(කේ.ඩී දේවප්‍රිය)
රුහුණු කතරගම මහ දේවාලයේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියට විරෝධය පළකරමින් කතරගම ප්‍රදේශවාසීහූ පිරිසක් අද (26) එම දේවාලයේ බස්නායක නිළමේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් කළහ.
පසුගිය 22 වැනි දා කතරගම මහ දේවාලයේ යතුරු බලහත්කාරයෙන් රැගෙන නිළමේ වලව්වෙහි තබාගෙන සිටි අතර එදින අලුයම පූජාව නොපැත්වූ බවත් එලෙස බාධාකිරීම නිළමේවරයාට කිසිසේත් නොවටිනා කාර්යයක් බවත් ඔවුහු කීහ.
විරෝධතාකරුවෝ බස්නායක නිළමේ වරයා ඉවත් කරන්නැයි දෙවියන්ගෙන් ඉල්ලමින් දේවාලය ඉදිරිපිට පොල් ගසා කන්නලව්වක්ද කළහ.
බස්නායක නිළමේවරයකුගේ ධූරයට නුසුදුසු අන්දමින් හැසිරෙන මොහු ඉවත් කළ යුතු බව විරෝධතාකරුවෝ පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොටම ඉස්සෙල්ලා ඔය කියන දෙවියා ඔතනින් ඉවත්කළ යුතුයි. රටේ සම්පත් හූරාකන සියලු දේශපාලකයන් ඔතනට එද්දී කිසිම දඬුවමක් නොකර බලාගෙන ඉන්න කෙනෙක්...
දැන් ඉන්න බස්නායකලා හිටපු කට්ටියට වඩා වැඩියෙන් ඉන්නවා හොඳේ.. එමනිසා ඔය ටික දෙනෙක් පාරට බැස්සට පොල් ගහුවට කිසිම දෙයක් වෙන්නේ නැහැ...
එතකොට දැන් දෙවියන්ට විතරද මෙයාව අයින් කරන්න පුළුවන් වෙන්නේ... ?
නිලමේ අයින් වුණේ නැත්නම් දෙවියෝ ඔයාලගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා කියලා හිතාගන්න.
තාමත් ලංකාවේ ඉන්න සමහර මිනිස්සු දෙවියන්ට කියනවා හැමදේම... එ්ත් දෙවියන් මොනවා කරන්නද? අපේ අයගේ මෝඩකමට කතරගම දෙවියෝ ඉන්න විදියක් නැහැ... කරන ජරා වැඩවල හැටියට...
මෝඩ කමට බෙහෙත් නැතෝ.....
දෙවියන්ට ඔය වැඩේ කරන්න අමාරුයි. ඔක්කොම එකතුවෙලා දේවාලේ වර්ජනය කළා නම් ඔය ප්‍රශ්න ඉබේටම විසඳෙනවා..
ඔතන ඉන්න දෙවියෝ ඉවත් කරන්න ඕනෑ නැ. මැටියෙන් නේ ඔය දෙවියො හදලා තියෙන්නේ. කන ඇහෙන්නේ නෑ. ඇස් පේන්නේ නෑ. ගඳ සුවඳ දැනෙන්නේ නෑ. ඉතින් මොකද... අනේ මෙහෙමත් අනුවණ මිනිස්සු..
දේවාලේ පඬුරු නැතිව පුජා වට්ටි තිරෙන් එහාට ගන්න, තීරණයක් ගත්තොත්, ඔය කියන අය සියල්ලම මහා විෂ්ම කර්ම තියෙනවයි කියන දේවාලේ දාලා පස්ස නොබලා දුවනවා.
කපුවෝ කපෝති... මේ වගේ අම්බරුවෝ.. අපි වගේ බූරුවෝ ඉන්නකම් කිව්වලු ....
දෙවියන් පය නොතබන තැන මෝඩයෝ පිනුම් ගසති කියල කියනවනේ...
මහින්ද ගමගේ මහතාගේ කියමන හරියටම හරි. තමාගේ දේවාලයේ සේවකයින්ගේ සමගියවත්, එතන පවත්වන උද්ඝෝෂණ වනුවෙන් වත්, තම බලය පෙන්වන්න තරම් වත් බලයක් නැති ඔය දෙවියන්ව වඳින පුදන මිථ්‍යා දෘෂ්ටිකයන්ට මෙම දේව මායාව, මුලාව දැන්වත් වැටහේවා.
ලංකාවේ රජයක් තියෙනවද කියලා හිතෙනවා...
දේවාලයේ දෙවියන්ට දෙන පළතුරු ටික රෝහල් වල ඉන්න රෝගීන්ට දුන්නොත් ඊට වඩා පින් සිද්ධ වෙනවා දෙවියෝ දේවාලය ඉන්නවා නම් ලංකාවට මෙහෙම වෙයි ද