හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකාවට යාමට දෙසැම්බර් 10 වැනි දා සිට මාර්තු 02 වැනි දා දක්වා අවසර ඉල්ලා අද (22) මහාධිකරණය වෙත ඉල්ලීමක් කැරිණි.

නිතිපති   විරෝධතා ගොනු කිරිම සඳහා නොවැම්බර් 25 වැනි දා දින නියම විය.

පසුගිය ජනපතිවරණ සමයේ රජයේ මුදල් වැය කර රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂයක ජීඅයි පයිප්ප ඡන්ද වැඩට යොදා ගැනීම සම්බන්ධව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට එරෙහිව නඩු පවරා ඇත.