දිවි නැඟුම දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි ගණනක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට ඉදිරිපත් කිරීම සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවාගෙන පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ රෝගී තත්ත්වය නිසා බන්ධනාගාර ගිලන් රථයට වී සිටි අතර එම පැමිණිල්ල විමසා අවසන් වන තුරු පැයකට අධික කාලයක් වා සැකසුම් සලසා දීම සඳහා ගිලන් රිය පණ ගන්වා තබන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"වා සැකසුම් සළසාදීම සඳහා ගිලන් රිය පණගන්වා තබන ලදී". ඇයි මොකද ලංකාවේ සුළඟ හොඳ නැද්ද? මේක පුදුම රටක්නේ. සාමාන්‍ය මිනිහෙකුට ඇත්තටම ලෙඩ වුණත් ගිලන් රථයක් නැහැ. (නි)
මේවා දැකලා පිටරට මිනිසුන් සමච්චලයෙන් හිනාවෙනවා ඇති. අනේ අම්මෝ!! ලැජ්ජාවේ බැහැ. (නි)
අනේ මෙහෙමත් දේවල්! (නි)
එක වතාවක් මහේස්ත්‍රාත්වරයාත් ඔහු බලන්න ගිලන් රථය ළඟට ගියා නේද? අධිකරණය වෙත ගෙනෙන්න කවුරුවත් නැති හැටි? (නි)
සාමාන්‍ය මනුෂ්‍යයන්ට සහ දේශපාලකයන්ට නීතිය ක්‍රියාත්මක වීමේ ලොකු වෙනසක් තියෙනවා. දඩය ගෙවාගන්න බැරුව අනන්ත අප්‍රමාණ මිනිසුන් හිරගෙවල් ඇතුළේ දුක් විඳිනවා. මෙයාලව උසාවියට ගේන්නෙත් සැප වාහනවල? (ම)
පැයක් නිකන් බොරුවට ගිලන් රියක් ඒසී දාගෙන හිටියා කියන්නෙත් මොනතරම් අපරාධයක්ද? තමන්ගෙ පුද්ගලික වියදමින් කරන්න වුණා නම් රියෙන් බැහැලා දුවයි කියන තැනකට. පොදු ජන සල්ලි වලින් මේවා කරන නිසා ඔහොම කරනවා. මේ වගේ අයට ඇත්තටම ලෙඩ හැදෙන්නේ හැදුන ලෙඩේ හොයාගන්නත් බැරිවෙන්න. (නි)
මෙහෙම කරන එක හොඳද නැත්නම් නරකද කියලා අපට ජීවිත කාලයක් තර්ක කර කර ඉන්න පුළුවන්. නමුත් ඒ තුළින් මේ හැසිරීමේ අද්භූතබව හෝ අදෘශ්‍යමාන බලවේගය හඳුනාගන්න ලැබෙන්නේ නැහැ. මේ ලියන මගේ කටෙත් පස්. මේක කියවන ඕගොල්ලන්ගේ කටෙත් පස්. (නි)
අනේ අපේ සල්ලි තවත් නාස්ති නොකර ඔය අසරණයාව නිදහස් කරන්න. (නි)
ලක්මාල්,රුපියල් කෝටි ලක්ෂ දෙකක් විතර කියන්නේ කජු ඇට කොස් ඇට නෙමෙයි.මහජන මුදල්.අපේ පරම්පරා 100 කටවත් ගෙවලා නිමකරන්න බැරි ණයක්.තවමත් අපේ "බත් කන හරක්" ඉන්නවා රාජපක්ෂලම ඕනෑ කියන. (නි)
හැබැයි ඉතින් කවදාහරි සත්‍යයට මුහුණදෙන්න වෙනවා (නි)
ඉස්සර නම් කිසිම ලෙඩක් නැහැ. (නි)
අපේ සිතේ තිබුණ කෙනා අපිට ජනාධිපති කරගන්න බැරි වුණානේ.එහෙම වුණා නම් නීතිය කාටත් සමාන වෙන්න තිබුනා. (නි)
දැන් මේ මොකක්ද වෙන්නේ? ලංකාව තවම අර ඒකාධිපති පවුල් පාලනයෙන් මිදී නැද්ද? අපි මේ දකින්නේ සිහිනයක්ද? මේවා බලන්න නෙමෙයි අපි නිදිමරාගෙන බලාගෙන හිටියේ. ලැජ්ජයි. මේ නඩු ඇහිල්ලත් බන්ධනාගාරයට ගිහින් කරන්න. අහිංසක මිනිසින්ගේ බදු සල්ලි විනාශ නොකර. (නි)
