(අම්පාර වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දමන පොලිස් බල ප්‍රදේශයේ අම්පාර සියඹලාණ්ඩුව මාර්ගයේ අලහේන ප්‍රදේශයේදි පොද්ගලික බස් රථයක් සහ මොටර් රථයක් ගැටීමෙන් මොටර් රථයේ ගමන් ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබේ.
ඊයේ 13 රාත්‍රි 9.20 ට පමණ මෙම අනතුර සිදුව තිබේ. සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පෙර පාසැල් දරුවන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමව්පියන් බස් රථයේ ගොස් ඇති අතර මොටර් රථයේ අම්පාර පෞද්ගලික මුල්‍ය ආයතනයක පිරිසක් ගමන් ගත් බව පරීක්ෂණ පවත්වන දමන පොලීසිය පවසයි.
අනතුරින් පසුව අවට නිවැසියන් එක්ව තුවාලකරුවන් දමන ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සදහා අම්පාර මහා රෝහලට යවා තිබේ. බරපතල තත්වයේ සිටි එක් අයෙක් අම්පාර මහා රෝහලින් මහනුවර මහා රෝහලට යවා තිබේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ අම්පාර නවගම්පුර පදිංචි ජීවන්ත ද සිල්වා 29 සහ නාමල්ඔය 2බී ප්‍රදේශයේ පදිංචි ඩිමන්ත ජයරත්න යන පුද්ගලයින් දෙදෙනෙකි.
අම්පාර දිසාව භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස් මත අම්පාර සහකාර පොලිස් අධිකාරි 1 දර්ශණ සමන් සුරිය ආරච්චි මහතාගේ මෙහයවිමෙන් දමන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිමල්සිරි ලොකු දඩැල්ලගේ මහතා ඇතුල් නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට වාහන එලවන්න පුරුදුනැති කාර් රියදුරොයි සංවරයක් නැති බස් රියදුරොයි වැඩිය ලංවුනාම වෙන්නේ මොකක්ද කියල හිතාගන්නවත් බැහැ.