හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට අයත් බව කියන ගම්පහ ඔරුතොට ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවූ  බැසිල් රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු සහ රාජපක්ෂ පදනමේ භාණ්ඩාගාරිකවරයකු   අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.