හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අැමරිකාව බලා අද ගියේය.
ඔහු ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හී පදිංචි කරුවකි.
තුන් මාසයක වෛද්‍ය ප්‍රතිකාර සඳහා මහාධිකරණය ඔහුට අවසර දුන්නේය.
හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අැමරිකාව බලා අද ගියේය.
ඔහු ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හී පදිංචි කරුවකි.
තුන් මාසයක වෛද්‍ය ප්‍රතිකාර සඳහා මහාධිකරණය ඔහුට අවසර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවට ගිහින් බෙහෙත් ගන්න තරම් ලෙඩක් මොහුට තිබේ නම් මොහු ජනතා සේවයට නුසුදුසු පුද්ගලයෙක් නොවේද? ඒ වගේම මීට පෙරත් මොහු අත්අඩංගුවට ගත්විට මරණාසන්න විදියට කීප වතාවක්ම ලෙඩ වුණා නේද? (නි)
ඇති හැකි අය බේත් ගන්නෙ පිටරටවලින්. නැති බැරි උන්ට බාල බේත් ගමේ රෝහලෙන් (ර)
චුදිතයන් සනීප නැහැ විදෙස් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි කිවුවහම අධිකරණය සානුකම්පිතව සළකා බලනවා. නමුත් චූදිතයන් එය දඩමීමා කරගෙන තිබේදැයි සොයාබලා වැරදි කර ඇත්නම් දඬුවම දෙගුණ තෙගුණ කර ලබාදීමත් අවශ්‍ය වෙනවා (නි)
අනේ පව් අප්පා! බටහිර කුමන්ත්‍රණයක්වත් සෙට් කරගන්න හදනවාද දන්නේ නැහැ. (නි)
බොරුද දන්නෙ නැහැ. මම නම් හිතන්නේ මෙයාගේ සල්ලි හංගලා තියෙන්නේ ඇමරිකාවේ. (නි)
මදැයි කළා! (නි)
බැසිල් රාජපක්ෂගේ දුරදිග සැළසුම් තේරුම් ගැනීම අති දුෂ්කරය. ඒකාබද්ධ විපක්ෂය කඩා එහි සමඟිය පළුදුකොට මහින්ද රාජපක්ෂ තම සොයුරාගේ නම විකුණමින් අවසානයේ ජී.එල් හදාගත් පොහොට්ටුවටද හේත්තුවීම ඔහුගේ කූඨත්වය මනාව පිළිබිඹු වෙන කාරණාවන්ය. ලොස් ඇන්ජලිස් පදිංචි බැසිල්වරයාණන් මේ දේශයේ එකම ගැළවුම්කරුවාණන්ය. (නි)
මේ රටේ බෙහෙත් නැද්ද (ර)
කොන්ත්‍රාත් දෙන හැටි අහගන්න ට්‍රම්ප්ව හම්බවෙන්න යනවද දන්නෙත් නැහැ (නි)
අනේ වාසනාවන්! (නි)
මේවා ඔප්පු කරන්න බැහැ. බැඳුම්කරයද එසේමය (නි)
2005ට පෙර කාලය අපි දන්නවා (නි)
බැසිල් රාජපක්ෂලා ගහපු "හතරවරම් ගැහිලි" වලට වන්දි ගෙවන්නේ/දඬුවම් ලබන්නේ අපේ රටේ අපි වැනි අන්ත අසරණ මිනිස්සු. බැසිල් රාජපක්ෂලාගේ පව් ගෙවන්නේ රටේ අන්ත අසරණ මිනිස්සු. (නි)
ඇමරිකාවේ අධිසුඛෝපභෝගී නිවාස 7-8 හි සැබෑ හිමිකරුවා කව්ද කියලා ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් හොයන්න පුළුවන්. ඒ කාගේ මුදල්ද? (නි)
පිලිපීනයේ ජනාධිපති වගේ කියන දේ කරන, කරන දේ කියන කෙනෙක් අනේ අපිටත් හිටියා නම් අපි මොනතරම් වාසනාවන්තද? (නි)
කරපු හොරකම් හසුවෙද්දී මේ මුදල් නැවත දෙන්න කැමති වුණොත්.....? අධිසුඛෝපබෝගී නිවාස වලට අයිතිකරුවෙක් නැහැ කියලා නිදහස් වෙන්න පුළුවන් ලෝකයේ එකම රට ලංකාවයි. (නි)