දැන් තියෙන්නේ මෙයාට ඇවිදින්න අමාරුවක් නම් වඩාගෙන ගිහින් නඩු අසන ස්ථානයේ අදාළ තැන ඉන්ඳවන්න. (නි)
මහා අසාධාරණයිනේ. තාම වරදකාරයෙක් කියලා ඔප්පුවෙලත් නැහැ. හැමදාම හිරේ. (නි)
ඕකටම වෙලා ඉන්න එහෙනම් (නි)
බහින්න අමාරු නම් දෝලාවක තියලා බැරියෑ එක්කගෙන යන්න. ඒකේ එක කොනක් අල්ලන්න බකපණ්ඩිත පිවිතුරු යහපාල, ඊළඟ කොන ෂඩ් භාෂා පරමේශ්වර සුමුදු හේවා, අනෙක් කොන ජාත්‍යන්තර ව්‍යාපාරික මහානාම, හතරවෙනි කොන කීමෙහි බිනිමෙහි සමත් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ්. ඔය ඉන්නේ උස්සගෙන යන්න කට්ටිය. මොකටද බයවෙන්නේ. (නි)
බොරුවට වැඩි ආයුෂ නැත (නි)
හොරා හොරා කියල මිනිසුන්ව රවටලා කෑගැහුවට දැන් ඒක ඔප්පු කරගන බැරුව දඟලනවා. කල් මරන්න උසාවිය ළඟට ගේනවා. ආයෙත් අරගෙන යනවා. (නි)
ඇමෙරිකාවේ ඉඳලා යස අගේට ආ මිනිහා දැන් වාහනෙන් බහින්න බැරිතරම් රෝගී වුණේ ශාරීරිකව නෙමෙයි මානසිකවයි. කොච්චර පන්සල් ගියත් බුදුන්ගේ දහම නෑසූ සහ නාසන අයටත් ඉදිරියේදී මෙහෙම වෙනවාමයි. (නි)
රියෙන් බහින්න , ඇතුළේ ඉන්න ඕනෑ නැහැනේ !!! (නි)
අපි හිනාවෙන්න ඕනෑද ....? අඬන්න ඕනෑද....? (නි)
නීතිය වල්වැදුණු රටක ඉපදීමත් අවාසනාවකි (නි)
මොකක්ද මේ වෙන්නේ.හැමදාම මෙය මෙහෙම ඉදිවී.උසාවියට යන්නේ නැතුව.(හේ)
මේවා ඕනෑම කෙනෙකුට තේරෙන ප්‍රෝඩා වැඩ නේද? පොඩි මිනිහෙකුට මෙහෙම පුලුවන්න්ද? (හේ)
මෙතුමාට තියෙන්නේ අධික සැප විඳලා සැප නැති වුනාට පස්සේ ඇති වෙන කෝමා තත්ත්වෙට හැරුන ලෙඩක් වෙන්න ඇති. ඒකයි ගිලන් රථයෙන් බහින්නේ නැත්තේ . (හේ)
අප දුන්නොත් පහුවදාට ෆුට් බෝල් ගහන්න තරම් සනීප වෙයි.(ම)
අහිංසක ජනතාවගේ මුදල් සහ වස්තුව කොල්ල කෑ අයට දොස්තරලාටවත් හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා. (නි)
අප දුන්නොත් පහුවදාට ෆුට් බෝල් ගහන්න තරම් සනීප වෙයි.(ම)
නියමයි බොස් .(හේ)
ගිලන් රථයේ ඩීසල් වලට ගෙවන්නේ එයාද? (නි)
කාගෙන් බේරුනත් ස්වභාව ධර්මයගෙන් බේරෙන්න බැහැ. වෙලාවට එයා දඬුවම් දෙයි (නි)
මේවා සේරම මිනිසුන්ව ගොනාට අන්දන වැඩ.ඡන්ද කාලේදී රැස්වීම් වල බොරුවට කිව්වා අරයා හොරා කෑවා මෙයා හොරා කෑවා කියලා. ඉතින් ඒවා විශ්වාස කරලා ඡන්දෙ දුන්නා. ඒක නිසා දැන් ඒ මිනිසුන්ව බොරුවට හිරේ දාන්නත් බැහැ. නමුත් කිව්ව බොරු වලට හිරේ නොදාත් බැහැ. ඇත්තටම වැරදි කරලා තියෙනව නම් මොකද නියම විදියට දඬුවම් දෙන්න බැරි.....? (නි)
මේ වගේ දේවල් අනුමත කරන දොස්තරලා ගැන අපිට දැනගන්න ක්‍රමයක් නැද්ද? (නි)
ගිලන් රියේ සැපට හිටියත් ඉන්නේ බන්ධනාගාරය බාරයේ නේද? ඇමතිවරු මේ වගේ හිරගෙවල් වලයි උසාවි වලයි ඉන්නවා මීට කලින් අපි දැක්කේ හින්දි චිත්‍රපට වල තමයි. මේකත් යම්කිසි දඬුවමක් තමයි. ඒ වගේම කොච්චර වුණත් මෙයාලා හිතෙන් විඳවනවා ඇති. ඒක ලොකු දඬුවමක්. (නි)
