(සනත් ගමගේ)
මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට කිරළ කැලේ ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් හා ටිපර් රථයක් (24) දහවල් ගැටීමෙන් සිදු වූ අනතුරකින් විදේශිය ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව අම්බලන්තොට පොලීසිය කියයි.
කතරගම ඩිපෝවට අයත් ලංගම බස් රථය කතරගම සිට මාතර බලා ධාවනය වෙමින් සිටිය දී හුංගම දෙස සිට අම්බලන්තොට දෙසට ධාවනය වෙමින් තිබූ ටිපර් රථයේ ගැටීමෙන් අනතුර සිදු වී ඇත.
බස් රථයේ ගමන් ගත් විදේශිය ජාතිකයෙකුගේ පාදයකට බරපතල හානි සිදුවී ඇති අතර තවත් කාන්තාවන් තිදෙනෙකුට හා බස් රථයේ රියදුරුට තුවාල සිදු වී ඇත. විදේශිකයින් බස් රථයේ හයදෙනෙකු තංගල්ල බලා ගමන් කර ඇති බව පොලිසිය කියයි.
බස් රථයේ මගීන්ද විශාල පිරිසක් සිටි අතර රියදුරු ඉතාමත් අමාරුවෙන් පාර අයිනට රථය ගෙන මගීන්ගේ ජීවිත බේරාගත් බව මගීහු පවසති. ටිපර් රථය පාර මැදින් පැමිණි බව බස් රථයේ ගමන් ගත මගීහු සඳහන් කරති.
සුවසැරිය හදිසි ගිලන් රථ සේවය මගින් සියලු තුවාලකරුවන් රෝහල් වෙත පිටත් කර හැරිණි. බස් රථයට බරපතල ලෙස හානි සිදු වී ඇති අතර ටිපර් රථයේ පසුපස කොටසට හානි වී තිබේ. ටිපර් රථයේ රියදුරුට තුවාල සිදු වී නැත.
ටිපර් රථයේ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිපර් රථ කියන්නේ ඉඩම් වාහනයක්. ඒවා පදවන රියදුරන් ඉතා අමන ලෙස පාරේ වේගයෙන් යනවා. එන්ජින් ධාරිතාව ඉතා ඉහළ බැවින් වේගයෙන් යෑම ටිපර්වලට පහසුයි. බලන්න සතියකට ටිපර්රථ වලින් අනතුරු කීයක් වෙනවද? වහාම ඔවුන් සඳහා නීති පැනවිය යුතුයි. වේගය සීමාකළ යුතුයි.
දිනකට සිදුවෙන අනතුරුවලට රජය හෝ පොලිසියේ ගෙන ඇති ක්රියාමාර්ගයක් නැත. මෙවැනි දේවල් අවම කිරීමට... වසර 30ක කාලයක් තිබුණු යුද්ධය කාලසීමාවේවත් මෙවැනි බරපතල තුවල, අනතුරුවලින් මිනිසුන් මැරී නැහැ. තදබල නීති මගින් මෙවැනි අනතුරු පහත දැමිය හැක. නමුත් මේ පගාව ගන්න සහ සේවකයන් නැහැ කියන පොලිසියක් තිබෙනතුරු ඉදිරියට වෙන්නෙත් මේ දේම මිස වෙනසක් නොවේ.