පාවිච්චි කළ යන්ත්‍ර බව හඟවා රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් වටිනා මොන්ටේරෝ ජිප් රියක්, මිනි කූපර් හා ටොයොටා කාරයක් ඇතුළු වාහන තුනක් හොරෙන් ගෙන්වූ බව කියන තිහගොඩ ව්‍යාපාරිකයකුට රේගුව රුපියල් හය කෝටි තිස් දෙලක්ෂයක දඩ නියම කළේය.
කන්ටේනරයේ තිබූ වාහන අමතර කොටස් ද වාහනද රාජසන්තක කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා කියයි.
බස්නායක නිළමේවරයකු බව කියාගත් මේ පුද්ගලයා රේගුවට කළ ප්‍රකාශයක් අනුව කන්ටේනරය තිහගොඩට රැගෙන යාමට ඉඩදුන් බවත් රේගු පරීක්ෂණය එහිදී කළ බවත් වාර්තා වේ. එම දඩය ගෙවීමට අපොහොසත්වූ ව්‍යාපාරිකයා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
වරායට එන සියලු කන්ටේනර ස්කෑන් පරීක්ෂණයට ලක්කිරීමේ පහසුකම් ඇතත් මෙම කන්ටේනරය ස්කෑන් කර නැතැයි ද දේශපාලන බලපෑමක් ඊට හේතුව වන්නට ඇතැයි ද රේගු වෘත්තීය සමිති කිහිපයක් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස්නායක නිළමේවරයකු බව රේගුවට ප්‍රකාශ කළාම එයාට, පඬුරු පෙට්ටියට කාසි වැටෙනවා වගේ, ෂේප්වෙලා යන්න පුළුවන් වෙයි කියා හිතන්න ඇති. කොහොම වුණත් "කන්ටේනර ස්කෑන් පරීක්ෂණයට ලක්කිරීමේ පහසුකම්" මඟහැර පෙට්ටිය එළියට දැමු අයත් අල්ලා එළියට දමන්න (නි)
ගේ පිටිපස්සේ හදාගත් දේවාලයක නිළමේ කෙනෙක්වද්ද? නැත්නම් ඉතින් අපි නොදන්නා බස්නායක නිළමේවරු ඉන්නවායැ? (නි)
බස්නායක නිළමේවරයකු බව කියාගත් මේ පුද්ගලයා..... අපේ සංඝයා වහන්සේලා මේ වෙනුවෙන් පෙනී සිටින්නේ නැද්ද? (නි)
අපිත් මේ අයට වැඳ වැටෙනවා, ගරුකරනවා. බලය අරගෙන හොරකම් කරනවා. අනේ දෙවියනේ, ඔබ කොහේද? (නි)
දෙවියන්ටත් බොරු කරන මිනිස්සු! (නි)
බස්නායකළා, දියවඩන නිළමේලා ගැන අපිට නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ (නි)
අපේ රට දියුණුවෙන්න ඕනෑනම් රේගුව සුද්ද කරන්න ඕනෑ. (නි)
බලාගෙන යනකොට මෙයාලා දෙවියන්වත් රවටනවනේ (නි)
දෙවියන් ගෙන් අවසර අරගෙනද දන්නේ නැහැ බස්නායක නිලමේ හොරකම කරන්න හැදුවේ. (හේ)
වැටත් නියරත් ගොයම් කයි නම්..! කාට කියන්නද ..?(හේ)
දේවාලවල බස්නායකලා මේ දේවල් නිසා සමාජයේ පිළිකුලට ලක්වෙනවා (නි)
දේශපාලන බල පෑම කරන්න ඇත්තේ එයාගේ දේවාලේ වැඩ ඉන්න දෙවියන්ටත් වඩා ඉහල කෙනෙක් වෙන්න ඕන. එයා කවුද කියලා සඳහනක්වත් නැත්තේ ඒ හින්ද වෙන්න ඇති. .හැබැටම කවුද ඒ මහා දෙවියා? (හේ)
පාවිච්චි කළ යන්ත්‍ර අනිවාර්යෙන් ස්කෑන් කළ යුතුයි. මෙම බහලුම ඉන් නිදහස් කළ රේගු නිලදාරින්ට නිසි දඩුවම් දෙන්න.මෙය අල්ලස් හා දුෂණ කොමිසමට යොමු කරන්න.(හේ)
රේගු නිලධාරීන් විහිළුකාරයෝ වෙලා වගෙයි මෙතනදී. වහාම ඔවුන්ට විරුද්ධව පියවර ගතයුතු වෙනවා (නි)