පෞද්ගලික බසයක් හැපීමෙන් කඩුගන්නාව ඓතිහාසික අම්බලමට හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. බ්‍රිතාන්‍යයන් උඩරට මාර්ගය ඉදිකළ මුල් කාලයේ සාදන ලද මේ අම්බලම 2009 වර්ෂයේ දී අලුත්වැඩියා කෙරිණි. පොලිසිය පවසන්නේ අනතුර සිදුකළ රියදුරු අත්අඩංගුවට ගත් බවයි. රියදුරාට නින්දයාම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි ද පොලිසිය සැකකරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නින්ද යන රියදුරන්ද බස් එළවන්නේ. (නදී)
මම හිතන්නේ බස් එක එලවපු කෙනා විවේකයක් ගන්න යන්න හිතන්න ඇති. (නදී)
උෟට නින්ද ගියද ? නිදා ගන්න ඕන උනාද ? (නදී)
මෙවැනි පුරා විද්‍යා වටිනා කමක් ඇති ස්ථාන ආරක්ෂා කරගත යුතුයි. බස් රියදුරු ගේ වියදමින් නැවත එය අලුත් වැඩියා කළ යුතුයි. (නදී)
ඔය බස් එකට ගිහින් හප්පන්න වෙන දෙයක් තිබුනේම නැද්ද? අපරාදේ අම්බලම! (නි)
මේක කැඩුණු එක හොඳයි. දැන් කොහොමහරි අලුත්වැඩියා කරයි නොවැ.නැත්නම් කාටවත් අම්බලම අලුත්වැඩියා කිරීමට අවශ්‍යතාවයක් ඇතිවන්නේ නැහැ. (නි)
හොද වෙලාවට අම්බලම පැත්තට බස් එක ගියේ. අනික් පැත්තට ගියානම් බස් එක තවම පෙරලෙනවා.(හේ)
සුසන්ත, ඔබ හරි.(හේ)
අලාබය ඇස්තමේන්තු කරලා, මුදල් හොයලා, ටෙන්ඩර් කැඳවලා,අනුමත කරලා වැඩේට බහින කොට අම්බලම දිරාපත්වෙලා ඉවරයි.(නදී)