බරපතල වංචා හා දූෂණ කොමිසමට කැඳවා සිටින පුෂ්පා රාජපක්ෂ හා ඇගේ දියණිය තේජනී අද දෙවැනි දිනටත් දන්වා ඇත්තේ කොමිසමට පැමිණීමට නොහැකි බවයි.
තමන් රටින් පිට සිටින නිසා පැමිණීමට නොහැකි බව කොමිසමේ පොලිස් ඒකකයට දන්වා ඇතැයි එහි ප්‍රකාශකයෙක් කියයි.
මැයි 4 හා 5 වැනිදාත් ඔවුන් කැඳවා තිබුණත් ඔවුන් පැමිණියේ නැත.
පුෂ්පා හිටපු ආර්ථික ඇමැති බැසිල් රාජපක්ෂගේ බිරියයි. තේජනී ඒ දෙදෙනාගේ දියණියයි.
මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත අදත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටියේය.
කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයේ සිදුවී යැයි කියන වංචාවක් ගැන ඔහු බදාදාත් එෆ්සීඅයිඩියට කැඳවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි ලෙස තම දරැපවුල රැකිම බුදුදහමට අනුව ඉතාමත් බරපතල පාපකර්මයකි මුදල් ඉදිරියේ දහම කොයිබටද? (බ)
1948 ඉදන් ලංකාවේ තිබුනේ ආණ්ඩු වර්ග දෙකයිනෙ කොළ/නිල් විතරයි මේදෙගොල්ලෝ හොරු කියල දැන දැනම ඡන්දෙ දෙනවා. ජවිපෙ ආදර්ශයෙන් පෙන්නලා තියනවා හොරකම් කරන්නේ නෑ කියල .එ්ත් අපේ රටේ මෝඩ ඡන්දදායකයා ඡන්දෙ දෙන්නේ හොරුන්ටමයි (බ)
බිරිඳයි, දුවයි කලින්ම රට යැවුවේ ඇයි? මෙයත් හොරෙන්ම රටින් පැනලා යයිද කියලා හිතන්නත් ඉඩතිබෙනවා. (නි)
ලංකාවේ හැම නීතියක්ම තියෙන්නේ දුප්පත් එදා වේලා දුක්මහන්සියෙන් හරිහම්බ කරගෙන දුක්ඛිත ජිවිතයක් ගතකරන, කිසිවක් කරන්න බැරි දුප්පත් අසරණ මිනිසුන්ට විතරයි කියන එක මොනවට පැහැදිලි කරනවද? (නි)
බරපත දුෂණ නඩු වලදී, මුලින්ම හිරේ දාන්න. ඉන්පස්සේ නඩු අහන්න. එහෙම කරන්න පුළුවන් නම් අපි කැමතියි (නි)
බලය තිබෙද්දී ධර්මය අමතක උන අයට මේවා හොඳ පාඩම්.(ම)
සල්ලි වලින් සැප විඳින්න පුළුවන් කියලා කව්රුහරි හිතනවා නම් ඒ තමයි ලෝකේ ඉන්න ලොකුම මෝඩයා. අපි හම්බ කරන ලොකුම ධනය තමයි පින් සහ පව්. ඒවා තැන්පත් කරලා තියෙන හිත තමයි තීරණය කරන්නේ මිනිසාව සනසනවද වනසනවද කියලා (නි)
ප්‍රශ්නයක් නැහැ. ඕනෑකරන පුද්ගලයා ලංකාවේ ඉන්නවානේ (නි)
තිලක් දන්නා දේවල් අනේ අපිටත් දැනගන්න ලියන්න ඔයා ගොඩක් දේවල් දන්නවනේ. (ර)
උසාවියට පුළුවනි රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ගමන් බලපත් අවලංගු කරලා අවශ්‍ය අයව නැවත ගෙන්වන්න (බ)
බැසිල්ගේ භාර්යාවගේ නමට ඇමරිකාවේ නාන තටාක සහිත අධි සුඛෝපභෝගී නිවාස 7-8 ක්ම තිබෙනවා කියල ලිපිනයන් සහිතවම ෆොටෝ සමග විස්තර අන්තර්ජාලයේ තිබුන.ඇමරිකාවේ එවැනි අධි සුඛෝපබෝගී නිවාස 7-8 ගන්න කොහේ මුදල්ද?කාගේ මුදල්ද? (බ)
