හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, ඔහුගේ අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක හා දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ.රණවක කළු පැහැති රියකින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යාම සඳහා සියල්ල සූදානම් කර තිබූ බව පොලිසිය කියයි.
පොලිස් ආරක්ෂාව යටතේ ඔවුහු කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා වෙත ඉදිරිපත් කිරීමට ගෙන ගියේය. කොල්ලුපිටිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශ ගොඩනැගිල්ල අවටද පොලිස් ආරක්ෂාව තරකර තිබිණි.
ඡායාරූප - ශාන්ත රත්නායක
වීඩියෝ - ශාන්ත රත්නායක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජකම් කෙරුවත් කළකම් පලදේ, සිරුරේ රුදිරේ කාගේත් රතු වේ. (ර)
ඔබ හරි සසකි සද... (ර)
සියලුම ආකාරයේ දුසන වංචා රටෙන් තුරන් කිරීමට නිතිය අකුරටම ක්‍රියාත්මක කල යුතුය. (ර)
නැණින් මහා බැංකුවේ ගැහිල්ල ගැන මොකද කියන්නේ. මම නම් හිතන්නේ නිතිය අකුරට ක්‍රියාත්මක කළා කියල. (බ)
මේ සේරම ගහල පන්නමු (බ)
මැතකදි සිදු වුන මහ බැංකුවේ වංචාවට අදාල අයටත් මේ විදිහටම ක්‍රියාමාර්ග ගන්න ඕන. නිතිය කාටත් පොදුවෙන්න ඕන. එතනයි යහපාලනය තිබෙන්නේ. (ස)
බැසිල් මහත්තය වරදක් කරලා තියෙනවනම් ඒවා නිතිය ඉදිරියේ ඔප්පු වෙනවනම් ඔහුට දඩුවම් ලැබීම ගැන කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ..නමුත් කිව යුත්තක් තියෙනවා..බැසිල් මහත්තය හොරකම් කලා කියල කියනවා මිසක් මමනම් ඒවා දැක්කේ නැහැ..නමුත් එතුමා මේ රටට කරපු වැඩ කොටසනම් මම මගේ ඇස් දෙකෙන් දැකල තියෙනවා..සහෝදරයා ජනාධිපතිවීමේ වාසිය ගොටාභය මහත්තය අතට අරන් යුද්ධය ඉවර කලා වගේම ඒ වාසියම අරන් බැසිල් රටට වැඩක් කලා.කට්ටිය ඊයේ පෙරෙයිද දින 100න් හැදුව වගේ විවෘත කරපු පින්නවල සත්තු වත්තත් නිම කලෙත් එතුමා.මහා පරිමාන යෝජනාක්‍රම ක්‍රියාත්මක කිරීමේදී දුෂණ වංචා චෝදනා ස්වාභාවිකයි..කොමිස් මුදල් එහා මෙහා වීම ස්වාභාවිකයි..මහවැලිය හදද්දී ගාමිණී දිසානායක මැති තුමාට කියපු දේවල් අපිට අමතක නැහැ..වැඩක් කරන මිනිහට මිසක් නිකන් ඉන්න එකාට චෝදනා එල්ල වෙන්නේ නැහැ..බැසිල් කියන්නේ මේ රටේ සංවර්ධනයේ නියමුවා..අද ඔහුට හොරෙක් කියා මඩ ගැහුවත් ඔහු පහුගිය රජයේ අනෙක් මැති ඇමතිවරුන්ට වඩා බලසම්පන්න වීම නොරිස්සු අයගේ ඉරිසියාවට ක්‍රෝධයට වෛරයට ලක් වෙලා අපහාස වින්දත් කවදා හෝ මේ රටේ බහුතරය ඔහුගේ වැරදි වලට වඩා ඔහු රටට කල මෙහෙය ගැන කතා කරන දවසක් ඒවි..පල ඇති රුකට ගල් පොලු වදින එක නතර කරන්න බැහැ..ගල් පොලු වැදුන කියල ගහේ පලදාව අඩු වෙන්නෙත් නැහැ.අනාගතය විසින් වර්තමානයත් අතීතයත් නිවැරිදි කරාවි.ඒ දවස වෙනකම් ඉවසමු. (ස)