වැලිකඩ හිර ගෙදර රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ බන්ධනාගාර රෝහලෙන් අද දහවල් කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබීය.

පපුවේ රිදීමක් ගැන ගැන පැමිණිලි කරමින් ඔහු ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට ගෙන ආ බව එහි ප්‍රකාශකයකු කියයි.

ඉන් පසු ඔහු ජාතික රෝහලේ අංක 15 මර්චන්ඩ් ගෙවන වාට්ටුවකට ඇතුළු කළ බව රෝහල් ප්‍රකාශකයකු පවසයි.

සෙසු සැකකරුවන් දෙදෙනා ද රෝහලට ඇතුළු කර ඇත.