ටෝනි කරුණානායක
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගතවීමට ගම්පහ අංක 2 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (6) අවසර දුන්නේය.
දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු ආමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට ගම්පහ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබේ.
ජනාධිපති නිතිඥ ගාමිණි මාරපන මහතා මහාධිකරණය වෙත මෝසමක් ගොනු කරමින් පළමු විත්තිකාර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමෙරිකාවට යාමට අවසර ඉල්ලා සිටියේය.
මීට වසර 2 කට පෙර ඇමෙරිකවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ඇති තම සේවාදායකයාට වෛද්‍ය උපදෙස් අනුව නැවත ඇමෙරිකාවේදී වෛද්‍ය සායනයකට සහභාගී වීමට නියමිතව ඇති බවත් ඊට අදාළ වෛද්‍ය වාර්තා පිටපත් ඉදිරිපත් කරමින් අගෝස්තු 11 වැනි දා සිට ඔක්තෝබර් 1 වැනි දා දක්වා විදේශ ගතවීමේ තහනම තාවකාලිකව අත්හිටුවන ලෙසට ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය සහතිකය ඇත්ත එකක්ද? හොර එකක්ද? කියලා පරීක්ෂා කරලා අවසර දුන්නා නම් තමයි හොඳ. සත පහකට විශ්වාස කරන්න බැරි රටම කාපු හින්දයි...
ආපහු එන්නත් අවසර ලැබුණාද?
ලබන සතියේ විශේෂ අධිකරණ ආරම්භ කරන බව කිව්වා විතරයි. ලෙඩ වෙලා බෙහෙත් ගන්න රට යන්නත් වෙලා.
බෙහෙත් ගන්න ඇමෙරිකාවට නම් යනවා. මෙහේ මිනිස්සු කොටවලා මේ ගොල්ල්ලො රට, දේශප්‍රේමය ගැන කියලා බේරෙනවා. ලංකාවේ මිනිස්සු ගැන දුකයි.
ඊයේ, පෙරේදා හොඳට හිටියේ. එක පාරටම පිටරටින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට තරම් ලෙඩ වුයේ කෙසේද? රටේ සාමාන්‍ය පුරවැසියෙකුටත්, මෙසේ චෝදනාවක් ඇති විට, මෙවැනි ආකරයටම මෝසමක් ගොනුකර වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිටරට යා හැකිද?
චීනෙන් නෝනගේ පදනමට විශාල මුදලක් ලැබුණා කියලා පුවත්පත්වල පල වුනාට පස්සේ මහත්තයට මාර අසනීපයක් හැදුණාද? බෙහෙත් ගන්න ඇමෙරිකාවටම යන්න ඕනෑද? අපේ රටේ "ප්‍රභූවරුන්ට" ලෙඩ හැදුණාම දුවන සිංගප්පුරුවේ රෝහල්වලවත් මෙයාට ප්‍රතිකාර නැතිබව මෙයින් පේනවා! නඩුවලට පැටලී තියෙන නිසා ඉක්මනට එන්නකෝ...
රජයේ රෝහලකට උදේ පහට ගොස් පෝලිමේ ඉඳලා උපස්ථායක මහත්වරුන්ගෙන් බැණුම් අහලා බෙහෙත් ටිකක් ගත්තම ඔය අසනීප නිට්ටාවට සනීප වෙනවා. අපරාදෙ රට යන්නේ? අපි අත්දැකීමෙන් කියන්නේ.
ජෝඩුව ගැන ගමේ මිනිස්සු නම් හොඳට දන්නවා.
ගිය සතියේ උත්සවවලට සහභාගි වෙවී හොඳට හිටපු මනුස්සයාට, බිරිඳට චීනෙ කෝටි දෙකක් වරාය ණයෙන් දුන්නු බව එළිවුන ගමන් ලෙඩ වුනා. පුදුමෙ කියන්නෙ අවුරුදු දෙකකට පස්සෙයි සායනයට යන්නේ...
එව ලොස්ඇන්ජලස් වලට - බලවු මෙහි තිබෙන දේපල සියයට 10ට...