අරනායක සිට සෝමාවතීය දක්වා ගමන් ගත් බස් රථයක් සෝමාවතීය වනජිවි කාර්යාලය අසල දී පෙරළී 25 දෙනෙක් තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කළ බව ලංකාපුර පොලිසිය කියයි.
ඡායාරූප - ඩබ්ලිව්.ඒ.පියතිලක
අරනායක සිට සෝමාවතීය දක්වා ගමන් ගත් බස් රථයක් සෝමාවතීය වනජිවි කාර්යාලය අසල දී පෙරළී 25 දෙනෙක් තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කළ බව ලංකාපුර පොලිසිය කියයි.
ඡායාරූප - ඩබ්ලිව්.ඒ.පියතිලක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පෙරළිලි ඔක්කොම නතරවේවි නීතිය හරියට ක්‍රියාත්මක කරන්න බැරුව දඟලන ආණ්ඩුවත් කොහේ හෝ අගලකට පෙරලුනදාට. එතකන් ඔහොම යමු! (නි)
සුද්දා වාහනේ හඳුන්වලා දුන්නාට වාහනේ හරි විදියට එලවන හැටි කියලා දීලා නැහැ (නි)
මෙහි සත්‍යම කරුණ නම් මෙම මාර්ගය නිසි ප්‍රමිතියකට සකස් නොවීමයි. මේ ස්ථානයම එයට කදිම උදාහරණයක්. බොහෝවිට ප්‍රථම වතාවට පාරක ගමන් කරන්නෙකුට දියයුතු මඟපෙන්වීම අපේ රටේ බොහෝ මාර්ගවල දැකිය හැක්කක් නොවේ. ඇතැම්විට සාමාන්‍ය මාර්ගයක් කාපට් කළ පසු මගියෙකුට පාරට ගොඩවීමට ඉනිමඟක් අවශ්‍ය වේ. (නි)
මාර්ග නීති කඩ කරමින්, වැරදි කර කර යන්න ඕනෑ කියලා වර්ජන කරන අය ඉන්න රටක මෙහෙම දේවල් බලාපොරොත්තු විය හැක. ඒ අතරේ තව කට්ටිය බස් පෙරළෙනවා වගේ ආණ්ඩු පෙරළෙයි කියලා බලාගෙන ඉන්නවා (නි)
රටක මාර්ග නීති පිළිබඳව සැළකිල්ලක් නොදැක්වීම, රථවාහන නීති පැනවීමේ දඩ පැනවීමේ අරමුණ රජයට මුදල් උපයාගැනීම පමණක් වන යුගයක මේවා නොවැළැක්විය හැකියි. (නි)
නිමල්, ප්‍රථම වතාවට අලුත් පාරක යන කෙනෙක් වේගෙන් ගිහින් පෙරළාගත්තාට පාරේ ප්‍රමිතිය හෝ මාර්ග සංඥා පළි නැහැ. පාර පුරුදු නැත්නම් තමන්ට පාලනය කරගත හැකි වේගයකින් යා යුතුයි. (නි)
අනතුරු දවස ගානේම අහන්න ලැබෙන හැටි? (නි)
අපේ රටේ බොහෝ පාරවල් ජාත්‍යන්තර මට්ටමට නවීකරණය නැතිවුවත් ඒ හා සමාන තත්වයට ඇත. නමුත් අපේ රියදුරුවරුන්ගේ පුහුණුව මදි. බොහෝ වෙලාවට වේගය පාලනය කරගන්න බැහැ. රජය විසින් රථවාහන නීති වගේම දඩ පැනවිය යුතුයි. (නි)
මේකට මූලික හේතුව රියදුරු මහතුන්ගේ නොසැළකිලිමත්බාවය හා නීතිරීති උල්ලංගනය කිරීම. සමහර අය වාහනයක් අතට ගත්තම ඉගිලෙන්න හදනවා. වටපිටාව ගැන ඇතුළේ ඉන්න අය ගැන අඩුම ගණනේ තමන් ගැනවත් හිතන්නේ නැහැ (නි)
ජාත්‍යන්තර මට්ටම කෙසේවෙතත් පාර දෙපැත්තේ ඇති තද බෑවුම් හෝ ගැඹුරු කාණු ඇති තැන්වල වැටක්, බැරියරයක් හෝ සංඥා පුවරුවක්වත් නැහැ. බලන්න මේ බසය පෙරළී ඇති තැන. කොටින්ම අපේ පොලිස් නිධාරීන් ඉන්නේ කැඩිච්ච කුඩයක් ඉහලාගෙන. අප ජාත්‍යන්තරයක් ගැන කතාකරනවා! (නි)
මේ මාර්ගය හොඳට කොන්ක්‍රීට් දාලා හදලා තියෙන්නේ. පාරේ ප්‍රශ්නයක් නැහැ. වාහන පදවන අයගේ සම්පූර්ණ වරද. (නි)
අනේ සකුන්තලාගේ මොළේ තරම. ඕනෑම රටක රථවාහන දඩ දාන්නේ මාර්ග නීති පිළිබඳව සැළකිල්ලක් නොදක්වන අය අඩුකිරීමටයි (නි)
"ඔබට ඔබේ වාහනය අයිතිය. මහපාර ඔබට අයත් එකක් නොවේ යන කියමන මතකයේ තබාගෙන රිය නොපැදවීම නිසයි මෙවන් අනතුරු වන්නේ. (නි)
රියදුරු බලපත්‍රය නිකුත් කිරීමේදී අදාළ මූලික අවශ්‍යතා නීතියේ ප්‍රතිපාදන මත අකුරටම ක්‍රියාත්මක වනතුරු මේ තත්ත්වය දිගටම පවතින්නේ මෙහෙම තමා. (නි)