බස්නාහිර පළාත් සභාවට ගම්පහ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා දුන් අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් නාමයෝජනා දීමෙන් පසු පෙළපාළි යෑම ඡන්ද නීති උල්ලංඝනය කිරීමක් බව එක්සත් ජාතික පක්ෂය කියයි.
ඡන්ද නීති ක්‍රියාත්මක වනුයේ නාමයෝජනා බාරදෙන අවසන් දිනයෙන් පසුව මිස ඊට පෙර නොවන බවත්, එජාපය නීතිය නොදැන එලෙස කියන බවත් හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි.
අද පැවැත්වීමට නියමිතව තිබූ පෙළපාළි රැසක් පොලිසියේ නියමයෙන් නවත්වා තිබුණු අතර අතුරු පාරවල් කිහිපයක වාහන පෙළපාළිය ගිය බව ප්‍රදේශවාසීහු කියති.
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ප්‍රධාන පක්ෂ හතරම නාම යෝජනා බාර දුන්යේ බදාදා (07)ය.
නාමයෝජනා බාර දීමට ආ සන්ධානයේ අපේක්ෂකයන් කිහිපදෙනකුගේ වාහන ගම්පහ ප්‍රසිද්ධ පාසලක පිට්ටනියේ නැවැත්වීම නිසා ඉගෙනීමට බාධා වූ බව පාසල් ආරංචි කියයි. එම අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් පාසල් වේලාවේ පාසල් පිට්ටනියේ ට්‍රේල් බයික් වලින් ‘වැඩ දැමූ‘ බවත්, රතිඤ්ඤා පත්තු කළ බවත් පාසල් සිසිහු ද, ගුරුවරු ද කියති.
නාමයෝජනා බාර දීමේ අවසන් දිනය වන අද ගම්පහ පාසල් 13ක් වසා තැබීම හෙළා දකින බව ලංකා ගුරු සංගමය කියයි.
දින 210ක් පාසල් පැවැත්විය යුතු බවත්, මැතිවරණ දිනයට පෙර දින ඇතැම් පාසල් නිවාඩු දෙන බවත්, එලෙස තිබියදී නාමයෝජනා බාර දෙන දිනවල ද පාසල් නිවාඩු දීම දරුවන්ට කරන අසාධාරණයක් බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
කොළඹ හා කළුතරද පෙළපාළි දැකගත හැකි විය.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)
(ඡායාරූප සිරි මහබෙල්ලන)
(ඡායාරූප ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)
(වීඩියෝ ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ නීතියක් නැහැ ,ලොකයා කියන එක හරි (දී)
මේවා බලපුවහම මටනම් හිතෙන්නේ ලංකාවේ පොලිස් නිලදාරීන්ගේ කොන්ද දේශපාලකයන් විසින් පන නැති කර ඇති බවයි.(නදී)
ලංකාවේ දේශපාලුවන් පාසැල් ගිහින් නැහැ වගේ.(නදී)
නාම යෝජනා බාරදී පෙළපාළි ගිය එජාප සංවිධායකයන් දෙදෙනකුගේ වාහන 10ක් පමණ කළුතර පොලිසියට රැගෙන ඒමත් සමග පාක්ෂිකයෝ 300ක් 400ක් පමණ පොලිසිය අසලට එක් රැස්වී සිටිතියි පොලිසිය පවසයි. මෙම නිතිය පෙර මුනට බලපාන්නේ නැද්ද? (නදී)
නීති කඩ කරන්න මේකේ නීතියක් තියෙනවද? (නදී)
මේ පින්තූර ටිකෙන්ම පේනවා ලංකාවෙ අයගේ තත්වය. මේ මිනිස්සුන්ට වෙන රස්සාවක් නැද්ද, පාරවල් ගානෙ කැගගහ රස්තියාදු වෙනවට වඩා? (නදී)
මේ අය කොහොමද රටත් ජාතියත් රකින්නේ.(නදී)
කඩන්න දෙන්න ඒපා (දී)
අම්මපා මේ මුන් සේරටම පිස්සුද මන්දා.(නදී)
මහර පැත්තේ එක්කෙනෙක් වාහන පනහකින් සෙනග අරන් එන්න හිටිය කියල ආරංචි තියනවා. ඒ අයව නම් ඉතින් ගෙදර යවන එක ඒ පළාතේ මිනිස්සුම තමා බලාගන්න ඕනා.(නදී)
අපේ රටේ නීතිය කියන්නේ විහිළුවක්ද ?(නදී)
කොහොම උනත් ලංකාවේ තවම අසික්කිත දේශපාලන රටාව තව කොයි කාලයකට පවතීද දන්නේ නැහැ. ගහ මරාගෙන මේ වගේ රටට සේවය කරන්න දගලන මිනිසුන් ඉන්න රටක් ලෝකයේ කොහෙවත් නැතුව ඇති. ඒ තරම් ජනතාවට ආදරය කරන දේශපාලකයන් රෑනක් අපිට ඉන්නේ. (නදී)
අද දහවල 12 ට පමණ කිරුලපොනදී පොලිසිය මාර්ග සංඥා හසුරවමින් පෙළපාලියකට මග සපයනලදී .(නදී)
තව ටික කාලයක් තියනවා පෙරමුණටත් බල පාන්න ගමගේ. එකොට අපි මේ විදියටම ලියමු යු.එන්.පී එකට ඔය නීති බලපාන්නේ නැද්ද කියා. සතුටු වෙන්න. (නදී)
පෙරුමාල් ඔබ හරි මේක තිරිසන් දෙශපාලනය.(නදී)
ලකාවේ මිනිස්සු මොන වගේද කියලා මට හිතා ගන්න බෑ. කරේ තියාගෙන ගිහින් ලොකු පුටුවල තියල ගොන් වැඩ කරනවා කියල කෑගහනවා ඡන්දෙන් පස්සේ. (නදී)
මේ රටේ අහිංසක ඡන්ද දායකයාව ගොනාට අන්දවන ඇතැම් දේශපාලකයන්ගේ මොළවල් රුධිර කාන්ධුකරණයකට (ඩයලයිසිස්) ලක් කිරීමේ ක්‍රම වේධයක් සොයා ගැනීමට මේ රටේ වෛද්‍ය ප්‍රජාවට ඉක්මනින්ම හැකි වේවා!(නදී)
කිරිපිටි නම් මිල වැඩි වුනාට කමක් නැහැ... පුන්නක්කු මිල නම් අඩු කරන එක හොඳයි වගේ. රට යන අත පේනවා.(අ)
පළවෙනි ඡායාරූපයේ නිල් පට ඇදගෙන ඉස්සරහයින්ම එන ඇතාගේ මුණ දෙක්කහම හිත ගන්න පුළුවන් මේ අයව කොහෙන්ද හොයාගෙන තියෙන්නේ කියල (අ)