අද සවස අත් අඩංගුවට ගත් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, හිටපු දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ.රණවක යන තිදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 5 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.
වීඩියෝ - ලහිරු හර්ෂණ
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බැසිල් මැයි 5 තෙක් රිමාන්ඩ්
ජීවාන්දර Thursday, 23 April 2015 05:30 AM
තමන් හරිනම් මොනවට බය වෙනවද මේ වට තමා කියන්නේ හැංගි හැංගි වෙස්මුනු බෑන්දට එළිපිට නටන්ඩ වෙනව කියල රජයට අයත් දෑ සියල්ල මහජනතාවට අයිති දෑ ඒව හොරා කෑම සාංඝික දේ කෑව වගේ රජ පවුලට මේවට ගෙවන්ඩ වෙනව හරි විදිහට ඉතිරි අයත් කොටු කළානම් තමා හොද (බ)
සත්‍යපාල Thursday, 23 April 2015 06:04 AM
ලාමා, ඔබේ ඔය අදහසට අපි විරුද්ධයි, සාධාරණ පරීක්ෂණයක් පවත්වා කල වැරදි වලට අනුව දඩුවම් දීම පමණයි යහපාලනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේක අපේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවෙයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ඇතිකිරීම හා පවත්වාගෙනයාමට අතවශ්‍ය කොන්දේසි සම්පුර්ණ කිරීමක් හැටියට තමයි මෙය සැලකිය යුත්තේ. (ර)
ප්‍රශාන් Thursday, 23 April 2015 06:38 AM
යුද්ධය දිනුවහම සමහරු හිතුවේ මේ රට ඔවුන්ගේ බුදලයක් කියලා. (නි)
සඳුන් Thursday, 23 April 2015 06:42 AM
සත්‍යපාල, ඔබ කියන දේ සම්පූර්ණයෙන් පිළිගන්නවා. අපි යහපාලනයෙන් බලාපොරොත්තු වෙන්නේ වැරැද්දට නියම දඬුවමයි. එපමණයි. (නි)
කමල් Thursday, 23 April 2015 07:27 AM
ජනතාව කලබල වෙන්නේ නැතිව උසාවි තීරණේ මොකද්ද වෙන්නේ කියලා බලාගෙන ඉදිමු. මේ වැනි දේවල් සිදුවීම් ගැන ජනතාව සතුටු විය යුතුයි. රටේ අදායම නිසිලෙස නොයෙදීම නිසයි අපේ රටවල දුප්පත්කම හැමදාම ඉතිරි වෙලා තියෙන්නේ. ලංකාව හැමදම මෙහෙම වෙන්නේ පාලකයින්ගේ වෙරැදී නිසයි. එයාල කොහොමද අවුරුදු 4ක් පර්ලිමෙන්ට් ඉඳල මෙහෙම ජිවත් වෙන්නේ. අනෙක් මිනිස්සු ජිවිත කාලයක් රස්සා කලත් ඔය සැප ගන්න පුලුවනිද.? මේ දේවල් හිතන්න බැරි අය ඉන්නකම් එයාලට හොදයී. කකුළුවා දිය හැලියේ වගේ. උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්නකන් මෝඩයින්ට රජ වෙන්න බැරි බව තේරුම් ගන්න ඕනේ. (ර)
තිලක් Thursday, 23 April 2015 07:28 AM
