බැසිල් රාජපක්ෂ මහතාගේ ඔරුතොට දේපළ සම්බන්ධයෙන් අයථා ගනුදෙනුවක් වී යැයි කියන සිද්ධිය මත බැසිල් රාජපක්ෂ ගේ හිටපු ලේකම් විලී ගමගේ හා බැසිල් පදනමේ භාණ්ඩාගාරික ආරියරත්න දහනායක දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා නියෝග කළේය.
රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 40 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් තබන ලෙස සැකකරුවනට නියම කළ මහේස්ත්‍රාත් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කළේය.
හැම මාසයකම අවසන් දිනයේ එෆ්සීඅයිඩියේ පෙනී සිටින ලෙසද නියම කැරිණි. .
විලී ගමගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකි. වාමාංශික දේශපාලනයේ ක්‍රියාකරුවෙකි.
ඇප කොන්දේසි සැපිරීමට නොහැකිවූ හෙයින් විලී ගමගේ හා ආරියරත්න දහනායක මහර බන්ධනාගාරයට රැගෙන යනු ලැබූහ. ඇප කොන්දේසි සපුරන තෙක් ඔවුන් මහර රිමාන්ඩ් සිර භාරයේ රඳවා තබන බවත් අවශ්‍ය විටක මෝසමක් මගින් ඇප ගැනීම සඳහා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවත් බන්ධනාගාර ආරංචි කියයි.
බැසිල්ගේ දෙන්නා ගම්පහ උසාවියට ප.ව 15.32
බැසිල් රාජපක්ෂ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති ගේ ඔරුතොට නිවස හා සම්බන්ධ ගනුදෙනුව ගැන බැසිල් රාජපක්ෂගේ හිටපු ලේකම් විලී ගමගේ හා බැසිල් රාජපක්ෂ පදනමේ භාණ්ඩාගාරික ආරියපාල දහනායක අත්අඩංගුවට ගැනීමෙන් පසු මින් මද වේලාවකට පෙර ගම්පහ උසාවියට රැගෙන එනු ලැබූහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දා හොර රහසේම අහවලා එවාවි ඇපකාරයෝ දෙන්නෙක්. මොකද මේ දෙන්නා කවුරු වෙනුවෙන් කඩේ ගිය නිසාද මෙහෙම වුණේ කියලා අපි දන්නවනේ (නි)
ඇප තියන්න සල්ලි නැද්ද ?(හේ)
කවුද හිතුවේ මහින්ද මහත්තයා පැරදිලා වෙන කෙනෙක් ජනපති වේවි කියලා? නේද මහත්තයෝ? (නි)
ලන්ඩන්, තව ටික දවසකින් බලාගන්න පුළුවන් වෙයි ගොඩක් දේවල් (නි)
දෙන දඩුවමක් ඉක්මන් කරලා දෙන්න. දැනටත් හැට පැනලා (අ)
“විලී ගමගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකි. වාමාංශික දේශපාලනයේ ක්‍රියාකරුවෙකි“ මේවා අහනකොට මට නම් දැන් හිනාත් යනවා (නි)
පරක්කු වුනත් කමක් නැහැ පනින්ට බැරි වෙන්න හොඳට කරුණු ඇතුව නඩුව දැම්ම නම් (බ)
