(අකිල බද්දෙවිතාන)
ශ්‍රී ලංකාවේ පළමු ස්මාර්ට් බස් නැවතුම්පොළ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණි. කොළඹ නගර ශාලාව අසල (ටවුන් හෝල්) 138 බස් මාර්ගය ආවරණය වන නැවතුම්පොළට අනුබද්ධව මෙම බස්නැවතුම ඉදිකර ඇත.
මෙම බස් නැවතුම්පොළට පැමිණෙන මගීන්ට නොමිලේ වයිෆයි තාක්ෂණය භාවිත කළ හැකි අතර ස්මාර්ට් අලෙවි යන්ත්‍රයක් මගින් නොමිලේ ශීත කළ බීම වර්ග ලබාගැනීමට ද හැකියාව ලැබේ. ඒ සඳහා ජංගම දුරකථනයෙන් කෙටි පණිවිඩයක් යවා ලැබෙන කේත අංකය භාවිත කළ හැකිය.
මගීන්ට තම ජංගම දුරකථන ආරෝපණය කර ගැනීමේ අවස්ථාව ද මෙම බස් නැවතුම්පොළේ දී හිමිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මිනිස්සු දන්නවා මේවා අසාර්ථක බව ....නිකන් අපේ සල්ලි නාස්ති නොකර ඉන්න ඇමතිතුමා.... අනික කොළඹ උන් විතරද මේ රටේ බදු ගෙවන්නේ ? හැම මගුලම කොළඹට දෙන්නේ ?
වයිෆයි/දුරකථන ආරෝපණ පහසුකම් වරදක් නැහැ. කොළඹ පටන් අරන් සාර්ථක නම් අනිත් පළාත් වලටත් ගෙනයන්න පුළුවන්. කොළඹ (ටවුන්හෝල්) පටන් ගැනීමේ අරමුණ පැහැදිලියි. ඔය කියන පහසුකම් භාවිතා (80%වත්) කරන පරිසරයක ආරම්භ කළයුතුයි. එහි වරදක් නැහැ. නොමිලේ සිසිල් බීම දීම නම් කිසිම ප්‍රායෝගික දෙයක් බව පෙනෙනේ නැහැ. මුදල් ගෙවා සිසිල්බීම ලබාගැනීමේ යන්ත්‍රයක් සවිකලානම් ප්‍රායෝගික බවක් තිබුණා. අඩුම තරමේ එවන් යන්ත්‍ර රටපුරා ව්‍යාප්ත කිරිමේ පෙරහුරුවක් ලෙස. සැමදේම වයිෆයි වගේ නිකම් දෙන්න බැහැනේ.
අපිට දැන් ඒ අතින් නම් රට සුඛිත මුදිත වෙලා අහවරයි...වයිෆයි, හයිෆයි, ස්මාර්ට් බස් හෝල්ට්,...හැබැයි දුප්පත් අපිට කට බඩ පිරෙන්න කෑමක් කාපු කාලයක් නම් මතක නැහැ...
සුරිය වැව මේක හැදුවනම් කොහොමද?
ආදර්ශයක් ඇතිකල යුත්තේ ඉදිරියට එය ක්‍රියාත්මක කල හැකිනම් පමණයි. අත්හදා බලන්න අවශ්‍ය දෙයක් නෙවෙි මෙික. දියුණු මෙන්ම දියුණු වෙමින් පවතින රටවල මෙි දේවල් තියනවා. ඒත් කිසිදෙයක් නොමිලේ අපේක්ෂා කරන්න බෑ. අන්තවාදී නොවී රටට අවශ්‍යම දේ ව්තරක් කරලා රටෙි මුදල් ආරක්ෂා කරලා රට සංවර්ධනය කරන්න බලන එක තමයි දේශපාලකයින්ගේ කාර්යය භාරය විය යුත්තේ.
අපේ රටේ මිනිසුන්ට තාම පොදු දේපලක් ආරක්ෂා කරන්න තරම් රට ගැන හැගීමක් නැහැ. පිට රටවලට ගියාහම නම් අගේට හැසිරෙනවා
මිනිස්සුන්ට අඩු වෙලා තිබුනේ ඔච්චරයි
අපේ එවුන් කෙරුවොත් කරන්නේ තමන්ගේ ලොකුකම් පෙන්වන බක පණ්ඩිතකම් පෙන්වන, උන්ටත් පලක් නැති, රටටත් වැඩක් නැති, මේ වගේ ගොන් වැඩම තමයි.
නොමිලේ සිසිල් බීම දීමනම් කිසිසේත්ම කෙරෙන දෙයක් නෙවෙයි.... ඔය හැමදාම කරන්න පුළුවන් දෙයක්ද..බොරුව නොකර කරන්න පුළුවන් දෙයක් අත්හදා බලන්න ඕනේ.....
පාරක්වත් නැති ගම් තාමත් ලංකාවේ තියෙනවා . ඒ අයට පාරවල් හදල දෙමුද ? පාලම් නැතිව ලණුවල යන, ඒදන්ඩේ යන, වැල් පාලම වල යන ගම් පවා තාමත් තියන රටක් මේක . කොලඹ පාසල් ගිය අයට මේවා තේරෙන්නේ නැහැ .
ටිකට් එකක් දෙන්නේ නැති ඉතුරු සල්ලි දෙන්නේ නැති. වෙලාවට යන්නේ නැති. පොල්පටෝන ගානට මගීන් ගෙනියන. බ්‍රේක්වත් හරියට නැති බස් දුවන රටේ ස්මාර්ට් බස් නැවතුම්. කලොත් කරන්නේ රටේ මුදල් කාබාසිනියා කරන වැඩ.
අපේ රටේ බල්ලෝ වර්ගයක් ඉන්නවා. ඇත්ත ඇහෙද්දී, බුරලා අනිත් අයව හපා කන්න හිතන?? අන්න ඒ බලු ගතිය නැති උන දාට උන්ට පුළුවන් මනුෂ්‍යයෝ වගේ හිතලා මනුෂ්‍ය සමාජයට යහපතක් වෙන විදිහේ ක්‍රියාවන් කරලා යහපත් පුරවැසියෝ වගේ ජීවත් වෙන්න.
ඒවා විතරයි ලංකාවට දැන් අඩු. අපේ සල්ලි විනාශ කරන්න දාන උප්පරවැටි අහලම මේ දේසපාලක හැතිකරේ එපා වෙලා.