බස්නාහිර පළාත් සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ආණ්ඩු පක්ෂය හා එක්වෙතියි පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි.
විපක්ෂය එසේ පළාත් සභා බලය වෙනස් කළ හොත් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවද එසේ නොවුනහොත් විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා මහත්වරු මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්විය යුතු බව ඔහු කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී අද (5) පැවැති මාධ්‍ය හමුවේදී මහ ඇමැති එසේ කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා ප්‍රසන්න මහත්තය. ඔයා රට ට වැඩක් කරයි කියල හිතෙනවා. (දී)
නව වෙනිදට කොයි පැත්තට යන්න වෙයිද දන්නේ නෑ. වටපිට බලල කට කරන්න. (නදී)
මේකට තමයි කියන්නේ ලැජ්ජ නැති කම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියලා (දිල්)
මේ පක්ෂ වලට විපක්ෂ මන්ත්‍රීවරු නැතුවම බැරිද? (නි)
දැන් එතකොට එතුමාද මිනිස්සු අස්වෙන්න ඕනෑද නැද්ද කියලා තීරණය කරන්නේ? (නි)
විමල් මහත්තයාගේ මුහුණේ සතුටක සේයාවක්වත් නැහැ වගේනේ. (නි)
තව දවස් කීපයයිනේ උදම් අනන්න තියෙන්නේ. ඒ නිසා කමක් නැහැ. (නි)
ප්‍රසන්න මහත්තයා 9 වෙනිදායින් පස්සේ මොනවගේ දෙයක්ද දන්නෙ නැහැ කරන්න හිතාගෙන ඉන්නේ? (නි)
වැඩිපුරම කට්ටිය ඉල්ලලා අස්වෙන රටවල් වලින් පළමුවෙනි තැන. අස්වෙන කෙනාටම තමා පාඩුව. මහජන මුදල් ඉතුරු වෙයි.(ම)
මේ ඔක්කම නව වැනිදා උදේ බලා ගන්න පුළුවන් (දිල්)
අර සර්පයා පෙන්නලා, පොල්ල දීලා, සිල්ගන්න උපාසක මහත්හොරු ගැන යමක් කියන්න බැරිද? (නි)
ජනවාරි අට වෙනිදට පස්සෙ වෙන්නෙ මොකද කියල හිතුවොත් හොඳයි. ජනතාවට ඕනවෙලා තියෙන්නේ පළාත් සභා පෙරළන්න නෙවෙයි. (ස)
දහයක් යනකොට එකෙක් ඇවිත් උඩ පනිනවා. මාර සතුටක්නේ. (නදී)
අර යෝජනා වලට මොකද වුණේ? ඒ ගැන මුකුත් නොකියන්නේ ඇයි? (නි)
නිදහස් පක්ෂය වෙනුවෙන් කතා කරන්න අද ඉතුරුවෙලා ඉන්නේ ටිකදෙනයි (නි)
මේවා දැකපු සනා -උඩ පැන පැන සිනා ... (නි)
බලමුකෝ කියන විදියටම වෙයිද කියලා.(හේ)