන වෙන්නේ තනිකර පාලි ගැනීමක් , ඔබතුමිය දන්නේ නැතිව ඇති 87-89 කාලයේ වුනු මිනි මැරුම් වලට මේ වගේ පාලි ගත්තා නම් , අද එජාපය හතරෙන් තුනක් ම එල්ලුම් ගස් හෝ ජීවිතාන්තය දක්වා හිරේ . ඔබ තුමිය අහලා තියෙනවා වාද සමුහ මිනි වලවල් ගැන . අපේ බලශක්ති ඇමැතිත් මමත් මොරටුව විශ්ව විද්‍යාලේ ඉගෙන ගත්තේ. පුළුවන් නම් එතුමාගේ චරිතාපදානය කියවලා බලන්න එතුමා කොහොමද 88 බේරුනේ කියලා . මා ගැන කියන්න ඕනේ නැ . ඔබතුමිය ගැන මම සතුටුයි ඇමෙරිකාවේ ඉදන් ලංකාව ගැන හිතන එක ගැන , මොකද මට ඇමෙරිකාවේ හා යුරෝපයේදී හමු වුන අපේ අයට අද රට තියා , අම්ම තාත්තා වත් මතක නැ . ඔබතුමිය රට ගැන හිතනවා , එනමුත් ඔබතුමිය තව ගොඩක් අතීතය ගැන හදාරා බලන මෙන් කාරුණිකව ඉල්ලමි . . (ස)
රාජපක්ෂ මහතානෙනි , මගේ නමින්ම ඇමතුවාට තුති , කිසිම ප්‍රශ්නයක් නෑ , බැසිල් මහතාව හිරේ දැම්මට , මා නම් බය වෙන්නේ නෑ, මොකද මට රට වෙනුවෙන් වියදම් වෙනවා විතරයි , මම ගිය ආණ්ඩුවෙන් හෝ මේ ආණ්ඩුවෙන් ගත්ත දෙයක් නෑ , නමුත් මට ජාතික වගකීමක් තියෙනවා , මම ගත්ත ඒ ණය තමා නිදහස් අධ්‍යාපනය , මාව මේ තත්වයට ගෙන්න මගේ මවුබිම මට කොච්චර නම් වියදම් කරලා තියෙනවද ? මම අන්න ඒ ණය වෙනුවෙන් තමා මේ රෑ එලෙඉවෙනකං ලියන්නේ . (ස)
චතුරි , ඇත්තටම ඔයා රටට අවංකවම ආදරය කරන කෙනෙක්. මෙතන කුලියට බුරන අය ඔයාව හපාකන්න වගේ එයි. ඒත් ඔයා ගණන් ගන්න එපා. ඔයා අහලා තියනවා නේද, බුරන බල්ලා හපාකන්නේ නැහැ කියලා. ඒක සහතික ඇත්ත. (නි)
ජීවා දන්නේ නැහැ වගෙයි ගොඩක් දේවල්. මොන හිතකින්ද ඒ වගේ කෙනෙක් අත්අඩංගුවට ගන්නේ? (නි)
මෙතැන අදහස් දක්වන අය ඉතාමත් උගත් බුද්දිමත් හා දැණුවත් අය බව ඉතාමත් පැහැදිලිය . ඒ වගේම මේ සංවාදය ඉතාම විනීතව හා පාලනයකින් යුකත්ව හසුරනවා . ඒකනිසා අපේ සමහර අදහස් පලවෙන්නෙත් නෑ. එ්කට කමක් නෑ. මම ලියන හොඳම සිංහල සංවාදය මේ ලංකාදීප එසැණයි . මට කරුණාකර කියන්න මගේ නමින්ම ලියන්න , මහා බැංකුවේ වංචාවට මොකද උනේ , අද මෙනකන් පාඩුව කීයද කෝටි 4600 ක් . මේ පාඩුව අවු 30 දක්වා වැඩිවෙනවා , මේ ගැන ඔබ ලා දන්නවා ද ? දැන ගෙන නොදන්නවා වගේ පුරුද්දට යහපාලනය ශුද්ද කරනවාද ? බැසිල් ගෙන් උන හොර කම හා මහා බැංකු වංචාව අතර අනුපාතය ගණිතය දන්නා අය හදලා මෙතැන මගේ නමින්ම දාන්න. (ස)
