(චමිල් රූපසිංහ/ ඩබ්ලිව්.අසේල)
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හා තලාතුඔය පොලීසියේ නිලධාරින් එක්ව සිදු කළ වැටලීමකදී මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර මහතාගේ නිවසේ තිබී ඇත් දළ ජෝඩුවක් සොයා ගෙන තිබේ.
නිවසේ ඇත්දල ජෝඩු තුනක් තිබී ඇති අතර මින් ඇත්දළ ජෝඩු දෙකකට බලපත්ර තිබී ඇත. එක් ඇත්දළ ජෝඩුවකට බලපත්ර තිබී නැත.
ඒ අනුව එම ඇත්දළ ජෝඩුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා රඳවා ගෙන බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර මහතා වනජීවී ඇප මත නිදහස් කර තිබේ. ඔහු ඉදිරි දිනකදි මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නිළමෙලා කියන තනතුරු නෙතිකර දමා දායක සභාවක් මගින් කටයුතු පවත්වා ගෙන යා යුතුයි.ඔවුන් හරියට රේගු නිලධාරීන් වගෙයි ...ඔවුන්. එම තනතුරු මුවාවෙන් දුෂණයන් වල යෙදෙනවා ..
ආ එහෙනම් මිනිහට ගජනායක නිලමේ තනතුර දුන්නනම් හරි
නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හමුරදුරුවන්ගෙ
ඔය බලපත්ර නැති ඇත් දල 2 පස්ගම නාථ දේවාලයෙන් හොරකම් කරපු ඒවා වෙන්න ඇති.
මේ බස්නායක නිලමේගේ පරම්පරාව අතීතයේ ඉඳන්ම පොහොසත් මිනිස්සු. මෙයා පොඩිළමයෙක් කාලෙත් මේගොල්ලන්ට ඇත්තු හිටියා.බලපත්රයක් නැති ඇත්දල පැරණි ඒවා වෙන්න ඇති. මේ කට්ටිය අලුත් පෝසත්තු නෙමෙයි.
සමහර ඇත්තු පන්සල් දේවාල ගාව පැටවූ අතරමං කරලා යනවා කාට හරි අහුල ගන්න කියල. මේ දළ දෙකත් දානපති ඇතෙක් දාල යන්න ඇති.
දැල ගේ ගෙදරත් බලන්න ?
මෙයා එකාබද්ධෙට සම්බන්ධ කෙනෙක්ද? එහෙම නම් ඉතින් අමාරුවේ තමයි.
ඔය තනතුරු නාමයම රජ කාලේ සිටම වංචා දුෂණ අකටයුතුකම් අපරාධ වලට ප්රවනතාවයක් තිබෙන තනතුරක් ,
සියම්බලන්ගමුවේ මහා ඇතාගේ දල දෙක කව්රු ගාවද තියෙන්නේ.
ඉක්මන් විය යුතු නැහැ. මේවා ඇත් දල නොවිය හැකියි. DNA ටෙස්ට් එකක් කරලා බලමු. සමහර විට මේවා බස්නායක නිලමේගේ ඔරිජිනල් පරපුරේ කෙනෙකුගේ දත් දෙකක් වෙන්න පුළුවනි!