
(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 ක සියලුම පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි අද (8) රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තෙක් පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා නිවේදනය කළේය.
මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර), කොළඹ (දකුණ) සහ කොළඹ (මධ්‍යම) යන කොට්ඨාසවලට පොලිස් ඇඳිරි නීතිය පැනවූ බවත් එම පොලිස් බලප්‍රදේශවල සියලුම පුද්ගලයන් තමන්ගේ නිවාසවල රැදීසිටියුතු අතරම පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා බාධා කිරීමත් ලෙස සළකා තදින් නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස්පතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ.
පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බලප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් බවත් ඒ සඳහා වෙනත් විකල්ප මාර්ග භාවිතා කළ යුතු බවත් පොලිස්පතිවරයා එම නිවේදනයෙන් වැඩි දුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
637
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්නාහිර පොලිස් කොට්ඨාස 7 කට ඇඳිරි නීතිය පනවයි
Appuhami Friday, 08 July 2022 08:30 PM
ගෝඨාභය කියන්නේ නායකයෙක් නෙවෙයි... බියගුල්ලෙක්...!
පොලු-සීයා Friday, 08 July 2022 09:32 PM
හිරේ ඉන්න උන්දැලාත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන එකේ හිරුණිකා ඔය නීතිය සොච්චමකටවත් ගනන් නොගනී...! මෙදාපාර පොලිස් ඇඳුමක්ම ඇඳගෙන බාධක අයින් කරගෙනම යන්න ඕනෑ තැන යයි..! මොනවද ඔට්ටු...?
නිස්සන්ක Friday, 08 July 2022 09:45 PM
බියගුලු, නිවට තීරණයක්...
Rohana Friday, 08 July 2022 11:10 PM
නීතියේ පොලිස් ඇඳිරි නීතිය කියා දෙයක් නැතිබව නීතිඥවරු කියති. ඇරත් මාධ්‍ය නිවේදනයකින් ඇඳිරි නීතිය පැනවිය නොහැකිලු...!
Bamunuarachchi Saturday, 09 July 2022 07:40 AM
පොලිස් නීතිය නොවෙයි, පාරට බැස්සොත් වෙඩි තියන යුද්ධ නීතිය පනවන්න...!