හිටපු ඇමැති බැසිල් රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය තමා සම්පූර්ණ ලෙස පරික්ෂා කළ බවත් කියන තරම් ලෙඩක් හෝ රෝගී තත්ත්වයක් ඇති බවක් නොපෙනෙන බවත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර උත්පල ආටිගල කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවකින් දැක්වේ.
ගිලන් රියකින් අදත් උසාවියට රැගෙන ආ බැසිල් ගිලන් රියේම රැඳී සිටියේය. මහේස්ත්‍රාත්වරයා පැමිණ ඔහු පරීක්ෂා කළේය. නඩුවේ සෙසු සැකකරුවන් වන හිටපු අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක , දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.කේ.කේ. රණවක හා දිවි නැගුම බැංකුවේ සභාපති පී.බී.තිලකසිරි ද පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අධිකරණ වෛද්‍යවරයාට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු ලෙඩ පෙන්වා නීතිය රවටාවි. මේවා ලංකාවේනේ වෙන්නේ... (නි)
කලිනුත් මිනිසුන්ව අන්දලා තවත් මේ අය මිනිසුන්ව අන්දනවා (නි)
බොරු ලෙඩ ඔය.(හේ)
රජ ලෙඩ පොදු ලෙඩ මිම්මෙන් මනින්න බැහැ කියලා මොන නීති පොතේද තියෙන්නේ? (නි)
මෙයත් සිංගපුරු අරගෙන යන්න වෙයි වගේ (අ)
මෙහෙම වෙයි කියා වේලාසනින් හිතන්න තිබ්බේ.(ත)
මෙතන කමෙන්ට් දාන හැමෝම වගේ හිතාගෙන ඉන්නේ බැසිල්ව බැලූ වෛද්‍යවරයා ඉතාම අවංකව අපක්ෂපාතිව තම නිගමනය දුන්න බවයි. ඒත් ලෙඩාගෙන් සල්ලි අරන් ඔහුගේ වාසියට සහතික දෙන වෛද්‍යවරු ඉන්නා රටේ වෙනත් වරදාන බලාගෙන පාලකයන්ගේ වාසියට වෛද්‍ය නිගමන දෙන වෛද්‍යවරුත් ඉන්නට පුළුවන් බව මේ කාටවත් නිකමටවත් නොසිතීම පුදුමයකි. (බ)
දැන් කොහොමත් බොරු ලෙඩ තමයි හැදෙන්නේ.(හේ)
සංවර්ධනය ගැන හොද පළපුද්දක් තිබෙන සහොදරවරුන්ගෙන් එක්කෙනෙක්නේ මේ.(ම)
අනේද කියන්නෙ..(බ)
මා මුලදී කියා සිටියා ...මොවුන්ට වෛද්‍ය වාර්තා දෙන දොස්තරවරුන් නැති ලෙඩ තිබෙනවා කියා ව්‍යාජ වාර්තා දී ඔප්පු වුනොත් අධිකරණය නොමග යැවීම මත මොවුන්ට දඬුවම් හිමිවිය යුතුයි කියා .....එතකොට ව්‍යාජ වාර්තා දීම වලකිනවා (බ)
ජනතාව ප්‍රතික්ෂේප කළ දුෂිත කණ්ඩායම පරාජ නායකාව අගමැති පුටුවේ තියන්න ජනපතිගෙන් ඉල්ලන්න හේතුව මංගල සමරවීර අගේට පැහැදිලි කර තිබෙනවා ......100% සත්‍යයි ....(බ)
ඇයි අසනීප වෙලා තියෙන්නේ කවුද (අ)
නීතියෙන් ගැල වුණත් මේ අය ධර්මයට අනුව නම් ගැලවීමක් නැහැ (අ)
වරදක් කරලා නැත්නම් කොන්ද කෙලින් තියාගෙන ඇවිල්ල නීතියට බය නැතුව මුහුණ දෙන්න බැරි මොකද? (අ)
හිතේ ලෙඩේ තමා තියෙන්නේ. (අ)
එයාලට තියෙන්නේ නිකන් ලෙඩ නෙමෙයි, රාජකීය ලෙඩ (නි)
ඕක අපි නම් කලින්ම දන්නවා (නි)
බොරු ලෙඩ අරගෙන අධිකරණය නොමඟ යවන හැටි ...? (නි)
ඇයි එහෙනම් ගිලන් රථයක දාගෙන යන්නේ? එයා බබෙක්ද? (නි)
මේගොල්ලන්ගේ රඟපෑම් තව පටන්ගත්තා විතරයි (නි)