ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය රටේ දැවැන්තම දේශපාලන ව්‍යාපාරය හා මෙරට දේශපාලනයේ කොඳු නාරටිය බවට තව වසර දෙක තුනක් ඇතුළතදී පත්කරන බවත්, අද පක්‍ෂයෙන් ඈත් වී සිටින අයට එවිට පක්‍ෂය හා එක්නොවී සිටීමට නොහැකිවනු ඇති බවත් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
පක්‍ෂයේ බහුතරයක් නායකයින්ගේ මෙන්ම පාක්‍ෂිකයින්ගේ සහාය ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට ලැබෙමින් පවතින බව කී බණ්ඩාර මහතා වෛරී අරමුණු වෙනුවෙන් බිහි කළ පොහොට්ටු පක්‍ෂය අර්බුද මතුවන්නට පටන් ගෙන තිබෙන බවද සඳහන් කළේය.
යුද සමයේ උතුරේ සහ දකුණේ ඇතිවූ තුවාල මෙන්ම ජාත්‍යන්තරයේ ඇති වූ තුවාල සුව කරන්නට පැමිණි විශේෂඥ වෛද්‍යවරයා වූ මෛත‍්‍රීපාල සිරිසේන ජනපති හිටපු රාජ්‍ය නායකයින්, සේනාධිනායකයින් ආරක්‍ෂක ලේකම් හා රණවිරුවන් විදුලි පුටුවෙන් ද බේරාගනිමින් රටේ ජනතාවගේ ගෞරවාදරයට පත්ව සිටින බව ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද කවුරුහරි ෆොන්සේකා මහත්තයව විදුලි පුටුවට යැව්වද? මොනවටද බොරු කියන්නේ? ඕවා කියනකොට කවුරුත් හිතයි රණවිරුවෝ අමානුෂික වැඩ කරලා කියලා. ඒ අය ඔය දේවල් කරලා නැහැ (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන දැන්නම් දුකයි අපිට (නි)
කවුරුත් බලාගෙන ඇති පරවෙනකම්... (නි)
රටේ ජනතාවගේ ගෞරවය දිනාගෙන තියන තරම බලන්න තිබුන පුංචි ඡන්දෙ නිසි පරිදි තිබ්බා නම්, (හේ)
බය වෙන්න එපා පොහොට්ටුව පරවෙනවද කියලා බලන්නකෝ.(හේ)
හොඳටම බය වෙලාවගේ. පොහොට්ටුවෙ බැනලවත් මඩ ගහලාවත් ශ්‍රීලනිපය රැකගන්න බැහැ. බැන බැන ඉන්න එකෙන් තවත් මිනිස්සු කළකිරෙනවා. ඒ නිසා ඔය අනශ්‍ය දේවල් නවත්වලා ඔබලාගෙ අඩුපාඩු හදාගන්න. (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් තිබුණද? මට නම් හරියට මතක නැහැ (නි)
ඩොලර් වලට ශ්‍රී ලංකා නිදසස් පක්ෂය පාවාදීපු අය දන්නෝ දනිති. යහපාලනයට මුක්කු ගහලා ඉන්න ශ්‍රී ලංකා නිදසස් පක්ෂයේ අයට කියන්න දෙයක් නැත. මේ පොහොට්ටුවට අපි පරවෙන්න දෙන්නේ නැහැ (නි)
තටු ගැලවුණු හංසයා ගැන මතක නැහැ වගේ. (නි)
ඇයි බයද?(හේ)
ඒ බව අපි දන්නවා.(හේ)
අනිත් අයට කෙසේවෙතත් මෙයාටනම් පහුගිය මැතිවරනේදී ජනතාව ඉගැන්නුවා හොඳ පාඩමක්. තවත් ලජ්ජා නැතුව කෑ ගහනවා (හේ)