මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරු හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ අසල්වැසි රාජ්‍යයක සහායෙන් යූඇන්පිය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදා වෙන් කිරීමේ කුමන්ත්‍රණයේ හවුල්කරුවා වී සිටිතියි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේදී අද (29) ප්‍රකාශ කළේය.
‘අපි මහින්ද රාජපක්ෂට ආදරෙයි. බැසිල්ගේ කුමන්ත්‍රණවලට අහුවෙන්න එපා යැයි ඔහුට කියනවා. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාලු රැලියට ආවොත් මම ඇමැතිකමින් ඉල්ලා අස්වෙනවා. මම ඒ අභියෝගය ඔහුට කරනවා. ගාමිණී දිසානායක මහතා කාලෙත් බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමට වැඩ කළා. ඔහු දැන් කරන්නෙත් ඒ දේමයි. ඔහු සල්ලි බෙද බෙදා ශ්‍රීලනිපය දෙකට කඩනවා.‘ යැයිද ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං නියම සිලනිපය කොතනද කියලා මෙතනින්ම තේරෙනවා නේද.? (ර)
පක්ෂ මාරු කරලා හැරෙන හැරෙන අතට ප්‍රතිපත්ති වෙනස් කරන දේශපාලන කරන අය මොනවා කිව්වත් ඒවා බුද්ධිමත් ඡන්ද දායකයින් අහන්නේවත් , පිලිගන්නේවත් නැහැ . (ර)
බැලුවහම ඔය කවුරු-කවුරුත් කරන්නේ කොන්ත්‍රාත් තමයි. හැබැයි ඒ කොන්ත්‍රාත් වලින් ඒ ගොල්ලන්ට පාඩු නැහැ. අපිටයි, පාඩුව. (ර)
එයා හිටපු යූඇන්පී සාමාජිකයෙක්. (ර)
කවුරුත් ඉතින් බෝට්ටුව පෙරලෙන පැත්ත බලල හොඳයි කියනවා. (ර)
ජාතියට, ඓතියට, බොදු ඓතියට ආදරය කරන මිනිසුන් කාගේ කාගේත් කෙරුවාව දන්නවා. මේ ගොල්ල කම්කරු දිනයට මරා ගන්නවා. (ර)