(මනොප්රිය ගුණසේකර)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බෙදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන ජුනි 4 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (25) නියම කළේය.
විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛණ ආදිය පැමිණිල්ල විසින් ලබා දීමෙන් පසුව විනිසුරුවරයා නඩුව විභාග කිරීම සඳහා මෙලෙස දින නියම කළේය.
2014 ඔක්තොම්බර් 31 වැනිදාත් දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී ජනාධිපතිවරණය ආසන්න අවස්ථාවේදී ප්‍රාදේශීය සභා අතර රුපියල් 36,509,127.78 ක් වටිනා ජී.අයි. යකඩ බට බේදා හැර රජයට රුපියල් 36,509,127.78 ක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛණ ආදිය පැමිණිල්ල විසින් ලබා දී ඇති බව දැනුම් දීමෙන් පසුව අදාළ ලේඛණවල අඩුපාඩුවක් ඇත්නම් ලබන මස 23 වැනිදාට පෙර ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළ විනිසුරුවරයා නඩුව ලබන මස 23 වැනි දා කැඳවීමටද නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අසාද් නවාවී මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන අනිල් සිල්වා, ජයන්ත වීරසිංහ සහ ශ්රවින්ද්ර ප්‍රනාන්දු යන මහත්වරුන් සමඟ නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙදා හැරලා තියෙනවා නම් කොහොමද වංචාවක් වෙන්නේ? වංචාවක් වෙලා නැත්නම් කොහොමද රජයට පාඩුවක් වෙන්නේ? අපට නම් තේරෙන්නේ නැහැ මේ විගඩම්.
මෙයා නිසා තමයි මහින්දට ගෙදර යන්න වුණේ. 2005 ජනාධිපතිවරණයේදි ජවිපෙ උත්සාහය නිසා මහින්ද දිනුවේ. ඊට පස්සේ මෙයයි මෙයාගෙ මල්ලියි අමෙරිකාවේ ඉඳන් කඩා පාත් වුණේ. මෙයාගේ උද්ධච්චකමයි, හොරකමුයි නිසා හොඳ මිනිස්සු හැමෝම මහින්දගෙන් ඈත් වුණා. මෛත්‍රී මහින්දගෙන් ඈත් කළේ මෙයා තමයි.
හරි...!! තව මේ වගේ නඩු වාර තුන හතරක් ගිහාම, නඩුව අසා ඉවර වෙන්නත් කලින් ආණ්ඩුවේ කාලය ඉවරවෙලා, ජනාධිපතිවරණයත්, මහමැතිවරණයත් ඉවර වෙලා ඔක්කොමලා ගොඩයයි කියලයි සිතෙන්නේ. එතකොට හොරු ඇල්ලුවද කියා ඇසූවිට, ඊළඟ වාරයෙදී අල්ලන එක අල්ලනවාමයි කියයි.
ඡන්දෙන් පස්සේ මෙයා රට පනින්න ගුවන්තොටුපොළ හරහා දුවපු දිවිල්ල මට තවම ගැටළුවක්. හරියට පුහුල් හොරා කරෙන් දැනේ වගේ.
බැසිල්ගේ රුපියල් කෝටි 3 1/2 කට නඩුවකට ඔහුව කැඳවීම බැසිල්ට කරන නිගාවක්... මොහු බිලියන ගණනින් වංචා කරලා තියෙද්දී තමාවත් නොදන්නා මාලිගාවල් පවා තමාට තියෙද්දී මේවගේ පොඩි දෙයකට නඩු දැමීම මොහුට කරන අපහාසයක්. හැබැයි මේ නඩුවත් තවත් මාස 5 ක් ඉදිරියට යයි නේද?
යකඩ බට බෙදුවම කොහොමද පාඩුවක් වෙන්නේ? නොබෙදා ඒ සල්ලි වංචා කලානම් පාඩුවක්. මොකක්ද මේ කතාවේ තේරුම?
ඕක සුළු හොරකමක්නේ... ඒකත් කොහොම හරි ගොඩදාගනියි ජනපතිට කියලා. හැබැයි මීට නොදෙවෙනි වෙන්න රට කාලයි කියල තමා ඉස්සර කිව්වේ. ලංකාවේ හොරකම, දූෂණය, මිනීමැරුම් අතුරුදහන් කිරීම්වලට රටේ බහුතරය විරුද්ධව නැගී සිටින්නේ ඒ අයගේ ජාතිය අනුවයි..
"දඬුවම් දීමේ අණපනත් ඉදිරි සතියේ " කියලා කීවේ ජුනි මාසෙටද?
2005 ජනාධිපතිවරණයේදී නැතත්, මෙතුමගේ සහෝදරයත් ලංකාවේ හිටියේ. මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූයේ මෙතුමා වේදිකාවේ හිටියේ නැති නිසයි.
සුපර් මාර්කට් එකක සාමාන්‍ය වෘත්තීය නොවන රැකියාවක් කරපු මෙයාට ඇමරිකාවේ මෙච්චර ලොකු ගෙවල් පහල වුනේ කෙසේද? රට කෙසේ වෙතත් මෙයා නම් ආශ්චර්යට ගියා. ඔහොම යමු මෙහෙ ගොඩක් අය ඕවා බලාගෙන ඉන්නේ...
සපුමල් බණ්ඩාර, මහින්දගේ මල්ලි ඇමෙරිකාවේ ඉඳලා ආවේ නැත්නම් නන්දිකඩාල් කලපුවේ මැරුණු ඔයාගේ අයියා තවමත් ජීවතුන් අතර...
2014 සිදුවූ වරදකට දඬුවම් කරන්න නොවෙයි... නඩුවට සුදානම් වෙන්න විතරක් වසර 3 1/2 කට වඩා කාලය ගතවී තිබෙනවා. අලාභය කෝටි ගණනක්. නමුත් කෙහෙල් කැනක් හොරෙන් කැපුවා කියන වරදකට වයස 65ක පුද්ගලයෙකුට දැනට වසර 5 කට පමණ ඉහතදී පොලිසිය විසින් ගහල මරන්න ගතවුයේ එක් රාත්‍රියක් පමණයි. පින් කරන ඇත්තන්නේ, ඔබට මතු ආත්මයක සොරෙක් වෙලා උපදින්න අවශ්‍ය නම් රජ පවුලකම උපදින්න ප්‍රාර්ථනා කරන්න.
මේ අයට දඩුවම් කරන්න ඕන නම් ජේ වී පි එකට ඡන්දෙ දෙන්න....
මේවා බොරු නඩු...