
(ටෝනි කරුණානායක)
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන දෙදෙනාට විරුද්ධව ඇති නඩුව ලබන වසරේ මාර්තු මස 12 වෙනිදාට නැවත විභාගයට ගැනිමට ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (20) නියම කලේය.
දොම්පේ ,මල්වාන ප්‍රදේශයෙන් අක්කර 16 ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිතා කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් මොවුනට චෝදනා ගොනු කර තිබිණි.
බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන විත්තිකරුවන් දෙදෙනා මහාධිකරණය හමුවේ පෙනි නොසිටි අතර විත්තිකරුවන් දෙදෙනා අසනීප තත්වයෙන් සිටින හෙයින් කොවිඩි 19 වසංගත තත්වය මත මහාධිකරණය හමුවේ පෙනී නොසිටින බව විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මහත්වරුන් මහාධිකරණය හමුවේ පැවසීය.
දිනයක් ලබා දෙන ලෙස විත්තියෙන් කල ඉල්ලීම සැලකිල්ලට ගත් මහාධිකරණය නැවත නඩු විභාගය 2021මාර්තු මස 12 වෙනිදාට කල් තැබිණි .
පළමු විත්තිකරුවන බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ගාමිණී මාරපන සහ නවීන් මාරපන යන ජනාධිපති නීතිඥ මහත්වරුන් දෙදෙනා ද පවතින කොවිඩි 19 වසංගත තත්වය හේතුවෙන් මහාධිකරණය හමුවේ පෙනී නොසිටින බව ජනාධිපති නීතිඥ ඩී.ඒ.පී වීරත්න මහතා මහාධිකරණයට දන්වා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ නිලධාරින් දෙදෙනෙක් නිදහස් වීමත් මේ නඩුවත් එකක් නෙවෙයි දෙකක්.... ඒ වගේම තීන්දුවක් දුන්නොත් මිනිස්සු මොනවා නොකියයිද?
ඕකෙ තීන්දුව මම දැන්ම කියන්නද හාමුදුරුවනේ... ?
ඔය යන විදිහට ඒ නඩුවටත් දෙයියන්ගේම පිහිටයි. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ...
එම ඉඩම සහ නිවස කොවිඩ් 19 රෝහලක් ආරම්භ කිරීමට ඉතාමත් සුදුසුයි කියල හිතෙනවා. පහුගිය කාලයේ අයිතිකාරයකු නොසිටි බැවින් එවැනි සමාජ සේවාවකට භාවිත කිරීම වඩාත් කාලෝචිත වේ.
20 ගෙනාවේ ඕවට තමයි. තව ටිකයි තියෙන්නේ. නඩු ටික අයින් කර පැරදිලා ගෙදර ගියොත් මොකද? මරාට, බැරාට ආදිය තියන නඩු ඉවර කරන් දුමින්දවත් එළියට දා ගත්තම හරි... මීටපසු ස්වාධීන අධිකරණයක් අපට නැත. ස්වාධීන පොලීසියක් අපට නැත. ස්වාධීන රාජ්‍ය සේවයක් අපට නැත. ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් අපට නැත. කොටින්ම, ස්වාධීන පාර්ලිමේන්තුවක් පවා අපට නැත...
සිල් රෙදි 2 ... ප්‍රදර්ශනය පස්වන මණ්ඩලයේ...
20වැනි සංශෝධනය ප්‍රකාරව මාර්තුවල නිදොස් කොට නිදහස්...
දැන් ඉතින් නඩුයි, බඩුයි දෙකම හාමුදුරුවන්ගේ..