මහානාම මහතා දැන්ම බයවෙලා. කලබල වෙන්න එපා. මොහුගේ චෝදනාව හොඳට කියවන්න.මේක අල්ලස් චෝදනාවක් නොවෙයි. එමනිසා ඔබට දැකගන්න ලැබේවි පෙරහැර ළඟ එන බව. ඔබට නින්ද නොයාම ගැන අපි පුදුමවන්නේ නැහැ. (නි)
මෙතන අදහස් දැමු සියලු දෙනාට මා ගරු කරන අතර , එයාල නිවැරදී වෙන්න පුළුවන් , ඒ වගේම එයා ලා ගේ චේතනාව පිරිසුදු වෙන්නත් පුළුවන් , මට ඒ ගැන වාදයක් නෑ, නමුත් මේ රටේ අද වෙන්නේ ඔයාලා හිත න දේ නොවේ , මේ වෙන්නේ කුමන්ත්‍රණයක ඉතිරි කොටස් , මේ වෙන්නේ කොන්ත්‍රාත්තුවක් . ඔයාලා පිලි ගත්ත හෝ නැතා තිත්ත ඇත්ත ඒකයි . වසන්ත මහතාණෙනි , ඔබතුමා කියන අමු මා දන්නේ නෑ , නමුත් මේ රටම පෙළ ගැහෙන්නේ යන යන තැන ගිය තැන මිනිසුන් පෙළ ගැහෙන්නේ , බත් පැකට් දීල හෝ අරක්කු දීල නොවේ , පුලවන් නම් ඔයාලා සංවිදානය කර එන්න කියන්න මහින්ද මහතාට , එතකොට බලන්න පුලවන් ඔයාලා බත් පැකට් හා සල්ලි දීලද මිනිසුන් ආවේ කියලා. (ස)
මගේ නමින් පළ වුවද 2015-04-22 20:07:46 අදහස මගේ නොව වෙනත් අයකු විසින් ලියන ලද්දක් විය යුතුය. හාත්පසින්ම වෙනත් අදහසක් දෙන පරිදි බරපතල ලෙස විකෘති අදහසක් එලෙස පලකර ඇත. ඒ නිසා පහත දැක්වෙන නිවැරදිකිරීම පලකරන මෙන් සංස්කාරකවරුන්ගෙන් ඉල්ලා සිටිමි. "මගේ නමින් පළ වුවද 2015-04-22 20:07:46 අදහස මගේ නොවන බවත් එය සංස්කාරකගේ අදහසක් බවත් කරුණාවෙන් සලකන්න" (( සංස්කාරක සටහන - මෙහි පලකරන අදහස් සංස්කාරක වරුන්ගේ අදහස් නොවේ. සුමුදු හේවා මහතා නමින් වෙන කෙනකු එවන ලද්දක්දැයි අප දන්නේ නැත. සුමුදු හේවා මහතාගේ නමින් සංස්කාරක සටහන් හෝ අදහස් යොදන්නේ නැති බව කරුණාවෙන් සලකන්න ))) (ස)
මහානාම මැතිතුමනි ,මම ඔබේ මතයට ගරුකරනවා , මමහිතනවා ඔබ නිදහස් අධ්‍යාපනය ලැබුවේ ජනතා වගේ මුදලින් බවත් එනම් ඔබ සේවය කල යුත්තේ හා පෙනී සිටිය යුත්තේ ජනතාව වෙනුවෙන් ද පාලකයන් වෙනුවෙන්ද ,කියන එක ඔබ තුමාට බාරකරමි, (අ)
මගේ සියලුම ප්‍රතිචාර එලෙසින්ම පල කිරීම ගැන ඔබ තුමාට ගොඩක් තුති . මා පැහැදිලවම සිංහලෙන් ලියන එකම සංවාදය ලංකාදීප එසැන පමණි .සමහර අදහස් පළ නොවෙන කොට පොඩි දුකක් ද හිතට එනවා (බ)
මේකට බැසිල් වග කිවයුතු නැත. අදාල නිලධාරීන් සිටින්නේ අමාත්‍යවරයාට උපදෙස් දීමටයි. එබැවින් නැවත වැරදි නොකරන්නටත් අනිත් නිලධාරීන්ට ආදර්ශයක් වීමටත් මෙම නිලධාරියෝ දෙදෙනාට උපරිම දඩුවම් කළ යුතු බවයි මගේ විශ්වාසය (බ)
මහානාම සහ සුමුදු මහත්වරුනට අමු කැවිලා (බ)