IMG-LOGO

බස්නාහිර පළාතේ මාළු අළෙවිය ධීවර සංස්ථාවෙන්

 

(ජයන්ත සමරකෝන්)

නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන බස්නාහිර පළාත තුළ බෙදාහැරීම සඳහා මාළු කිලෝ ලක්‍ෂ එකහමාරක් පමණ ධීවර වරායන් තුනකින් මිලදීගෙන ජංගම රථ මගින් බෙදාහරින බව ලංකා ධීවර සංස්ථාව පවසයි.

‘කොවිඞ් 19’ වසංගත තත්ත්වයත් සමඟම ධීවර වරායන් තුළ අළෙවිකිරීමට නොහැකිව මෙම මාළු තොග ගොඩගැසී තිබූ බවද ලංකා ධීවර සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ ක්‍රිෂාන්ත රත්නවීර මහතා ‘ලංකාදීප’යට අද (06) පැවසීය.

ජංගම රථ 12 ක් මගින් බස්නාහිර පළාතේ කොළඹට ජංගම රථ 4 ක් ද, ගම්පහට ජංගම රථ 8 ක් ද, යොදාවා ඇතැයි ද ඒ මහතා කීය.

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල ධීවර සංස්ථා අළෙවිසල් විවෘත කොට ඇතැයි ද, පාරිභෝගික ජනතාවගේ මාළු අවශ්‍යතාව එම ස්ථානවලින් ඉටුකරගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට මිලදීගත් මාළු තොග කිලෝ 120,000 ක් පමණ බෙදාහැර ඇතත් අවශ්‍ය තරම් මාළු තොග ලැබී නැතැයි ද ඒ මහතා කීය.

 

 
 



අදහස් (1)

බස්නාහිර පළාතේ මාළු අළෙවිය ධීවර සංස්ථාවෙන්

lalithM Friday, 06 November 2020 08:14 PM

අපි තවම දැක්කේ නැහැ ගම්පහ පැත්තේ මේ විදිහට මාළු අලෙවි කරන රථයක්වත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 13 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 661 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site