දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ මුදල් අක්‍රමිකතා, මුදල් විශුද්ධිකරණ ඇතුළු අසත්‍ය චෝදනා කිපයකට වගඋත්තරකරු කරමින් තමන්ට එරෙහිව චෝදනා ගොනු කරමින් ගම්පහ, කඩුවෙල හා පූගොඩ අධිකරණ කිහිපයක ගොනු කර ඇති නඩු විභාග වලින් තමන්ගේ පුද්ගලික නිදහසට බාධා එල්ල වී සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වි ඇතැයි කියමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූනි 8 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(28) තීන්දු කළේය.
තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, අනිල් ගුණරත්න සහ කේ.ටී .චිත්‍රසිරි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සළකා බැලුණු අතර එහිදි මෙම තීන්දුව ලබා දී තිබේ.
පෙත්සමට අදාළ ලේඛන ලබා ගැනීම සඳහා තවදුරටත් කල් අවශ්‍ය බව පෙත්සම අද(28) කැඳවූ අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටි අතර ඒ අනුව පෙත්සම සළකා බැලීම ජුනි මස 08 වනදාට කල්දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියා ආවත් ඔය රටට ආත්මයක් නෑ, රටේ සල්ලි තමන්ට ඕන විදියට පාවිච්චි කරන කෙනෙක් කොහොමද හරිවෙන්නේ, ඇත්ත කියන කිසිකෙනෙකුට ඔය කිසි කෙනෙක් ඡන්දය දෙන්නේ නැනේ, ඉතින් හැමදාම මේ වගේ දේවල් අහගෙන ඉන්න එකනේ ඇත්තේ (බ)
නඩු කියන්න බැරිය ඕන තරම් කල්. මොකද සල්ලි වලින් අඩුවක් පාඩුවක් තියෙයියැ. අසාධාරණ කළ අය නඩු කල් යනවට කැමතියි. ඉඩම් නඩුත් එහෙමනේ. ඉඩම තමන්ගෙ නොවන බව දන්න කෙනා නඩු දාන්නේ අයිතිකරගන්න නෙමෙයි, පුවළුනතාක් කල් ඉන්න බලාගෙන. මේ නිතියේ ඇති හිඩැස වහන්න අපේ නිති විශාරදයින්ට බැරි ඇයි? (බ)
මේ රජය පෙරලෙනකල් කොහොමහරි ඇදගෙන ගියොත් කාටද ඉතිං? ඒවට දෙයියො දඩුවම් දෙන්න පරක්කු ඇයි දෙවියනේ? (බ)
ලියකියවිලි ලෑස්ති කරගෙනනේ නඩුව ගොනු කරන්න තිබුනේ? ඇයි නිතිඥ මහත්තුරු කිවේ නැද්ද ඒක? අපරාදේ ලංකාවේ උසාවිවල කාලය සම්පත් කොපමණ නාස්ති වෙනවද මෙහෙම කල් ගන්න ගියාම. උසාවි වලට නඩු ඉවර කරගන්න බැරි තරම් පිරිලා. (බ)
මේ විධියට මිනිස්සුන්ව ගොනාට අන්දන එක නවත්වන්න විනිසුරුවරුන්ට පුළුවන්. කල් ඉල්ලුවාම මාස ගණන් දෙන්නෙ නැත්ව සතියක් විතර දෙන්නනේ තිබුනේ? නඩු කල් අදින ක්‍රමවේදය ලංකාවෙන් තුරන් කළ යුතුයි. (බ)
මහින්ද රජය පරාජය විමත් සමග මොහු රට හැර යෑම ඉතාමත් බරපතල ලෙස ජනතා මුදල් මංකොල්ල කා අැති බව රටටම ඔප්පු කර අැත. (ස)
මේ ආණ්ඩුව ඇවිල්ලා දැන් මෙච්චර කල් ගියා. කෝ හොරු ඇල්ලුවද ? (නි)
“පෙත්සමට අදාළ ලේඛන ලබා ගැනීම සඳහා තවදුරටත් කල් අවශ්‍ය බව පෙත්සම අද(28) කැඳවූ අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටි “ කියන එකෙන්ම තේරෙනවා මේ හදන්නේ නිතියෙ හිඩැසක්වු නඩු කල් දැමිිමේ වාසිය අරගෙන කල් මරන්න කියලා. මේවට ඉඩ දෙන්න එපා. පෙත්සම දානකොටඅවශ්‍ය ලියකියවිලි ලැස්ති කරගෙන එපැයැ දාන්න. (අ)
වැරදි කළ අය නඩු කල් යනවාට ඉතා කැමතියි. මේකත් ඒකට හොඳම උදාහරණයක් බවයි මටත් හැඟෙන්නේ. ඉක්මනට නඩුව අහලා හිරෙි යනවට වැඩිය හොඳයිනේ මොනවා හරි කිය කියා ලියකියවිලි ලෑස්ති කරගන්න කම් කිය කියා ඇද ඇද ගෙදරට වෙලා ඉන්න එක. අපේ නිතිය මේ වගේ දේවල් වලට ඉඩ නොතබා වෙනස් කල යුතුයි වහාම. (අ)
තමන් වැරැද්දක් කරලා නැත්නම් පුළුවන් තරම් ඉක්මනට නඩුව අහලා ඉවර කරගෙන නිර්දෝෂී බව රටට පෙන්නන්න එපැයි හරි මනුස්සයෙක් නම්. එයාම නඩු දාලා එයාම කල් ඉල්ලනවා. ඇයි මේ ? (අ)
නිතිය අපට ඉක්මණින් සාධාරණය ඉටුකර පෙන්වන්නේ කවදාද? (ම)
පෙත්සම සළකා බලන්න්ත් ජුනි මස 08 වනදාට කල්දැම්මා කියන්නේ මාස 3 යි. ඔය සළකා බැලිම ඉවර වෙලා නඩු අහලා තින්දුව දෙන්න කොච්චරකල් යයිද දන්නෙ නැහැ. මෙහෙම රටක ඉපදුනේ ඇයි කියලා හිතෙනවා. (ස)
අය්ය කොහොමහරි ආපහු ගේනකන් අදින්න මෙයාට ඕන. ඊට පස්සේ මොන නඩුද ඉතින්. (ස)