දිවි නැගුම මුදල් වංචා කළැයි සැකපිට හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක හා දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ රණවක යන පිරිස අද (5) කඩුවෙල අධිකරණයට ගෙන එනු ලැබූහ.
බැසිල් රාජපක්ෂ ගිලන් රියකින්ද සෙසු දෙදෙනා බන්ධනාගාර රියකින්ද අධිකරණ භූමියට ගෙන එනු ලැබූහ. බැසිල් ගිලන් රියේම සිටියේය.
ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැන්වූයේ ඔහු හදවත් රෝගයකින් පෙළෙන බවයි. ආඝාත තත්ත්වයක් ගැනද නීතිඥවරු කියා සිටියහ.
අධිකරණය මිනිත්තු 15 කට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාලනී, ලැජ්ජද අහන්න? මහජන මුදල් කොල්ලකාපු අයට වන්දි ගෙවන්න වෙන්නේ මේ භවයෙදිමයි. (නි)
ලංකාවෙන් පිටවෙනකොටත් කටුනායකට ගියේ ගිලන් රියකින්ද දන්නේ නැහැ? (නි)
දුප්පත් මිනිසුන්ට වෙනම නීතියක්ද? (නි)
කොහොමහරි අල්ලාගෙන ඉන්න අයියේ. මොකක්හරි ක්‍රමයක් බලමු.ජයවේවා! (නි)
අනේ මන්දා! මේක මහා විහිළුවක් වෙලා. (නි)
නාලනී , විමර්ශන අවසන්වීමටත් පෙර "බැසිල් වැරදි කර නැහැ " කියලා කියන්න ඔබට රාජකීය දෛවඥ සුමනදාසටත් වඩා ඉහළ දැනුමක් තිබෙන හැඩයි. (නි)
නාලනී කොහොමද දන්නේ? (නි)
ආඝාත තත්ත්වයක්? අනේ අප්පේ ඒ මොකක්ද දෙවියනේ? (නි)
නාලිනී හොඳට එයා ගැන දන්නවා වගෙයි. (නි)
ගෙනියන්න ඕනෑ ගිලන් රියෙන් නෙමෙයි. මොකටද මගේ කට? (නි)
නාලනී නඩුව අහලත් ඉවරද? (නි)
ආඝාතය එන්නේ මහජනයාට මිසක් ඔවුන්ගේ මුදලින් යැපුන දේශපාලකයන්ට නෙමෙයි. (නි)
දැන් අනෙකුත් සැකකාරයන් අසනීප වුණාමත් මෙහෙමද ? මෙයාට දහදිය දැම්මත් මුළු පළාතම කලබල වෙනවානේ. (නි)
නිතිය හරියට ක්‍රියාත්මක කරන්න. දැඩි දඬුවම් ලබාදෙන්න. ජනතා මුදල් හොරකම්කළ සියලු දෙනාට කිසිම සමාවක් දෙන්න එපා. ඒ දේ තමයි රජයෙන් ඉල්ලන්නේ ! (නි)
හදවතක් තියෙන බව ජනතාවට දැනගන්න හෝ ලැබුනේ අත්අඩංගුවට පත්වූ නිසා නේද? (නි)
බලන්නකෝ මෙයාලට තියෙන ලෙඩ! (නි)
එතකොට ප්ලේන් එකෙන් බැහැලා වීරයා වගේ එනවා පෙනුනේ මෙයා නෙමෙයිද? (නි)
ඔක්කොම ලෙඩ්ඩුනේ.(හේ)
අනුභව කරන කාලයේ ඉහෙන් බහින රෝගයක්වත් තිබ්බේ නෑ නොවේද?(හේ)
දැන් ඉතින් ලෙඩ වෙන එක අහන්නත් දෙයක්ද?(හේ)
අනේ පව් අනේ මෙයාගේ හදවත ඩිග්..ඩිග් ගාල ගැහෙනවා නඩුකාර තුමාටත් ඇහිලා ...(බ)
ඇයි මේ සෑම බලවෙතෙකුම අධිකරණයට එන විට රෝගාතුර වෙන්නේ.(හේ)
නාලනී, අපිට නම් මේවා ඵල ඇති රුක් විදියට පෙන්නේ නැහැ.අරටුවට යනකල් පනුවෝ කාපු පරිසරයෙන් වහා අයින් කරන්න ඕන ගස්. (හේ)
ආඝාත තත්වයක් ඇතිවෙන්නේ දරාගන්න බැරි අධික බයක් හෝ අධික සතුටක් දැනුනම ගොඩක් දුරට. මෙතන සතුටු වෙන්න දෙයක් නැ බැසිල් මහත්තයට. වෙලා තියෙන්නේ අධික බය. වැරදි කලේ නැත්තන් බයවෙන්න දෙයක් නැ. එහෙනං ආඝාත තත්වය එන්නේ නැ.(අ)
කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් වැඩිවෙයි ගිනි සේ (ම)
අඝාත තත්වයෙන් පසු පැරලයිස් වෙනවා කියලයි මම නම් අහලා තියෙන්නේ.අනේ පව! ඉස්සර පැරඩයිස් වල හිටපු මිනිස්සු නේද? (නි)
කොදුරුවන්ට ඉතින් තුත්තිරි ගහත්, මහා ලොකු පල ඇති රුකක් විදිහට පේනවා ඇති. (බ)
අනේ මන්දා මේ මොනවද වෙන්නේ කියලා.(හේ)
මේ මිනිස්සුන්ගෙන් මොන දේකටද මේ පලි ගන්න හදන්නේ.(හේ)
අපේ රටේ සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ දේසපාලකයින් කරන වැරදි වලට නීතිය ක්‍රියාත්මක කිරීම වැරදි දෙයක් ලෙසයි. (හේ)
දැන්නම් බයෙන් ඇත්තේ... (නි)
කරුණාකරලා ඇතුළෙම තියාගන්න. ආපසු එළියට දාන්න නම් එපා (නි)
බයවෙන්නේ වැරදි කළ අයයි. බැසිල් වැරදි කර නැහැ.සැකයක් පමණයි ඇත්තේ. පල ඇති ගසටනේ වවුලෝ වහන්නෙත් (නි)
මැති,ඇමතිවරුන්ට තිබෙන ලෙඩ මහජනතාවට දැනගන්න නම් මේවා කදිම සිදුවීම්. (නි)
අනේ පවු නේද? (නි)
නාලනී හොඳට දන්නවා වගෙයි බැසිල් මහත්තයා ගැන. (නි)