කේ සී ලෝගේෂ්වරන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස ද හේමකුමාර නානයක්කාර දකුණු ආණ්ඩුකාරවරයා ලෙස ද හා අමරා පියසීලී රත්නායක වයඹ ආණ්ඩුකාරවරිය ලෙස ද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටිති.
කේ සී ලෝගේෂ්වරන් හිටපු තානාතිවරයෙකි.ඔහු මුදල් අමාත්‍යංශයේ හිටපු උපදේශකවරයෙකි.බොහෝ අත්දැකීම් ඇති රාජ්‍ය සේවකයෙකි.මංගල සමරවීර මහතා තැපැල් හා විදුලි සන්දේශ ඇමැති සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයටද පත් කරනු ලැබීය.ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා වුයේද ලෝගේෂ්වරන් මහතාය.
අමරා පියසීලී රත්නායක එක්සත් ජාතික පක්ෂයේ හිටපු කාන්තා කටයුතු ඇමැතිවරයෙකි. වාරියපොලින් පාර්මේන්තුවට තේරී පත් වුවාය.ඇගේ සැමියා ඝාතනයට ලක් කිරීමෙන් පසු ඇය දේශපාලනයට පිවිසියාය.
හේමකුමාර නානයක්කාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා ඇමැතිවරයෙකි .අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ රිච්මන්ඩ් විදුහලේය.මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතාගේ සහෝදරයෙකි.අත්දැකීම් බහුල කෘෂිකාර්මිකයෙකි.පේරාදෙණිය විශ්ව විද්‍යාලයයෙන් ඔහුට කෘෂිකර්මය පිළිබඳ ආචාර්ය උපාධියක්ද පිළිගැන්වීය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මුලින්ම පාර්ලිමේනතුවට පිවිසියේ 2004 දීය. ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකි. පසුව එම තනතුරින් ඉවත් වී එජාපයට එක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොගේෂ්වරන් මහතා හොඳ කීර්තිමත් පුද්ගලයෙක්. මෙය හොඳ පත්වීමක්. හොඳ උගත් කඩිසර අයට තැන දීලා වගකීම පවරා දුන්නා නම් , අවසානයේ හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. (නි)
හොඳයි. අපි සතුටුයි (නි)
හේම කුමාර නානායක්කාර උන්නැහේ රාජපක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත් වුනේ අසනීප තත්වයන්ට ප්‍රථිකාර ගැනීමට. ඒත් රාජපක්‍ෂ ජනාධිපතිතුමා උන්නැහේට දුන්න ජනාධිපති උපදේශක තනතුරක් සියළු වරප්‍රසාද සමග. එපා නොකියා උන්නැහෙත් ඒක බාරගත්තා ලැබෙන දේවල් දැක්කම. ඒ වගේ උපදේශකයින්ගෙ උපදෙස් නිසා තමයි රාජපක්‍ෂ ජනපතිට මෙම ඉරණම අත් වුනේ. දැන් සිරිසේන ජනපතිතුමා උන්නැහේට සැලකිල්ලක් දක්වනවා. එතුමට වෙන දේ අපට දැන්ම කියන්න බැහැ. (නදී)
මට නම් මේ ගැන කිසිම සතුටක් නැහැ (නි)
අලවි මව්ලානා මැතිතුමා මේ සියල්ලන්ටම නොදෙවෙනි කෙනෙක්. ජාතික සමගියත් එතුමා යටතේ සිදුවුණා. ඇයි එතුමාව බස්නාහිරින් අයින් කළේ. (නදී)