දුෂිතයන්ට නිතිය ක්‍රියාත්මක කරලා දැඩි දඩුවම් දීල එම දනස්කන්දය රාජ සන්තක කරලා දුප්පත් මිනිසුන්ට සහන දෙනවා වෙනුවට,කම්බා හොරු ඉදිරියේ නිවට නියාලු,බියගුළු ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් අසරණ මින්සුන්ට බදු පිට බදු ගහමින් ගෙන යන වැඩ පිළිවෙල පිළිකුලෙන් යුතුව හෙළ දකිනවා. (බ)
වැට් බද්ද වැඩිකිරීම වසාගන්න මේගොල්ලෝ අපිව ගොනාට අන්දනවා (නි)
අපි දරුවන්ට උගන්වන්නේ ධර්මයෙන් හැසිරෙන්න,අවංක ගුණ ගරුක ලෙස ජිවත් වෙන්න කියල. (බ)
තිලක් -ඩුබායි හිතනවද ඡන්දෙට පෙර කියපු දේ ඡන්දෙන් පසු මේ ගොල්ලෝ කරයි කියලා. එහෙම වෙන්නේ නෑ. මේක තමයි දේශපාලන චක්කරේ. ඒක තේරුම් ගන්න.(අ)
තිලක් ඩුබායි ට ලංකාවේ කිසිම ආණ්ඩුවක් හරියන්නේ නැති පාටයි. (අ)
මේ මොහොතේත් රටේ කොහෙහරි නැති බැරි මිනිස්සු හිරේ දානවා ඇති කරපු වැරදි ඔප්පු කරන්නේ නැතිව. නමුත් ඇති හැකි අය මේක සෙල්ලමක් වගේ දිනන්නේ කවුද කියා සෙල්ලම් කරනවා. දිනෙන් දින එකතුවෙන දුෂිත් ගනුදෙනු හා සම්බන්ද ක්‍රියා ගැන ජනතවට කතා කරන්න යහපාලනය නිදහස දුන්නට, දුෂිත දේශපාලකයන් නීතියට කොටු නොවී සිටීම ගැන ජනපති හා අගමැති ඔවුන්ව පත්කළ යහපාලන ලැදි ජනතවට පිළිතුරු නොදී සිටීම යහපාලනය නොවේ.(හේ)
තිලක්, මටත් ඔය ප්‍රශ්නෙම තමා අහන්න තියෙන්නේ. මෙයාලට කොහෙන්ද මෙච්චර සල්ලි? (නි)
ලංකාවේ වඩාත්ම දැවෙන ප්‍රශ්න දෙක... නැත්නම් ඉතින් අපේ ප්‍රශ්න ඔක්කොම විසඳිලානේ තියෙන්නේ! (නි)
තිලක් -ඩුබායි, ඔයාගේ මොළේ හොඳ නැහැ කියලා කට්ටිය කියනවා. ඒක ඇත්තද? අන්තර්ජාලයේ තියන කතා ඔක්කොම ඇත්ත කියලද හිතන්නේ? (නි)
වැට් බද්ද වැඩි කිරීම වසාගන්න කරන වැඩ (බ)
එයාලා වෙලාවට එයි (නි)
කවුද එයාලට රට යන්න අවසර දුන්නේ? (නි)
මොකද අම්මටයි දුවටයි මෙහෙ එන්න බැරිද? (නි)
රත්නසිරිට නම් ඇත්ත පෙනුනා. බඩු මිල වැඩි වෙද්දී වැට් බද්ද වැඩි කල ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ඉන්න හැම මූසලයෙකුටම වාහනත් ගෙන්නනවා. ලෙඩ්ඩුන්ට බෙහෙත් නැහැ, දරුවන්ට පාසල් නැහැ, මිනිස්සු අපාදුක් විඳිනවා. මන්ත්‍රීලාට සුර සැප. මෙවුන් මේ කන්නේ මෙවුන්ගේ අම්ම අප්පාගේ බූදලේ නෙවෙයි, මිනිසුන් වෙනුවෙන් වියදම් කළ යුතු මුදල්. (බ)
මිනිහා කරපු වැඩ නිසා පුෂ්පයේ සුවඳත් නැතිව ගියා. තාත්ත කරපු වැඩ නිසා දුවගේ තේජනීය බවත් නැතිව ගියා. හම්බ කළ මුදල් බල්ලටද ? (බ)