දිවි නැඟුම උත්සවයක් වෙනුවෙන් හිතුමතේ වියදම් කර ඇතැයි කියන මුදල් ගැන ප්‍රශ්න කිරීමට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගෙන්වා ප්‍රශ්න කිරීමට මහා පරිමාන මූල්‍ය වංචා සෙවීමට අලුතින් පත් කළ පොලිස් ඒකකය උසාවියෙන් අවසර ගැනීමට නියමිත යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
ඇමෙරිකා පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ නව රජය පත්වීමෙන් දින කිහිපයකට පසු රටින් බැහැර විය.
දිවි නැගුම අධ්‍යක්ෂවරිය කියා ඇත්තේ එක් උත්සවයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 70ක් වැය කර ඇති බවයි.
එම ඒකකය පිහිටුවීමෙන් පසු මහා පරිමානයේ දූෂණ වංචා අක්‍රමිකතා ගැන පැමිණිලි 38ක් ලැබී ඇතැයි ද, ගිය රජය අත්සන් කළ හෙජිං තෙල් ගිවිසුම සම්බන්ධයෙන් තෙල් සංස්ථාවේ හිටපු සභාපති අසංක ද මෙල්ගෙන් ප්‍රශ්න කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශක කියයි.
යුද සමයේ ප්‍රංශයෙන් මිල දී ගත් මිග් ප්‍රහාරක යානා අලුත් වැඩියාවට වැය කළ රුපියල් ලක්ෂ 145 සම්බන්ධයෙන් ද ප්‍රශ්න කිරීමට යයි.
පසුගිය සතියේ දෙමටගොඩ, දියවන්නාඔය හා වැලිකඩ ඇළ මාර්ගවල තිබී සොයා ගත් සිරුරු කොටස් එකම අධිකරණ වෛද්‍යවරයකු ලවා පරීක්ෂණයක් සිදුකොට හඳුනා ගැනීමට ද නියමිත බව ද මාධ්‍ය ප්‍රකාශක කියයි.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැසිල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කරන්න යයි
තිලක් -ඩුබායි Wednesday, 25 March 2015 04:28 PM
"ඇමෙරිකා පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ නව රජය පත්වීමෙන් දින කිහිපයකට පසු රටින් බැහැර විය".ලෝකයේ කොහේ හැංගිලා හිටියත් වැඩක් වෙන්නේ නැහැ. (ස)
තිලක් -ඩුබායි Wednesday, 25 March 2015 04:33 PM
තවමත් ෙම් අය පස්ෙස් යන අය ඉන්නවා (ස)
කාන්ති Wednesday, 25 March 2015 05:09 PM
හොඳයි. අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
නන්දලාල් ප්‍රංශය Wednesday, 25 March 2015 10:13 AM
ඇමෙරිකා පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ නව රජය පත්වීමෙන් දින කිහිපයකට පසු රටින් බැහැර විය. (නදී)