මේ පත්වීම් දීල තියෙන්නේ සුදුසු අයටද? සෝභිත හාමුදුරුවෝ කියල තියෙනවා හිටපු අය නුසුදුසු අය කියලා. සුදුසු අයම පත් කරන්න ඕනෙලු. අමරා මැතිනියගේ සුදුසුකම් මොනවද? හේමකුමාර නානායක්කාරට පළමු උපාධියක් නැද්ද? යු.ඇන්.පී අය වැඩිය පත් කරන්නේ ඇයි දන්නේ නෑ. (නදී)
සිතුම් කලබල වෙන්න එපා. මේවා මෛත්‍රී, චන්ද්‍රිකා රනිල් මංගල ගේම්. දැන්නේ ගිව්සුම් එලි බහින්නේ. (නදී)
අපගේ ගරු ජනාධිපතිතුමා පත්වූයේ බහුතර යූ න් පී ඡන්ද නිසාය. එතුමාට විරුද්ධව ඡන්දය දුන්, පරාජයේ වේදනාව දරාගත නොහැකිව කපන්න බැරි අත සිඹින්න උත්සාහ කරන සහ දැන් නිකන් එතුමා දිනූ පසු පිදුරු ගහේ එල්ලෙන්න හදන අය එම ප්‍රශ්න අසන්නේ කුමන පදනමක සිටද යන්න පිළිබඳව බලගතු ප්‍රශ්නයක් මතුවේ. (නි)
රාජා,දිගටම එකම අයෙක් අග්‍රාණ්ඩුකාර තනතුරේ තියන්න ඕනෑ නැහැ. සුදුසු අයෙක් පත්කිරීමේ බලය ජනපතිතුමා සතුයි. පසුගිය කාලයේ පත්කිරීම් පිළිබඳ කවුරුවත් විමසුවේ නැහැ නේද? (නි)
හේම කුමාර මගේ මිත්‍රයා මුලින්ම පාර්ලිමේන්තුවට ගියේ 2001 දී එක්සත් ජාතික පක්ෂය හරහා (නදී)
හේම කුමාර 1988 පාර්ලිමන්ට් ආවේ පොඩ්ඩක් හොයල බලන්න. (නදී)
සිතුම්, බන්දුල පෙරේරා ඔබතුමා ඒ ගැන කරදර වෙන්න එපා. (නදී)
සිතුම්, පසුගිය කාලේ නුසුදුසු අයත් මේ වගේ තනතුරු වලට පත්වුණා. කවුරුවත් මොකුත් කිව්වේ නැහැ. ආණ්ඩුකාර පදවියට පාට බලන්න ඕනෑ නැහැ. (නි)
සිතුම්,ආණ්ඩුකාරවරු පත්කරන්නේ ජනාධිපතිවරයාගේ කැමැත්තට අනුව වන අතර මෙපමණ කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ අය වන අතර දැන් එසේ නොවන පුද්ගලයන් පත් කිරීම සාධාරණ වන අතර ඒ සදහා සුදුසුකම් දක්වා නැත.පසුගිය වසර 10 ක කාලයක් රාජ්‍ය මාධ්‍ය බලයේ සිටි ආණ්ඩුවේ හොරනැවක් ලෙස කටයුතු කල බව ඔබ දන්නේ නැද්ද,දැන් එම මාධ්‍යය වඩාත් මධ්‍යස්ත භාවයකින් කටයුතු කරනු අයුරු ඔබට නොපෙනීම ඔබගේ දේශපාලන අන්ධ භාවය නිසා ඇතිවූ අඩුපාඩුවක් ලෙස මම දකිමි. (අ)
කල්හාරි පසුගිය රජයේ සමහරු වගේ අට පමණක් පාස් කට්ටිය මම දන්නා තරමින් මෙතන නැහැ. (නදී)
කිසිම ප්‍රතිපත්තියක් නෑ අපි දන්න විදියට මෙයාගේ (දිල්)
මම දන්නේ නැති නිසි අහන්නේ. මේ තියෙන්නේ ජාතික රජයක්ද? එතකොට හැම තැනටම යු.එන්.පී අය පත්වෙන්නේ කොහොමද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට ආණ්ඩුවේ මාධ්‍ය දිගට හරහට ගහන්නේ නැද්ද? දැන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අතරමන් වෙලා. මෙහෙම ගියොත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ පක්ෂය ගැන තිබෙන විශ්වාසය බින්දුවටම වැටේවි. දැන් ඒක වෙමින් තියෙනවා. මේක අපේ නිමල් සිරිපාල මහත්තයලට පේන්නේ නැද්ද? හරියට බැසිල් රාජපක්ෂ පරණ ආණ්ඩුව කන බව මහින්ද මහත්තයාට පෙනුනේ නෑ වගේ. හැබැයි බුද්ධිමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මේක කලින්ම දැක්කා. (නදී) වෙමින් යනබව නිමල් සිරිපාල