අපේ දොස්තරලත් ,නීතිය ගැන කතාකරන අයත් උන්ගේ බඩ වඩා ගන්න මාර්ග සොයනවා මිස සාධාරණයක් අපිට බල පොරොත්තු වෙන්න බැහැ (බ)
මේ වගේ රට කපු මිනිහෙක්ට මෙහෙම සැප දෙන්නේ මොන දෙයක් නිසාද කියල හිත ගන්න අපහසුයි. මේ රටට වුණ දෙයක්.(ම)
වැරදිලාවත් මෙයා හිරේට නියම වුනොත් හිර කුදුවත් වායුසමීකරණය කරන්න වේවිද ? එතකොට විදුලිබිල ගෙවන්නේ බදු ගෙවන ජනතාවද , (ම)
මේක අසාධාරණයි.(හේ)
හරි නුවන් , හොරා හොරා කියලා කෑගහන එක වැරදි නම් සභාවේ අපි කෑගහන්නම් ලෙඩා ලෙඩා !! කියලා . හරිනේ (බ)
කැරකේවි කර්මය රිය සක වාගේ... (නි)
මේවා වැරදි ආදර්ශ (නි)
සාමාන්‍ය මනුෂ්‍යයන්ට සහ දේශපාලකයන්ට නීතිය ක්‍රියාත්මක වීමේ ලොකු වෙනසක් තියෙනවා. දඩය ගෙවාගන්න බැරුව අනන්ත අප්‍රමාණ මිනිසුන් හිරගෙවල් ඇතුළේ දුක් විඳිනවා. මෙයාලව උසාවියට ගේන්නෙත් සැප වාහනවල? රටේ සල්ලි! (නි)
මෙයාලට දැන් මහලෙඩ, රට කනකොට මොන අමාරුවක්වත් නැතෝ.(අ)
දැන් ඔය මනුස්සය හිටපු රටේ මම කියන්නේ ඇමරිකාවේ මෙහෙම වෙන්න ඉඩක් තියෙනවාද?චානක ලොස් ඇන්ජලීස්,මෙහෙම සිස්ටම් එකක් ඔය රටේ තියනවද පුතේ?දැන් ජනාධිපති ඔබාමාත් ලංකාවට එන්න හිතාගෙන ඉන්න එකේ මොනවා හිතාවිද අපේ රට ගැන? (බ)
නීතියෙන් බේරුනත් දෙවියන් වහන්සේගෙන් ගැළවීමක් නැත (නි)
මෙයාට ඉහෙන් බහින ලෙඩක් නැ. (අ)
මේ සිදුවෙන්නේ මහා පුදුමාකාර වංචාවක් සහ යුක්තියට නිගා කිරීමක්.(හේ)
බන්ධනාගාර බසුත් ඒසී කරන්න (අ)
මෙය සිදුවෙන්නම බැරි දෙයක් ....මොහු බලන්නේ එක දවසක් හෝ රිමාන්ඩ් නොවී ගිලන් රියේ/ගෙවන වාට්ටුවේ ගතකරලා ඇප ලබාගෙන එළියට එන්න කියලයි මට නම් හිතෙන්නේ. ඔහුව එක දවසක් හෝ නියම ලෙසට රිමාන්ඩ් නොකර ඔහු පතන දෙය ඉෂ්ට වෙන්න ඉඩ හැරියොත් නීතිය ඔහු ඉදිරියේ දණ්ඩ නමස්කාරය කළා කියලයි අපිට කවදාහරි කියන්න වෙන්නේ (නි)
එයාලට එළියේ හිටියත් සැප ඇතුළේ හිටියත් සැප! (නි)
දිගටම ඕකටම වෙලා ඉන්නද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නේ? (නි)
එයා කවදද දන්නෙ නැහැ ඕකෙන් බහින්න හිතාගෙන ඉන්නේ? (නි)
අනේ ඇත්තට මෙහෙමත් දේවල් මේ රටේ වෙනවනේ? (නි)
එයාලට සැප රියවල්... අපිට වුණා නම්...? (නි)
රාජපක්ෂවරු රටට කර තිබෙන විනාශය මිනීමරු ප්‍රභාකරන් කර තිබෙන විනාශය වගේ සිය දහස් ගුණයකටත් වඩා වැඩියි.(නි)
රාජපක්ෂවරු රටට කරතිබෙන විනාශය අනුව එක රාජපක්ෂවරයෙක්වත් ඉදිරියට ගන්න නම් හිතන්නවත් එපා. (නි)
එකම රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිදියකටද? (නි)
මට පුදුම ලෙඩක් නැතිවුණොත් තමයි (නි)
මොකක්හරි සුවනොවෙන රෝගයක් වගෙයි (නි)