හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණිදා විකෘති කළ ජාතික කොඩියක් පෙන්වීමට විරෝධය පළ කිරීම සඳහා බස්නාහිර පළාත් සභාවේදී යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය ගත් උත්සාහය අද (28) පරාජය විය.
ඉන්පසු සභාවේ කලබල ඇතිවිය. මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා හෙළ උරුම මන්ත්‍රීවරු ඇතුළු පිරිස් ජාතික කොඩි රැගෙන සභාවේ එසවූහ. සභාව මිනිත්තු 10 කට නැවතිණි. අවසානයේ න්‍යාය පත්‍රයේ කටයුතු කිරීමට නොහැකිවීමෙන් රැස්වීම පසුවට කල් තැබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරි,ජාතික කොඩිය එක එක මෝඩයට ඕන විදියට වෙනස් කරන්න බැහැ.(බ)
සිරි මහත්මය- ජාතික කොඩිය පරණ අලුත් කියලා දෙකක් වෙන්න බැහැ. ජාතීන් කිහිපයක් නියෝජනය කරන මේ රටේ එකම එක ධජයයි, එකමරටක්....... එකම ධජයක්.......(බ)
මෙතන පැවැත්වුයේ විරෝධතාවයක් මිස ජාතික කොඩි වැනීමේ හෝ එසවීමේ තරඟයක් නොවේ. හිටපු ආරක්ෂක ලේකම්තුමා එදා සිංහයෙකු ලෙස වැජඹුනු නිසාත්,මෙම පිරිස එතුමාට සිංහයෙකු ලෙස සළකන නිසාත් සිංහ කොඩියක් වැනුවා විය නොහැකිද? එමෙන්ම ලංකාවට නිදහස ලැබීමේදී එසවුයේද මෙවැනි කොඩියකි. තනි සිංහ කොඩි වැනීම හෝ එසවීම තහනම් කර තිබේද? (නි)
නීතිය කඩකරන හරි පුද්ගලයාව සොයාගෙන ඔහුට විරුද්දව කටයුතු කරගන්න ශක්තියක් නොමැතිව කරන විකාරයක මහත.. (බ)
චන්න, ෆස්රුල්, එහෙම වෙන්නේ අපි මේ අරන් යන්නේ ජාතික කොඩිය, මේක තමයි අපේ ජාතික කොඩිය කියාගෙන ගියොත්. එහෙම දෙයක් වෙලා නැහැනේ මෙතන. අනික මම කලිනුත් කිව්වත් වගේ, එහෙමනම් නීතිය කොඩිය ගීතය දෙකටම එක වෙන්න ඕන. ඇයි දෙකක්? එකයි මම කියන්නේ. 1948 තිබ්බ කියල ජාතික ගීය තවත් භාෂාවකින් කියන්න පුලුවන්නම් (1972 ව්‍යවස්ථාවට විරුද්ධව), 1948 තිබුන කොඩිය ගෙනිච්චම මොකද! (බ)
චන්න සහ ෆාස්රුල්, සිරි කියන කතාව ඇත්ත. අප අපේ වත්මන් ව්‍යවස්ථාවට අනුව ජාතික කොඩිය සේ සැළකෙන තීරු සහිත සිංහ කොඩියට ගරුකළ යුතු වුවත් එය අපගේ පුරාණ සිංහලේ සිංහ කොඩිය එනම් ගැමුණු රජ දවස සිට එන සැබෑ ඓතිහාසික ජාතික කොඩිය වෙනස් කිරීමෙන් නිර්මාණය කර ගත්තකි. (නි)
ජාතික ගීය නිල වශයෙන්ම වෙනස් භාෂාවකින් ගයද්දී හොඳයි (ව්‍යවස්ථාවට පවා විරුද්ධව). ජාතික නොවන රැලියකදී පරණ ජාතික කොඩිය අරන් ගියාම ඇඟ කසනවා. විකෘතියක් වෙන්නේ දැන් තියන කොඩිය වෙනස් කරානම්, එහෙම දෙයක් වෙලත් නෑ. වෙලා තියෙන්නේ පරණ ජාතික කොඩිය අරන් ගිය එක, ඉතින් මොකද? (බ)
මේ අය ආ දවසේ සිට කරන්නේ නඩුදාන එකනේ. වෙන කරන්න වැඩක් නැහැනේ. මට හිතාගන්න බැහැ ඉස්සරහට මොනවා වේවිද කියලා. (නි)