දිවි නැඟුම උත්සවයක් වෙනුවෙන් හිතුමතේ වියදම් කර ඇතැයි කියන මුදල් ගැන ප්‍රශ්න කිරීමට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගෙන්වා ප්‍රශ්න කිරීමට මහා පරිමාන මූල්‍ය වංචා සෙවීමට අලුතින් පත් කළ පොලිස් ඒකකය උසාවියෙන් අවසර ගැනීමට නියමිත යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
ඇමෙරිකා පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ නව රජය පත්වීමෙන් දින කිහිපයකට පසු රටින් බැහැර විය.
දිවි නැගුම අධ්‍යක්ෂවරිය කියා ඇත්තේ එක් උත්සවයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 70ක් වැය කර ඇති බවයි.
එම ඒකකය පිහිටුවීමෙන් පසු මහා පරිමානයේ දූෂණ වංචා අක්‍රමිකතා ගැන පැමිණිලි 38ක් ලැබී ඇතැයි ද, ගිය රජය අත්සන් කළ හෙජිං තෙල් ගිවිසුම සම්බන්ධයෙන් තෙල් සංස්ථාවේ හිටපු සභාපති අසංක ද මෙල්ගෙන් ප්‍රශ්න කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශක කියයි.
යුද සමයේ ප්‍රංශයෙන් මිල දී ගත් මිග් ප්‍රහාරක යානා අලුත් වැඩියාවට වැය කළ රුපියල් ලක්ෂ 145 සම්බන්ධයෙන් ද ප්‍රශ්න කිරීමට යයි.
පසුගිය සතියේ දෙමටගොඩ, දියවන්නාඔය හා වැලිකඩ ඇළ මාර්ගවල තිබී සොයා ගත් සිරුරු කොටස් එකම අධිකරණ වෛද්‍යවරයකු ලවා පරීක්ෂණයක් සිදුකොට හඳුනා ගැනීමට ද නියමිත බව ද මාධ්‍ය ප්‍රකාශක කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඇමෙරිකා පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ නව රජය පත්වීමෙන් දින කිහිපයකට පසු රටින් බැහැර විය".ලෝකයේ කොහේ හැංගිලා හිටියත් වැඩක් වෙන්නේ නැහැ. (ස)
තවමත් ෙම් අය පස්ෙස් යන අය ඉන්නවා (ස)
හොඳයි. අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ඇමෙරිකා පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ නව රජය පත්වීමෙන් දින කිහිපයකට පසු රටින් බැහැර විය. (නදී)