හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා එතෙර යෑමට මහාධිකරණයෙන් අවසර දෙතොත් කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින්නැයි පනවා ඇති නියෝගය වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු විදෙස් ගතවන කාල සීමාවට අවලංගු කිරීමට පූගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා නියෝග කළේය.
මල්වානේ ඉඩමක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට එරෙහිව පූගොඩ අධිකරණයේ පැවැත්වෙන නඩුවකට අදාළව විදෙස් ගමන් තහනම් කැර තිබෙන අතර වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට මාස තුනක් ඇමරිකාවට යෑමට අවසර ඉල්ලා ඔහු මහාධිකරණයට ගොනු කළ පෙත්සමට අදාළ තීන්දුව දෙසැම්බර් 10 වැනිදා ලබාදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් හෙට අනින්දා ඇමරිකාවේ අලුත් ජනාධිපතිත් හොරු අල්ලලා පටවන්න යන්නේ පෝළිමට දේශපාලන හොරු. එහෙ දේපොළ විකුණන්නද දන්නේ නැහැ යන්නේ (නි)
දැන් පැල දොරින් ඇමරිකාවට පනී. (බ)
ඉහින් බහින්න රෝගයක්නම් පෙනෙන්න නැත. (ර)
මේවා ගැන කතාකරලම අපිට ඇතිවෙලා (නි)
වෛද්‍ය ප්‍රතිකාර ගන්න යනකොට පොහොට්ටුවත් අරන් යන්න ප්‍රතිකාර සඳහා. නැත්නම් ඡන්දෙට කලින් ඔයයි පොහොට්ටුවයි දෙකම මළානික වෙලා යන්න පුළුවන්. (බ)
අසරණ මිනිසුන්ගේ මහජන මුදල් වංචා කරලා තියෙනවනම් මිනිසුන්ගේ හුල්ලන හීලිල්ලට සොබා දහමින් දෙන දඩුවම් නම් කවදාවත් ලිහිල් වෙන්නේ නැහැ.කවද හරි දවසක හෙණ ගහන්න වදිනවා. (බ)
කාගේ කාගේත් කොන්දේසි ලිහිල් වෙනවා. මහජනතාවට පනවපු බදු බර තමයි ලිහිල් වෙන්නේ නැත්තේ. (නි)
නිකම් හිතල බලන්න පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන වලින් දුෂිතයන් කි දෙනෙක් මේ දින කිහිපයට නිදහස් වුනාද කියල.ගහ යන්නේ මොන පැත්තටද කියල අපි දන්නවා.කවදාවත් ජීවිතේට කම්බා හොරුන්ට කිසිම දෙයක් වෙන්නේ නැහැ.වෙන්න දෙන්නෙත් නැහැ.එකයි අපි දන්නා සත්‍ය. (බ)
නීති දානවා නීති ලිහිල් කරනවා අනේ මන්ද මොනවා වෙනවද කියල. මාස තුනක් බෙහෙත් ගන්නේ ලොකු අසනීපයක් වෙන්ට ඕන. කව්ද හොයල බැලුවේ අසනීපය මොකක්ද කියල ? (බ)