තම සහෝදරයා වන බැසිල් රාජපක්ෂ බැලීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද කොළඹ ජාතික රෝහලේ මර්චන්ට් ගෙවන වාට්ටුවට ගියේය.
ජනපතිවරණ සමයේ දිවි නැගුම මුදල් අයුතු ලෙස වියදම් කළැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක හා දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.ඒ.කේ රණවක රිමාන්ඩ් කරනු ලැබූහ.
පපුවේ අමාරුවක් හැදීම නිසා ඔවුහු තිදෙනාම කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවට රැගෙන එනු ලැබූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කලත් සහොදර කැක්කුම තියනවනේ . (ස)
පිටබැද්දර ජයාටත් මහින්ද භීතිකාව උග්‍රවෙලා නේද? (නි)
ඔය මොන සෙනගද ජයලලිතා හිරේ ගියේ වෙලාවේ 25ක් ගිනිතයගෙන මරුණේ කෝ තාම එහෙම හපන්කමක් කරන්න එක් කෙනෙක්වත් එදිරිපත් වෙන්නේ නැනේ අප්පච්චි වෙනුවෙන් (ස)
අප කාටත් උපන්දා සිට ඇතිවෙන සහෝදරකමට වේදනාවක් එතුමාටත් ඇතිවෙන්න පුළුවනි (ස)
හොරු වෙනුවෙන් අනුකම්පාව ගැනීමේ මෙහෙයුමක් මේ ක්‍රියාත්මක වෙන්නේ.(ස)
අද සාටකයට මොකද වුණේ. (ස)
සුමුදු හේවා , යහපාල මහානාම කරුණාකරලා ඔබගේ අදහස දෙන්න ඒ යට නිවාස සාදා ගැනීමට (ස)
නිකන් පාරට බැස්සත් පේනවද මහජන සැලකුම. ජයවේවා මතිදුනි. (ස)
රාජපක්ෂල හිතන් ඉන්නේ ශ්‍රී ලංකාව ඒ ගොල්ලන්ගේ බුදලයක් කියලා. දසවසරක සාපයෙන් මුදවා ගත්තේ ජාතියේ වාසනාවකට. නැවත මේ රටේ රජප්ක්සලට බලයක් නැත. මොකද අපිට අපේ දරුවනට නිර්මාණය කරන්න ඕනි සදාචාර සම්පන්න විනයෙන් හෙබි නීතියට ගරුකරන සමාජයක් ! (ස)
මේ කතාවේ. පළමු පේලි ටික. කෝ ,මහින්දට. බයද. (ස)
අපේ පිරිබාහරන් අයියට ජයවෙවා ශ්‍රීලංකාව ඉලන්කෙයි කෙරුවට(ස)
රටට ආදරයක් තියෙන ,රට බේරාගත් නායකයාට ජය වේවා! (ස)
තුන් දෙනාටම එක පපුවේ අමරුවක්ද හැදිලා තියෙන්නේ , නැතිනම් පපුවේ අමාරු තුනක්ද හැදිලා තියෙන්නේ. (ස)
නිකන් නෙමේ පාරේ ඉන්නේ ජම්පරේ ඇඳලා. ඒක මෝඩයන්ට පෙන්නේ නැත. (ස)
විරාජ් ඒකනායක, ඔයාලා එක්ක ජාතිකානුරාගය ගැන කතාකරලා වැඩක් නැහැ (නි)
මේං මෙන්න පරලවෙලා පිස්සු චතුරි අද - නව අදහස් ඉල්ලනවා ගෙවල් හදන්නට! ඒ කතාව ගැළපෙනවද මෙවන් සබාවට- කියාදෙන්න ඇහැකි කෙනෙක් මෙතන ඉන්නවද? (නි)
පපුවෙ අමාරුකාරයො බලන්න සෙනගත් එක්ක යන එක වෛද්‍යවරු අනුමත කරන්නෙ නැහැ. (ර)
මල්ලිගේ වැඩ ගැන අයියා දැනගෙන හිටිය කියල මමනම් හිතන්නේ නැහැ. (ර)
අයියා මල්ලී වාගේ.... අයියා මල්ලී... (නි)
ලංකාවට එනකොටත් ඔය පපුවේ අමාරුව තිබුනද? (නි)
අනේ අම්මේ පිවිතුරු යහපාල මහත්තයෝ.. අයියට එන්න කියන්න හරහට වඩාගන්න . මුකුත්ම දන්නේ නැතුව ඇති. (අ)
සුජීව, ජයලලිතාට සමාන කරන්න පුළුවන් කෙනෙකුට මෙහෙ ඉන්න කෙනා වෙනුවෙන් මැරෙන්න තියා එයාගේ කටහඬ අහන්නවත් මෙහෙ හුඟදෙනෙක් කැමති නැහැ. (නි)
මිනිස්සු කැමතියි තමන්ගේ බදු මුදල් කාබාසිනියා කළ අයව සියැසින් දැක බලාගන්න. තාමත් අර වශී බෝලය මිරික මිරිකා ඉන්නේ ඇයි දන්නෙ නැහැ (නි)