අපි හැමෝම මහින්දට ගරු කරනවා, හොරකම්, අපරාද, වංචා කල සියලු දෙනාට දඩුවම් ලැබීම අනුමත කරනවා. සිරිසේන ජනපතිතුමනි , ඔබට හදවතිම්ම සුබ පතනවා.! (ර)
ඇස්ට්‍රෝ ජයා Wednesday, 22 April 2015 04:51 PM
ඉතා හොඳ තීරණයක් (ස)
බැප්ටිස් Thursday, 23 April 2015 08:09 AM
කපටිකම් වලට රාජපක්ෂලා හරි බුද්ධිමත්. (ත)
රොෂාන් Thursday, 23 April 2015 08:16 AM
ඔන්න ඉන්නවා ලොකුම තල්මසෙක්. මේ තල්මසාගේ පිටිපස්සේ ඉන්නේ තෝරු මෝරු සහ සියලුම මාළුවෝ. (ස)
ප්‍රබාත් සේනාරත්න (පාසිෆික් දුපත් සිට) Thursday, 23 April 2015 08:27 AM
ධම්මික හේමපාල මැතිතුමා අධිකරණයේ උපරිම විශ්වාසය ශ්‍රීලංකා ජනතාවට ලබා දුන් උච්චතම අවස්ථාව. අනිත් අයත් නීතිය රැහෙනට කොටුවීම ශ්‍රීලංකා ජනතා පැතුම. (ත)
කසුන් Thursday, 23 April 2015 03:22 AM
ඔහොම තමා. කරන කලට පව් මිහිරිය මී සේ..(ස)
රේණුක Thursday, 23 April 2015 04:33 AM
එහෙම කිසිම පුද්ගලයෙකු රිමාන්ඩ් කරන්න බැහැ....යම්කිසි වරදක් ඇති නිසා තමයි ඔහුව රිමාන්ඩ් කලේ ...ඒ නිසා ජනතාව කලබල වෙලා මෝඩ විදියට හැසිරෙන්නේ නැතිව උසාවි තීරණේ මොකද්ද වෙන්නේකියල බලාගෙන ඉදිමු . (ස)
නනායක්කාරන් Thursday, 23 April 2015 04:37 AM
අන්තිමට අහිංසක රජයේ සේවකයෝ තමයි අමාරුවේ වැටෙන්නේ. දේශපලකයෝ හොරකම් කරලා බොරුවට මිනිස්සු දාලා උද්ගෝෂණත් කරල සුදනො වෙනවා. මෙච්චර අඩු වැටුපක් අරගෙන දේශපාලකයෝ ජීවත් වෙන විදිය දැක්කම පුදුම හිතෙනවා. (ස)
ලාමා Thursday, 23 April 2015 04:40 AM
රාජපක්ෂ මුළු පවුලටම දැඩි දඩුවම් දෙන්න ඕන. (ස)
දිලිප් Thursday, 23 April 2015 09:21 AM
ඇත්ත කවදා හෝ එලි වෙනවාමයි. සීමාවන් ඉක්මවා කටයුතු කරනවා අපි දුටුවා. අනන්තවත්.(ම)
ඩෝසන් Thursday, 23 April 2015 04:57 AM
කරන කලට පවු - මිහිරිය මි සේ - විදින කලට දැල්වේ ගිනිසේ - දිය නලියන තෙක් ලක් හැලියේ - රාජපස්ස සැපයක් යයි සිතුවේ. (ස)
දිල්කි Thursday, 23 April 2015 05:03 AM
කට්ටිය කියන්නේ දින 100 යේත් හොරු ඉන්නවා පවුල් වාදය කියල එහෙනම් එයාලටත් නිතිය ක්‍රියාත්මක කරයි නේද ? දෙකම එක වගේ නේද ? තීරණය ජනතාව අත (බ)
ඩෝසන් Thursday, 23 April 2015 05:05 AM
බොරු උපාධි ගත්තු හොර සහතික වලින් ඉතාම උගත් බව නුගත් උදවියට පෙන්වන ලැම්බෝගිනි නීතිඥ තුමත් ඉන්නවා නේද ? (බ)
රොහාන් Thursday, 23 April 2015 05:07 AM
දින 100 ඉවර වෙනකොටම යහපාලනය වැඩ පටන් අරගෙන කොහොම හරි ජනතවට දීපු පොරොන්දු ඉටුකරන්න ඕනේ එකට තමා අපි අපේ ජන්දය දුන්නේ.(ම)