මහින්ද රාජපක්ෂ හිටපු ජනපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස පත් කරන්නැයි බල කෙරෙන රත්නපුර රැලියට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීන් 40 දෙනකු සහ බස්නාහිර පළාත් පාළනය ආයතන නියෝජිතයන් 150ක් සමඟ සහභාගී වන බව බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියයි.
විදේශගතව සිටින තමා ඊට සහභාගී වීම සඳහා අද (25) මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණෙන බවත් මහඇමැතිවරයා පවසයි.
හෘද සාක්ෂියක් ඇති සියලු දෙනාට රත්නපුරට යෑමට එන ලෙස ආරාධනා කරන බවත්, මේ රටේ ජනතාව ඊළඟ මහ මැතිවරණයේ දී ශ්‍රීලනිපයේ වීයරන් හා ද්‍රෝහියන් කවුදැයි ලෝකයටම පෙන්වනු ඇති බවත් රණතුංග මහතා සිය ෆේස්බුක් පිටුවේ විශේෂ පණිවුඩයක් සටහන් කරමින් කියයි.
‘ඇතැමුන් දැන් මා ලදබොලඳ සටහන් මුහුණුපොතේ සටහන් කර ඇති බවට පර විය හැකිය. සමහරුන් (සිය නව ප්‍රකාශක රාජ්‍ය ඇමැති තනතුරු රැක ගැනීම සඳහා) මා කාඩ්බෝඩ් වීරයකු ලෙස ප්‍රකාශ නිකුත් කරනු ඇත. ‘ යනුවෙන් ද ඔහු සඳහන් කර තිබේ.
පොලොන්නරු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, උතුරු මැද හිටපු මහ ඇමැති සහ උතුරු මැද ප්‍රවාහන ඇමැති එස් එම් රංජිත් මහතා ඇතුළු 17 දෙනෙකු ද එම රැලියට සහභාගී වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමු ඇමතිතුමා, හොට ඇණගෙන ම මුල්ලකට වෙලා හිටිය හැක. (බ)
අනුරට උණ හැදිලා විකාරෙන් කියවනවා. කට තිත්ත ඒකයි. අපටනම් යමපාලන ආණ්ඩුවේ මඩ කෙළිය දැකල දැකලා හොඳටම කලකිරිලයි ඉන්නේ. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් තිබුණු බව එය සිදුකළ උදවියම ඔවුන්ගේ මාධ්‍ය වලින් එළිපිට කියද්දී අපේ අම්බරුවෝ ඒවා බොරුය කියනවා. තමන්වම රවටාගැනීමෙන් ඇති පලය මොකක්ද? (බ)
ජන හදේ ජනපති තුමනි, 58 ලක්ශේ දැන්නම් 65 පහුවෙලා. ලක්ෂ ගණනින් මිනිපුරයට රොක් වෙන්න. රටට අදෙරේ කරන මිනිසුනි රට ගැන හිතමු, බඩ පස්සට තියමු. (ස)
ප්‍රසන්න මහත්තයා හදනේ මහින්ද රාජපක්ෂට තව පරාජයක් අත්කර දෙන්න . අනාත පිලේ ඉන්න පිරිද ගෙදරම යවන්න. එකත් හොද වැඩක්. මොකද ජනතාවට දැන් විජාතික කුමන්ත්‍රණ, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ අහල තිත්ත වෙලා තියෙන්නේ. (ත)
අනුර ' එහෙනම් දැන් විජාතික හෝ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ නැහැ? (ස)
ජයවේවා! (නි)
එයා එන්නේ "පුංචි මන්ත්‍රීලා පිරිවරාගෙනලු" නේද? හැබැයි ඔය පුංචි මන්ත්‍රීලා කියලා එන අය ගැනත් අපි හොඳට දන්නවා (නි)
ජනතාවගේ කාලේ කනවා. පැරදුම බාරගන්න තියෙන අකමැත්ත මේකෙන්ම පේනවා. මේ හැමොමම දඟලන්නේ රටට ආදරේට නෙවෙයි තමන්ගේ අදායම වැඩිකරගන්න. ජනතාව බිල්ලට දීලා පටු දේසපාලන වාසි ගන්න. රට හදන්න නම් මහන්සිවෙලා වැඩකරන්න ඕන. දේසපාලුවන්ගේ පස්සේ ගිහින් වැඩක් නැහැ. (ස)
ඔය කවුරු ගියත් මම නම් කියන්නේ මහින්දට දිනන්න බැහැ (නි)
යන ඔක්කොම කාගෙවත් පිහිටක් නැතුව දිනන්න බැරි පිරිසක් බව මගේ මතයයි. (නි)
වාර ගණනක් පැරදි පැරදි හිටපු රටට කිසිම දෙයක් නොකළ අයට ජනතා කැමැත්ත නැතුව ලොකු ලොකු තනතුරු දරන්න පුලුවන් නම්, රටට සේවයක් කළ එක්වරක් පැරදුනු මහින්ද මහත්තයා ආවහම මොකද? (නි)
මොනවා නැතත් ප්‍රසන්න මහත්තයා කොන්ද කෙළින් තියාගෙන වැඩකරන කෙනෙක් (නි)