මමත් වැඩ කරන්නේ කොම්පැනියක. අපේ කොම්පනියේත් 500ක් විතර ඉන්නවා. ළඟදි චීනුන්ට විකුණන්න වගේ හදන්නේ. අපිටත් ඔයවගේ නැවක් හරි මංකොල්ල කාලා අපිවත් ආණ්ඩුවට බඳවා ගන්න කියලා උද්ඝෝෂණය කරනවා (නි)
දේශප්‍රේමය වෙන්න ඇති (නි)
මිට දශක දෙකකට පෙර යන එන මං නැතුව හිටිය උදවිය අද අැමෙරිකාවේ පදිංචිකරුවන් වෙලා ඇමෙරිකාවට ප්‍රතිකාර ගන්න යනවා. ලංකාවේ ජීවත්වන සියලුම මන්දබුද්ධික ජනතාව මේවට වගකියන්න ඕනෑ (නි)
මෙයාලා ලෙඩ්ඩු නම් ඇයි රට කකා මෙහාට වෙලා ඉන්නේ? ග්‍රීන් කාඩ් තිබෙන නිසා ඇමෙරිකාවේම නවතින්නකෝ. (නි)
නැහැ ලෙස්ලී, මම හිතන්නේ ට්‍රම්ප් මෙයාව එයාගේ ප්‍රධාන උපදේශක තනතුරට පත්කර ගනීවි. කොහොමටත් එක අත්තේ කුරුල්ලෝ එකටනේ ඉගිලෙන්නේ! (නි)
ඇයි මෙහෙ බෙහෙත් අල්ලන්නෙ නැද්ද? (නි)
අපි බැසිල්ට බනිනවා ලංකාවේ බෙහෙත් අල්ලන්නේ නැතුව ඇමරිකාවේ යනවා කියලා. අපේ සෞඛ්‍ය ඇමැතිතුමාත් ලංකාවේ බෙහෙත් එපා කියලා සිංගප්පුරුවේ ගියා. ඉතින් බැසිල් විතරක් නොවෙයි ලංකාවේ අනික් අයත් යන්න පුලුවන් නම් ගියාට වරදක් කියන්නේ කොහොමද. (නි)
නන්ද, ශ්‍රී ලංකා එක දෙකඩ කළ පළවෙනියා මෙයා නොවෙයි. ඒ නිසා ඒ වැඩේ කරපු හැමදෙනාටම පවු පළදෙන්න කියන්න. (නි)
විශෙෂයෙන් දේශපාලකයන් මවිබිමට අාදරය අැති කෙනෙකු වශයෙන් වෙනත් රටක පුරවැසියෙක් වෙයිද? ජනතා මුදල් මංකොල්ල කා අැමරිකාවේ බැංකුවල තැන්පත් කිරීම සමහර රටවල දේශපාලකයන් නිතිඥ සහය අැතුව කරන කටයුත්තකි. (නි)
ලංකාවේ නීති පද්ධතිය හෝ අධිකරණය ගැන විශ්වාසයක් තබන්ට බැහැ. ස්වභාව ධර්මය කෙදිනක හෝ සාධාරණත්වය ඉටු කරාවි. (ම)
මෙයාට ගෙවල් 3ක් මෙහෙ තියෙනවා. ලංකාවේ දේශපාලනයට එන්න කලින් මෙයා ඇමරිකාවේ හිටියේ කොහොමද කියලා අපි දන්නවා (නි)
මේ ගැන කවුරුත් කතා කරන්නේ නෑනේ.(හේ)
අනේ දෙවියනි, ලංකාවාසී අප ගැන අනුකම්පා කරලා ආයේ එන්න නම් වරම් දෙන්න එපා! (නි)
බායි... බායි ....! (නි)
ස්වභාව ධර්මය සාධාරණත්වය ඉටු කරනකම් බලන් ඉන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ.(ම)
ඉක්මනින් සනීප වෙන්න කියලා කියන්න. මොකද ඉක්මනටම අපේ දුප්පත් රටට ඇවිල්ලා නැවත මහා සේවයක් කරන්න. මෙතුමන්ලා නැතුව අපේ රටේ ගොඩක් උදවිය හරිම අමාරුවෙන් ඉන්නේ (නි)
පවු අනේ! දුක් මහන්සියෙන් හම්බ කරගත්ත මුදල් වියදම් කරලා බෙහෙත් ගන්න යන්න මේ උත්තමයට අවසර දෙන්න. මේ උත්තමයාගේ කටුකන මහත්හොරුත් ගුවන්තොටුපළට යන්න එයාව ඇරළවන්න. පවු! පුලුවන්නම් කොහෙන් හෝ සල්ලි ටිකක් හොයාගෙන පොල්ගෙඩි ලක්ෂයක් විතර ගහන්න ඒකාබද්ධ විපක්ෂයත් හවුල් කරගෙන (නි)
ඔහු අායෙත් ලංකාවට එන එකක් නැහැ. ඔය ලක්වී තිබෙන චෝදනා වලට වැරදිකරුද නැද්ද කියන එක අධිකරණය තීරණය කරාවි. ශ්‍රී.ල.නි.ප. ය අසමගි කිරීමේ පාපකර්මයට මෙයා වගකිව යුතුයි. (නි)
බලන් ගියහම මේ ඔක්කොම ලෙඩ්ඩු තමා අපේ පිහිටට එන්න පොරකන්නේ. (ර)