ඇයිහිරේට දාන්නේ නැත්තේ නඩු ඉවර වෙනකම් ඇප දිදී නඩු කල්ගෙන මොවුන්ගේ හිතවතුන් බලයට ආපුවම නිදහස් වෙනවා .සාමාන්‍ය ජනතවට වෙනත් නීතියක් ක්‍රියාත්මක වෙන්නේ .පිට රැටියන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හඩ නගන්නේ මේ වෙනුවෙන් අපේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මේ අධිකරණ අැමති ගෙදර යවන්නේ නැත්තේ ඇයි ? (බ)
තව ඉන්නවා හැට පැනපු නැති හොරු ආයතන/කාර්යාංශ වලට වෙලා ඒ පුටු වලම. ඇමතිලාට පන්දම් අල්ලලා අල්ලලා ඉහළට ඇවිත් දැන් ඉන්නවා දහයට ගණින්න බැහැ වගේ් (නි)
එදා විශ්ව විද්‍යාලයේ සිටි විලී ගමගේ සහ අද විලී ගමගේ අතර තිබෙන්නේ කොයිතරම් වෙනසක්ද? (නි)
"ඇප කොන්දේසි සැපිරීමට නොහැකිවූ" කියන්නේ බැසිල් රාජපක්ෂ මහතා මේ අයට අැප සල්ලි දීලා නැද්ද? එකට කාලා, වැරදෙනකොට පැත්තවත් බලන්නේ නැද්ද? (නි)
ලුම්බිණි, එදා විශ්ව විද්‍යාලේ සිටියදිත් මහින්ද චින්තනය අනුගමනය කළාද කියලා කවුද දන්නේ? (නි)
චතුරි හැට නෙවෙයි ඊට වඩා වැඩියි මට පෙන්නේ. (ර)
හැට පැන්නට වැඩ කොහොමද එයාලගේ. (ර)
බල්ලා එක්ක ලගිනකොට මැක්කාගේ ඇඟේ කපුටෙක්වත් වහන්නේ නැහැ. එත් බල්ලා මැරුණු දාට උෟත් එක්කම මැක්කොත් වැළලෙනවා (නි)
අනේද කියන්නේ .මේ හැමෝම අපේ රටේ රාජ්‍යසේවය ලෝකෙන්ම උතුම් සේවය කරලනේ තියෙන්නේ .ගත්තු ණය ගෙවන්න ණය ගන්න තත්වයට මේ සියලුම රාජ්‍ය සේවකයෙක්ම වගකිව යුතුයි. (ර)
මෙහෙම බලනකොට මේවට නායකත්වය දුන් ප්‍රධාන සැකකරුවන් ඉන්නේ කොහේද කියලා අපිට තේරෙනවා. පුදුමසහගත වන්නේ ඒ අය අත්අඩංගුවට ගන්න තරම් මෙතරම් ප්‍රමාදවීමයි (නි)
විලී බිලි බෝයි කෙනෙක් වෙන බවවත් දැනගෙන ඉඳල නෑ. මොකක්ද මෙයාගේ උගත්කම,මේක දැන් ඉන්න අයටත් හොඳ පාඩමක්. (බ)
තවත් හොරු ඉන්නවද (බ)
චතුරි, ඉසුරන්දි හැට පැන්නත් වදුරෝ බිම යන්නේ නැහැ. ඒ වගේම තමයි පොල් වේලෙන්න වේලෙන්න තමයි තෙල් වැඩි. ඒ නිසා තව ටික කාලයක් (වැඩි කාලයක් නෙමෙයි) ඉවසල ඉන්න වෙනවා මේවගේ ප්‍රති පල බලන්න. එතකොට දෙන්නම මුකුත් ලියන එකක් නැහැ. (ර)
මහින්ද රජය බිලියන 5000 කට වැඩියෙන් ණය අරගෙන තිබෙනවා. යහපාලන රජයත් පරිස්සම් වුණොත් හොඳයි. විනිවිදබාවය තිබිය යුතුයි. (නි)
බලන්න මහතුනි, සරසවි උපාධි, ගෞරව නම්බුනාම ලබාගෙන මිනිස්සු කරන හොරකම්. අපිට වැරදුනේ කොතනද? දුප්පතාගේ රුපියල හොරකම් කරන්න ඉගැන්නුවේ කොහෙන්ද? (නි)
හැට පැන්නත් වඳුරා බිම ගමන් නෑ තමයි ..!! (බ)
හැබැයි, කිසි දිනක අසත් පුරුෂයන්ට කිසිම උදව්වක් කරන්න එපා..කෝ ඉතින් ඔය මහා දේශපාලනඥයෝ ? හරියට ලෙව්කේ මැතිඳු අද තනියම වෙලා මැද්දේ වගේ ඔය දෙපල, නේද ? (බ)