අද සවස අත් අඩංගුවට ගත් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, හිටපු දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ.රණවක යන තිදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 5 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.
වීඩියෝ - ලහිරු හර්ෂණ











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් හරිනම් මොනවට බය වෙනවද මේ වට තමා කියන්නේ හැංගි හැංගි වෙස්මුනු බෑන්දට එළිපිට නටන්ඩ වෙනව කියල රජයට අයත් දෑ සියල්ල මහජනතාවට අයිති දෑ ඒව හොරා කෑම සාංඝික දේ කෑව වගේ රජ පවුලට මේවට ගෙවන්ඩ වෙනව හරි විදිහට ඉතිරි අයත් කොටු කළානම් තමා හොද (බ)
ලාමා, ඔබේ ඔය අදහසට අපි විරුද්ධයි, සාධාරණ පරීක්ෂණයක් පවත්වා කල වැරදි වලට අනුව දඩුවම් දීම පමණයි යහපාලනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේක අපේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවෙයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ඇතිකිරීම හා පවත්වාගෙනයාමට අතවශ්‍ය කොන්දේසි සම්පුර්ණ කිරීමක් හැටියට තමයි මෙය සැලකිය යුත්තේ. (ර)
යුද්ධය දිනුවහම සමහරු හිතුවේ මේ රට ඔවුන්ගේ බුදලයක් කියලා. (නි)
සත්‍යපාල, ඔබ කියන දේ සම්පූර්ණයෙන් පිළිගන්නවා. අපි යහපාලනයෙන් බලාපොරොත්තු වෙන්නේ වැරැද්දට නියම දඬුවමයි. එපමණයි. (නි)
ජනතාව කලබල වෙන්නේ නැතිව උසාවි තීරණේ මොකද්ද වෙන්නේ කියලා බලාගෙන ඉදිමු. මේ වැනි දේවල් සිදුවීම් ගැන ජනතාව සතුටු විය යුතුයි. රටේ අදායම නිසිලෙස නොයෙදීම නිසයි අපේ රටවල දුප්පත්කම හැමදාම ඉතිරි වෙලා තියෙන්නේ. ලංකාව හැමදම මෙහෙම වෙන්නේ පාලකයින්ගේ වෙරැදී නිසයි. එයාල කොහොමද අවුරුදු 4ක් පර්ලිමෙන්ට් ඉඳල මෙහෙම ජිවත් වෙන්නේ. අනෙක් මිනිස්සු ජිවිත කාලයක් රස්සා කලත් ඔය සැප ගන්න පුලුවනිද.? මේ දේවල් හිතන්න බැරි අය ඉන්නකම් එයාලට හොදයී. කකුළුවා දිය හැලියේ වගේ. උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්නකන් මෝඩයින්ට රජ වෙන්න බැරි බව තේරුම් ගන්න ඕනේ. (ර)
අපි හැමෝම මහින්දට ගරු කරනවා, හොරකම්, අපරාද, වංචා කල සියලු දෙනාට දඩුවම් ලැබීම අනුමත කරනවා. සිරිසේන ජනපතිතුමනි , ඔබට හදවතිම්ම සුබ පතනවා.! (ර)
ඉතා හොඳ තීරණයක් (ස)
කපටිකම් වලට රාජපක්ෂලා හරි බුද්ධිමත්. (ත)
ඔන්න ඉන්නවා ලොකුම තල්මසෙක්. මේ තල්මසාගේ පිටිපස්සේ ඉන්නේ තෝරු මෝරු සහ සියලුම මාළුවෝ. (ස)
ධම්මික හේමපාල මැතිතුමා අධිකරණයේ උපරිම විශ්වාසය ශ්‍රීලංකා ජනතාවට ලබා දුන් උච්චතම අවස්ථාව. අනිත් අයත් නීතිය රැහෙනට කොටුවීම ශ්‍රීලංකා ජනතා පැතුම. (ත)
ඔහොම තමා. කරන කලට පව් මිහිරිය මී සේ..(ස)
එහෙම කිසිම පුද්ගලයෙකු රිමාන්ඩ් කරන්න බැහැ....යම්කිසි වරදක් ඇති නිසා තමයි ඔහුව රිමාන්ඩ් කලේ ...ඒ නිසා ජනතාව කලබල වෙලා මෝඩ විදියට හැසිරෙන්නේ නැතිව උසාවි තීරණේ මොකද්ද වෙන්නේකියල බලාගෙන ඉදිමු . (ස)
අන්තිමට අහිංසක රජයේ සේවකයෝ තමයි අමාරුවේ වැටෙන්නේ. දේශපලකයෝ හොරකම් කරලා බොරුවට මිනිස්සු දාලා උද්ගෝෂණත් කරල සුදනො වෙනවා. මෙච්චර අඩු වැටුපක් අරගෙන දේශපාලකයෝ ජීවත් වෙන විදිය දැක්කම පුදුම හිතෙනවා. (ස)
රාජපක්ෂ මුළු පවුලටම දැඩි දඩුවම් දෙන්න ඕන. (ස)
ඇත්ත කවදා හෝ එලි වෙනවාමයි. සීමාවන් ඉක්මවා කටයුතු කරනවා අපි දුටුවා. අනන්තවත්.(ම)
කරන කලට පවු - මිහිරිය මි සේ - විදින කලට දැල්වේ ගිනිසේ - දිය නලියන තෙක් ලක් හැලියේ - රාජපස්ස සැපයක් යයි සිතුවේ. (ස)
කට්ටිය කියන්නේ දින 100 යේත් හොරු ඉන්නවා පවුල් වාදය කියල එහෙනම් එයාලටත් නිතිය ක්‍රියාත්මක කරයි නේද ? දෙකම එක වගේ නේද ? තීරණය ජනතාව අත (බ)
බොරු උපාධි ගත්තු හොර සහතික වලින් ඉතාම උගත් බව නුගත් උදවියට පෙන්වන ලැම්බෝගිනි නීතිඥ තුමත් ඉන්නවා නේද ? (බ)
දින 100 ඉවර වෙනකොටම යහපාලනය වැඩ පටන් අරගෙන කොහොම හරි ජනතවට දීපු පොරොන්දු ඉටුකරන්න ඕනේ එකට තමා අපි අපේ ජන්දය දුන්නේ.(ම)