අනේ පවු මේ අහිංසකයන්ට මෙච්චර කරදර දෙන්නේ මොකටද? මේ කිසිම කෙනෙක් රටේ සල්ලි සත පහක්වත් අරගෙන නැහැ. මෙපමණ ජනතාවක් ඒ අයගේ පසුපසින් ඉන්නේ ආදරයක් තියෙන නිසානේ. (අ)
පපුවේ අමාරු හැදෙන්නේ මොකද කියලා අපි දන්නවා (නි)
එකනේ ඇසළ, මලේ බඹරු වගේ පිරිවර ලබන්න එතුමා මේ භවයේදී රටක ගිනි නිවීමෙන් රැස්කරගත් කුසල් සම්භාරය ම ඇති. හැබැයි ඉතින් මේක දකින සමහරුන්ගේ මහින්දභීතිකාව නම් හොඳටම උග්‍ර වෙනවා .(අ)
රෝහලක මේවගේ ප්‍රදර්ශන වැඩ කිරීමෙන් අනිත් රෝගීන්ට හිරිහැරක් වෙන බව දන්නේ නැද්ද.? (ර)
ඇසළ, යහපාල (බන්දුල), ඔහොම බලාගෙන ඉන්න. ඔන්න හෙල්පින් නඩුව ඇදිලා එනවා. (නි)
ඔවුන්ට රෙදි ඇඳගෙන ජනතාව ඉදිරියට එන්න පුලුවන්ද? (නි)
ලංකාවේ තියෙන්නේ නීති දෙකක්ද? දුප්පත් මිනිහෙක් බඩගින්නට හොරකම් කළොත් හිරේ දානවා.සල්ලි බලය ඇති අය රෝහලේ. (නි)
පිවිතුරු යහපාල කවදාවත් සත්‍ය තේරුම් ගන්න ජාතියක් නෙවෙයි , වැඩක් තියෙනවද මහත්තයෝ හොරකම් කරලා හිරේ විලංගුවේ වැටිලා , අනික මහජන දේපොළ ! පාරේ හිඟා කෑවනම් මීට වඩා නම්බුයි නේද ?(අ)
සිරිමල් සහ සිරිලාල්, වැටහෙන නුවණක් තියෙන පාට කන්නාඩි නොදමන හැමෝම දන්නවා මෙතන සිදු වෙන්නේ දේශපාලන පළි ගැනීමක් සහ අපේ රටට සතුරු විදේශීය බලවේග වල න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීමක් බව. කෙළවරක් නැති මඩ ප්‍රචාර නොතකා යන යන තැන දේශප්‍රේමී ජනතාව එතුමන්ව පිරිවරාගන්නේ එතුමන්ගෙන් රටට සිදු වුණු සේවය සේම සිදුවෙමින් තියෙන කුමන්ත්‍රණයත් වටහාගත් හින්දයි. (අ)
මල්ලී ඇතුළු අනෙකුත් අයට එකටම පපුවේ අමාරුව සෑදීම නම් විශාල ප්‍රශ්නයක් වගේම මේ මුළු ලෝකෙම ප්‍රථම වතාවට වාර්තාවක් (නි)
දැන් එතුමා දන්නවා බැසිල් ආව කියල (බ)
ඇසළ, සුමුදු හේවා, ඔබ දෙදෙනා සමග එකගවෙමි (බ)
මලේ දෙබරු වගේ හොරුන් දුෂිතයන් නම් දැනුත් වට වෙන බව පේනවා. අඩු ගානේ අර කුලියට අඬන බවලතියන් ටික හරි වටේට ඉඳීවි. (බ)
මේතරම් සෙනඟක්? (නි)
අනේ පවු! එයාට අමාරුද දන්නෙ නැහැ (නි)
කවුරු කොහොම කීවත් මගේ සහෝදරයෙක් මොනා කලත් මම නම් යනවා බලන්න අමාරුවේ වැටුණු වෙලේට. මේකේ කොමෙන්ට් දාන අයගේ සහෝදර සහෝදරියෝ වැරදි කියන්නේ මොනාද කියල දන්නෙවත් නැති අය වෙන්න ඇති. සහෝදරකම් අමතක නොකරන්න ඒක මිනිස් ගුණයක්. (ර)
බයවෙන්න දෙයක් නෑ මැජික් බෝලටික අතේ තියාගෙන ඉන්නේ. (ස)
පපුවේ අමාරු ගැන වහාම පරීක්ෂණයක් කර.හොර සහතික දුන්න දොස්තරලා ගේ බලපත්‍ර අවලංගු කර හිරේ දාන්න තියෙන්නේ.. (දිල්)
අර තිරිහන් වෙන්න අඩුවෙන් වයස ලියලා , අසනීප වුණ නෝනාගේ ලෙඩේට සමාන ලෙඩක් ද දන්නේ නැහැ. (දිල්)
එතුමා නොගිහින් කොහොමද සහෝදරයා බලන්න? (නි)
සහෝදරයෙක් බැලීමට රෝහලට යාම හොඳ දෙයක්.නමුත් ගසාකෑ සල්ලි පිළිබඳව පරීක්ෂණයක් කළයුතුයි. (නි)
මේ ප්‍රතිචාර දමන බොහෝ අය මේ රටට අබමල් රේණුවකින් දෙයක් කළ අය නොවේ. (නි)