( තිළිණි ද සිල්වා )
ස්පාඤ්ඤයේ - බාසිලෝනා නුවර ලස් රම්බ්ලස් සංචාරක නිකේතන ප්‍රදේශයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ශ්‍රී ලංකා රජය කණගාටුවට පත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ශ්‍රි ලංකා රජය වෙනුවෙන් ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුම ඔස්සේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් එහි ප්‍රකාශිකා මහේෂනී කොලොන්නේ මෙනවිය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් මෙම ප්‍රහාරය හෙලා දුටු අතර සිද්ධියෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ශෝකය පළ කරන බවද එම නිවේදන වල සඳහන් වේ.
ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර එල්ලවු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්පාඤ්ඤ රජු වෙත නිකුත් කල ට්විටර් නිවේදනයෙන් කියාසිටියේ මෙම කණගාටුදායක අවස්ථාවේ ශ්‍රී ලංකා රජයේ මෙන්ම ජනතාවගේ ශෝකය පළ කරන බවයි.
මෙය ඉතා දරුණු සාහසික ප්‍රහාරයක් බවට ද මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකක් ඉක්මන් වුණා වැඩිද මන්දා... ටික දවසක් ගිහින් මෙතුමා කියයි මම මෙහෙම ප්‍රකාශයක් කලේ නෑ කියලා. උතුරු කොරියාව ගැනත් මෙතුමා දන්නේ නැහැළුනේ. ටික දවසක් බලලම ප්‍රවෘත්තිය දැම්මා නම් තමයි හොඳ.
ලංකාවට කණගාටු ප්‍රකාශ අහන්න නම් තියන්න එපා.
මේ අය දන්නේ රවී තියරි එක පස්සේ... මතක නෑ කියලා කියයි.
මම දන්නේ නැහැ.... අනේ..
මට නම් පෙනෙන විදියට එතුමා සතුටින් වගේ?
ට්විටර් කියන්නේ මොකක්ද..
හෙලා දැකිල්ල කෙසේ වෙතත් ලංකාවේ ඉන්න IS ත්රස්තවාදීන් ගැන හෙව්වොත් ලොකු දෙයක්. බොරු සහජීවනයක් අටව අටවා ඉන්නේ නැතුව
ත්‍රස්තවාදී කොයි රටේ හිටියත් ත්රස්තවාදිමයි
බාසිලෝනා නිව්ස් නම් ටක් ගාලා බලලා.අපේ රටේ දේවල් දැනගන්න පත්තරේ බලලනෙ
අනේ අපොයි මෙයා අපිට නොකා නොබී හරි පාඩුවේ වැටිලා ඉන්න දෙන්නේ නැත්තේ ඇයි?
තෝරු මෝරු අස්සේ හාල්මැස්සෝ
තිලින ද සිල්වා මහතා මේ දල තියන චායා රූපය ගැලපෙන්නේ නැහැ නේද ?
ගරු ජනපති තුමනි අපේ රටේ දහස්ගණන් ජනතාව කොටින් විසින් අමු අමුවේ ගාතනය කරන සමයේ ඔය කියන කිසිම රටක් කොටින්ට උදවු කලා මිස අප වෙනුවෙන් එක සුසුස්මක් හෙළුවේ නැත ඔවුන් කලේ ත්රස්තවාදීන්ට අවැසි මුදල් හා අවි ආම්පන්න සැපයීම පමණකි. අද හිටපු ජනපති තුමාගේ ක්‍රියාවක ප්‍රතිපලයක් ලෙස අප ඒ සංහාරයෙන් මිදී ඇත නමුත් කොටි සංහාර වී නැත ඒ අවතාර තවමත් යුරෝපයේ හොල්මන් කරයි ඔව්න්ගේ අනුග්‍රහය ලංකාවේ කොටි හිතවාදීන්ට ලැබෙයි මේවා අප සිහියේ තබා ගත යුතුව ඇත ඔවැනි රටවල සිදුවීම වෙනුවෙන් කණගාටුව පලකිරීම ගොස් තවත් පාර්ශවයක් හතුරන් කර ගත යුතුව නැත එසේ උවහොත් ඔය කියන රටවල් කිසිවක් අපේ පැත්තට කතා නොකරනු ඇත එදා මෙන්ම අදද ඔය කියන අය කරන්නේ ත්රස්තවාදීන්ට උදවු දී අනෙක් රටවල් විනාස වන ආකාරය දෙස සිනාසෙමින් බල ඉන්න එක පමණි
ජිහාඩ්,අයිඑස් අයිඑස් කියන මිලේඡ්ජයින් වෙනත් රටවල කරන ත්‍රස්තවාදි ක්‍රියා ඔබතුමා හෙලාදකින්න ගිහිල්ලා මෙහේ ඉන්න කට්ටිය අමනාප උනාට කමක් නැද්ද?
ජනදිපතිතුමනි ....අනුන්ගේ රටවල් වලට කණගාටුව ප්‍රකාශ කලින් අපේ රටේ සිදුවන අසාමන්‍ය දේවල් ගැන කණගාටුව ප්‍රකාශ කලොත් වඩාත් උචිතයි ,උදහරණ ලෙස ,මහබැංකු මුදල් හොරකම ,විල්පත්තු වන විනාශය, මහියංගනයේ වැලි ජාවාරම් , දඹුලු පන්සලේ ප්රශ්නය, සයිටම් අර්බුධය , දේශීය සම්පත් විකිණීම ආදියයි. මේවා නිසා රටේ ජනතාව මහත් අපහසුතාවයට පත්වෙලා ඉන්නේ.මේ දේවල් වලට ඔබතුමාට කණගාටුවක් නැතිවීම, රටේ ජනතාවගේ මහත් කණගාටුවට හේතුවක් වෙලා.
මෙතුමා මේ වගේ ප්‍රකාශ නිකුත් කිරීමට නම් රුසියා
ඔබ තුමා ඉක්මනින්ම මේ ප්‍රහාරය හෙළ දැකපු එක හොඳයි. නැති නම් සිද්ධ වුනු දේවල් වල විදියට දවසක් පහු උනානම් උදේ අහරෙනකොන මේ කට්ටිය ත්රස්තවාදීන් දක්ෂ ලෙස ප්‍රහාර එල්ල කලා කියල ප්‍රසංශා කරන්නත් ඉඩ තිබුන.
"ස්පාඤ්ඤ රජු වෙත නිකුත් කල ට්විටර් නිවේදනයෙන්......." මම ස්පාඤ්ඤ රජු නම් මම දන්නවා මේකට ප්‍රතිචාර දක්වන විධිය. අපිත් ට්විටර් මගින් ජනාධිපතිටත් අපේ කනගාටුව මෙයින් පළකර සිටිනවා. ලංකාවට ට්විටර් ම පිහිටයි.
බාර්සිලොනා නුවර තියෙන්නේ ස්පාඤ්ඤයේ බව මෙතුමා දන්නබව පේනවා. එහෙත් අගමැතිතුමා ඒ වගක් දන්නවද කියන එකනම් නොට් ෂුවර් .
ස්පාඤ්ඤ කියන්නේ මොකක්ද කියලවත් අඩුතරමින් දන්නවනම් ලොකු දෙයක්.