(නාලක සංජීව දහනායක / මුදිතා දයානන්ද)
බස්නාහිර පළාත් සභාවේ සභානායක හා ආණ්ඩු පක්ෂ සංවිධායක ධූර දරණ මන්ත්‍රීවරු එම ධූරවලින් ඉවත් කළ බව මහඇමති ඉසුර දේවප්‍රිය මහතා අද (13) ලංකාදීපයට පැවසීය.
මහ ඇමැතිවරයා මේ බව පැවසුයේ ආණ්ඩු පක්ෂ සංවිධායක ධූරය වෙනස් කර තිබේදැයි ලංකාදීපය කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
මහඇමතිවරයා මෙම තීන්දුව සභාපති සුනිල් විජේරත්න මහතා වෙත ඊයේ ලිඛිතව දැනුම් දී ඇත.
ආණ්ඩු පක්ෂ සංවිධායක මෙතෙක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ගුණසිරි ජයනාත් මහතා දැරූ අතර සභානායක ධූරය එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සුනිල් ජයමිනි මහතා දරුවේය.
එම ධුරයන් ඕනම වෙලාවක වෙනස් කිරිමේ හැකියාවක් පවතින බවත් ඒ අනුව මෙම වෙනස්කම සිදුකළ අතර එම තිරණය ගැනීමට බලපෑ විශේෂ හේතුවක් නැති බවත් මහඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයනාත් මහතා පැවසුයේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරිම තමන් තනතුරුවලින් ඉවත් කිරිමට හේතු වී ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂ හේතුවක් නෑ.. ඒත් 20ට බෑ කියනවනේ නේද?
නරක් වෙලා පනින්න ඔන්න මෙන්න තියෙන දත් එකින් එක ගලවන්න පටන් අරගෙන වගේ....
මහා ඇමති තුමෝ, ඔබ ඔබලාගේ යෝජනාවලට විරුද්ධ අයව {පට්ටම් ගලවමින්} අයින් කරනවා. හැබැයි මේ යන විදියට ගියොත් ඉදිරි ඡන්දෙකදී ඔබගේ පට්ටම ගලවනවා සිකුරුයි.