(මනෝප‍්‍රිය ගුණසේකර)
දිවිනැඟුම සෙවිලි තහඩු බෙදාදීමේදී රුපියල් කෝටි 3 1/2කට ආසන්න මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව මැයි 15 වැනිදා කැඳවීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණය අද(29) නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ කැඳවනු ලැබු නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කළ ඉල්ලීමකට අනුව කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වෙත මාරු කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් කරලා නැහැනේ. ටකරන් ඔක්කොම බෙදල තියෙනවනේ. යම පාලනේ තවත් පීචන් වෙනවා.